නුඹේ අළුත් කමිසය මදින
ගැලවී ආවේ බොත්තම අකුරු බොඳවුන
මතකයක් නැත දිනකුදු කී වග නුඹ ලෙඩින
අටකට නැමී හැංගිලා පොකට්ටුවෙ හිඳින
තුණ්ඩුව කියයි පෙත්ත සිව් වසරක් ගිලින
ලොක්කා නුඹයි හැමදා මුදුන් ලීයට උරදුන
ලැබුනද නිදහස දුව පැන ඇවිදින
කොටුවනා මායිම් වැට හරියට තනමින
රැක්කා දිය යුතු ඔවදන පළමුව යහමින
රැක්කා දිය යුතු ඔවදන පළමුව යහමින
කුප්පි ලාම්පු එළියෙන් දුටුවේ දුර ඈත
ජයගෙන පැන වටකර මිටියාවත් ගෙන මෑත
තඩි රූස්ස ගස් පරයා නගින්නට පෑ දෑත
වැටෙන හැම වරෙක ලංවූයේ ඈතත් කර මෑත
බිඟුවෙකි පියාපත් නැතත් දැනුමට ඇදුන
කඩියෙකි දෙපයට වෙහෙසක් නොදැනුන
කුඹලෙකි මැටි බිදුගෙන පවුරුන් මැවුන
කූරෙකි පොඩි සමුදුර ජයගෙන ඈතක් ඉඟිලුන
හිසට නිවහනක් ඇති කර දුන්
නැතුවා අඩුවක් හැම සරි කර දුන්
නුඹට උරුම දුක් අපට නො දුන්
ඉහළට යන්න මඟ පාදා දුන්
කිම කලේ නුඹ නුඹව කොන්
මග පෙන්වූ වන ට පින් දෙන නුඹ
මග ඇසිරු වන ට මෙත් කල නුඹ
වාරු නැති උන ට අත දෙන නුඹ
සිත නැති ද සිතන්න ට ගැන නුඹ
අඳුරට එළිය දෙමින් වෙහෙසුන
මහ බල උස ප්‍රදීපාගාර කුළුන
එක්ටැම් ගෙයක් ලෙසින
තනිකලේ කවුරු ද මහ රජුන
කිම වෙහෙසන්නෙද වියපත් තටුන
මිදියන් සැරිසරන්නට ගස් මල් පිරි උයන
පිඹිඳෙන් ලොක්කයියේ බේරාගෙන
මහත් සිත නුඹ උගස් කල
වසර ගනනාවක් මැදපෙරදිග දේශවල රැකියාව කරමින් ඉන්න මට නොයෙක් පුද්ගලයින් හමුවී ඇත. තම පවුල්ව බර කරපිට පටවාගෙන තම යව්වනය උගසට තබා මේ කර්කෂ පරිසරය සමඟ ඔට්ටු අල්ලන ඔවුන් අයියලා, අක්කලා, නංගිලා හෝ මල්ලිලා කියා වෙනසක් නැත. උත්සාහයෙන් ජීවිත සටන තරණය කර පවුල් නවුකාව එතර කරන්න සටන් වදින ඔවුන් සැබෑ විරයන්ය. එහෙත් ඒ වන විට ඔවුන්ගේ ජීවිත හෙම්බත්වී අසරණ වෙලා...
එවන් සොයුරන්, සොයුරියන් ගැන විමසන නිර්මාණ කිරීමට ම සිත බලපෑම් කරද කතාවස්තුව හා ඔවුන්ගේ අනන්‍යතවය තුළනය කරගෙන එවැන්නක් කිරීමෙ අභියෝගය සුළු පටු නොවේ.
ලොක්කයියේ නිර්මාණය එවන් යෝධ චරිතයක් ඇති සරළ මිනිසෙකු වටා ගෙතුන සත්‍ය කථාවකි. මාස ගනනාවකට පෙර පටන් ගත් මෙ නිර්මාණයේ කටයුතු විවිධ හේතූන් නිසා පමාවට බඳුන් විය. එහෙත්, චේජනා නංගී පියගුණ විදහා පාන පදවැලක් (මෙතැනින් බලන්න) ගෙනෙමින් කල ආයාචනය "පෙම් කවි ලියනා කිවිවරුනේ සුපසන්... සොයුරු පෙම ගැන නව කව් ගී පවසන්" ලොක්කයියේ නිර්මාණයට නැවත ප්‍රමුඛත්වයක් දෙන්න හේතු විය.
මෙ පිදුම සෙනෙහසින් සෙනෙහස අකුරු කරන චේජනා නංගීට.
ෂහ්. උපරිමයි.
ReplyDeleteඒ හැර වෙනත් වචන එන්නේ නැහැ මට මේ නිර්මාණය දැනුන හැටි ගැන කියන්න.
නියමයි..!
ReplyDeleteඅර රේවන් කිව්ව වගේ කවිය නම් උපරිමයි..ඊට වඩා දෙයක් කිව්වොත් කවියේ තියෙන උතුම් බවට හානී වේයි කියලා හිතුනා අයියේ...
ReplyDeleteI like it very much Mchan
ReplyDeleteහිතවත් මලේ,
ReplyDeleteගොඩක් වෙලාවට මේ ඉසව්වට ඇවිල්ලා උඹගෙ කටු සටහන් අකුරු පේලි කියවලා හිත පටලවගෙනයි ආපහු යන්නේ...මොකද උඹගෙ නිර්මාණ රසවිඳින්න ටික වෙලාවක් මට අවශ්‍යය නිසා..ඒ උඹගෙ නිර්මාණ අසුන්දර නිසා නම් නෙවි..ඒ නිර්මාණ ජීවිතයේ අළුත් ඉසව්වක් හෙලිපෙහෙළි කරලා පෙන්වනවා...ඉතින් යමක් ලියන්නැයි කියල හිතාන ආයෙත් මේ ඉසව්වට ගාටන කොට උඹ තවත් දුර ගොහින් නොවෑ...(සමහරවිට මම ආපහු එනකොට දින දෙක තුනක් යනවා)ඉතින් මම පරක්කුයි නෙව...ඒත් "අයියා" ගැන ලියැවුනු සටහනට මොකුත් ලියා නොයන්නටම බැරි වුනා..
මටත් ඉන්නව බෝධි සත්ව අයියණිඩි කෙනෙක්..ලියනවනම්..මන් දන්නෑ මලේ..සතිය ගානෙම උන්දැට කතා කරනව...ඒත් දැන්ම ආයෙත් කතා කරන්න ඕනෑ..
හොඳ නිර්මාණයක් මලේ..ඒකනේ මාව ආයෙත් හැඟුම්බර කළේ..
මේ
සුලා...
මොනාද මේකට ලියන්නෙ කියල අය්යෙ මම ගොඩක් වෙලා කල්පනා කළේ..
ReplyDeleteමට නම් අක්කලවත් අය්යලවත් නෑ...එකම එක මල්ලි කෙනෙක් විතරයි මගේ කියල ඉන්නෙ..ඒත් මොන හේතුවකින් හරි අය්යල අක්කල ගොඩකගෙ ආදරේ මට ලැබිල තියෙනව ජීවිතේ හැමදාම, ඒ ඔක්කොම මගෙ යාළුවො..
ඒ හින්දම ඔයා අර දවසක් දීපු ලින්ක් එකේ ලොක්කයියගෙ ආදරේ වගෙම මේකත් මට හිතින් අතගාල විඳින්න විතරයි පුළුවන්..
තමන්ගෙ නොවන අය්ය කෙනෙක්ගෙන් අක්ක කෙනෙක්ගෙන් ලැබෙන සෝයුරු සෙනෙහස හිතින් අතගාල විඳීමත් හරිම සුන්දරයි..
හිතකට දැනෙන විදියට සෙනෙහස අකුරු කරන්න මට පුළුවන් වුනේ ඒ හිතින් අතගාල විඳින, අකුරුකළ සෙනෙහස ලබපු නිසාම වෙන්න ඇති..
ඒත් ඉතින් මේ ලොක්කයියත් මේ පොලවෙ ජීවත්වෙන නිසාම සොයුරු සෙනෙහස මොනතරම් නම් සොඳුරුද කියල මම ආයෙම විඳගත්ත..
ඒ වගෙම මට ලැබුන සොයුරු සෙනෙහස වෙනුවෙන් ඔයාල හැමදෙනාටම මම හුඟක් ආදරේ කරනව...මේ තරම් සුන්දරව ලියවුන පද පෙලක් සෙනෙහස අකුරු කරන්න උත්සාහ දරන චේජනා නංගිට පිදීම ගැන නම්...අහිංසක සතුටක් මට දැනෙනව....
සමාවෙන සේක්වා....මගේ ඉහත සඳහන් කළ කමෙන්ටුවේ "මලේ" කියන තැන් වලට "අයියණ්ඩියේ "කියලා ආදේශ වියයුතුයි..මේ අඩවියේ හිමිකරුවාගේ වත ගොත දැන්නේ කියෙව්වේ.......
ReplyDeleteමේ
සුලා...
ශහ් මේකනම් හැබෑම ලස්සන කවියක්...
ReplyDeleteකියන්න බැරි තරම්...
සහෝදරයෙක් මටත් කියලා හිතෙන තරම්....
හරිම සංවේදි කවිපෙලක්......හදවත මොහොතක්..නතර කරවන...
ReplyDeleteනියමයි......... උපරිමයි අයියේ....... මීට එහා තවත් වචන ඕනෙ නෑ මේ නිර්මාණය අගයන්න.....
ReplyDelete***** Excellent ******
ReplyDeleteමේ ගැන කමෙන්ට් කරන්න ගියොත් මේ නිර්මාණයට ඒකේ වටිනාකමට සමනලී අතින් වැරැද්දක් වෙයි කියලා හිතෙන තරමට මේ නිර්මාණය හරිම ඉස්තරම්..... අගයන්න වචන නෑ..... හිතේ අපූරු සිතුවමක් ඇදුනා කියවගෙන යද්දි....
ReplyDelete"ලොක්කා නුඹයි හැමදා මුදුන් ලීයට උරදුන"
ReplyDeleteඋපරිමයි අයියේ.. කියවපු හැම දෙනාම ගොළුවෙලා වගේ ඉන්නේ ඇයි කියල තේරෙනවද?
උපරිමයි.. නියමයි .. Excellent මීට වැඩිය වචනයක් හොයාගන්න හිතට එන්නෙ නෑ...
මැද පෙරදිග පමණක් නොවෙයි , ලංකාවෙදීත් ලෝකේ අනිත් හැම දේශයකම මේ වගේ උතුම් සහෝදරයින් තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් දහදිය කඳුළු හෙළනවා... ඒ හැමදෙනා වෙනුවෙන්ම නුඹේ ලෙංගතු හිතේ පිරුණු මානුෂීයත්වය කවියකට සිත්තම් කරලා හරිම අපූරුවට..
මම මේ දැන් හතර වෙනි පාරටත් කවිය කියෙව්වා , බොහොම පරිස්සමෙන් ආයෙත් !
-ජය
අනර්ඝයි නිර්මාණය! අගයන්න තවත් වචන නැත.
ReplyDeleteමට එක සැරේටම මතක් උනේ එඩ්වඩ් ජයකොඩියන්ගේ සහ වික්ටර් රත්නායකයන්ගෙ මෙන්න මේ ගීත දෙක.
"අකුරට යනවා අපි - අකුරට යනවා
ලොකු අයියණ්ඩිට - පිං සිදුවන්නට - අපි අකුරට යනවා
පිය සෙනෙහස අහිමිව ගිය දා සිට - පියෙකුගෙ බර දැරුවා
මේ දුක් ගින්දර තනිවම උහුලා - අප සුවපත් කෙරුවා
අකුරට යනවා...
ගිනි මද්දහනේ කළු ගල් කඩලා - කරගැට මතුවෙනවා
පිං සිදුවන්නට ලොකු අයියණ්ඩිට - අපි අකුරට යනවා
අකුරට යනවා...
රංමසු සුළියේ දැවටුනු මිනිසා - නොමිනිස් කමට වඳී
අයියණ්ඩියෙ ඔබෙ සොහොයුරු පෙම දැක - දෙවියොත් නමට වඳී
අකුරට යනවා..."
"අම්මා නැති මට, කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූයේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ
සියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ළිප ළඟ කඩයප්පං ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ
අම්මා නැති මට....
මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපුණේ
ඉහිලා බඳ වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුළේ
මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ
අම්මා නැති මට....//"
කොච්චර එයාල දුක් වින්දත් බාල නංගිල මල්ලිල දුක් විඳිනවට කොහොමවත් කැමති නෑ. පුදුම ආදරයක්! දෙමව්පියන්ට පමණක් දෙවෙනි වෙන.
රෝහණ වීරසිංහයන්ගෙ සහ සුනිල් එදිරිසිංහයන්ගෙ මේ ගීත දෙකෙන් කියවෙන්නෙත් ඒ ගැන.
"බැරි බර උහුලා දහදුක් විඳිනා
අයියණ්ඩිට උර දෙන්න ඔබේ
මැදුරේ මෙහෙයට නුඹ ගිය දා සිට
අම්මා හිතකින් නොවෙයි නඟේ//
බමරුන් මල් පැණි සොයා ඇදෙන මඟ
මලක් වගේ හිනැහෙන්න එපා
සුරලොව අසිරිය දෙනෙතට පෑවද
සිහිනෙන්වත් රැවටෙන්න එපා
බැරි බර උහුලා....
ගමෙන් අරං ගිය යොවුන් සිනා රැළි
හඬවා ගමටම ඇසෙන ලෙසින්
තරු එළියක් නැති ගෙපැල උඩින් හෙට
හඳක් වගේ යළි ගෙදර වරෙන්
බැරි බර උහුලා...."
"පින්නේ රැයේ ගඳ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද
අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි උනත්, දුක දුන්නේ නැහැ නුඹට
බැරි උනු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහදුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට!
ඉස්කෝලේ නොයා කැළයට පැන්නාට
තරවටු කළේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදා ගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට
නුඹ නැති දා ඉඳං අම්මා හැඬු කඳුළෙන්
ඔත්පල උනා අප්පච්චී සංකාවෙන්
ගේ, මළගෙයක් වාගේ අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිළී ඉන්නා තැනෙකින්//"
අගනා නිර්මාණයක් අයියේ... ඒ හැඟීම ඒ ආකාරයටම පද කරලා තියෙනවා.
ReplyDelete@Raven:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීමට, සටහන් කල වචන ටිකෙන් ඔබ අදහස් කල වචන ගොන්න කියැවේ.
@Ansh Lucky Sri Jay:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී නිර්මාණය ඇගයීම
@දිල්:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී නිර්මාණය ඇගයීම.
මගේ පලමු පද පේලිය (නිල් සයුර අප මිතුර)පල කරදා සිට සමීපතම පිරිසකගෙන් ලද දිරිගැන්වීම, වැරදි පෙන්වාදීම් මෙවන් නිර්මාණයක් එළිදැක්වීමට පිටුවහලක් වුණා. දිල් නංගී ඉන් කෙනෙක් - ස්තුතියි නංගී.
මෙ නිර්මාණය EKහිද පලකලා, එහි "පිදුම සෙනෙහසින් සෙනෙහස අකුරු කරන සොයුරු සොයුරියන් සැමට"
@Hakuna Matata:
ReplyDeleteThanks a lot
This comment has been removed by the author.
ReplyDelete@සුලා:
ReplyDeleteසොයුරේ සංවේදී සිතක් හැඟුම්බර කරාට සමාවන්. ඔබවන් රසිකයෙක් නිරතුරුව මෙ අඩවියට පියනගනවා යන්න දැනගැනීමත් ඉමහත් සතුටක්, ඔබේ සටහන සුවිශේෂයි සොයුරේ. එය බොහෝ දෑ සංයෝගය කල කැප්ස්‍යුලයකි; ලොකු අගයීමක්, දිරියක් දෙන - සහෘදයාණනී මගේ හෘදයාංගම තුතිය.
නුඹ සඳහන් කලාක් මෙන් පදගෙතීමේදී මහා පුරුෂ "අයියා" ගැන මට ගොඩාක් ලියවින, ඒ නිසාම කතුර පාවිච්චිය ද අසීරු කාර්‍යයක් වුනා.
පමා වුනත් කම් නැත ඉඩකඩ ලැබෙන ලෙස නිර්මාණයනට සටහන් තියන්න; මං ඒ හැම කියවනවා උනන්දුවෙන්.
ආමන්ත්‍රනය ප්‍රශ්ණයක් කර ගන්න එපා (තවම දඩබ්බරයි නේද?).
අහල පහල අපිටත් නොදැනීම හමන නුඹටද ජය සොයුරේ.
@තිස්ස දොඩන්ගොඩ:
ReplyDeleteබොහෝම ස්තුතියි සොයුරේ ඔබේ වදන් පෙලට, එය මහත් ශක්තියකි.
@ඉලංදාරියා:
ReplyDeleteමෙ අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු. බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් කල සටහනට.
@විශ්මි:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම.
@wath:
ReplyDeleteThanks a lot
@චේජනා:
ReplyDeleteසොරි නංගී, අනුපිලිවෙල වෙනස් වුනා..
නිර්මාණය පිදිය යුත්තාට පිදුවෙමි, එය මට මහත් සතුටක්.
මෙ නිර්මාණය පල කල දා කියවා ඇති වාර (views) ගනන හා ලැබුන ප්‍රතිචාර්‍යයන් ලොකු හයියක් ගෙනාවා. නිර්මාණය වෙනුවෙන් ගතකල කාලය හා මෙ මහා පුරුෂ "අයියා" ගැන ගොඩාක් ලියා කපාකොටා අඩුකරන්න ගත් උත්සාහය ගැන මට සෑහීමට පත් වෙන්න පුලුවනි. හැම දෙයටම වඩා පසුබිමට අදාල පිංතූරයක් සොයාගන්න දින ගනනාවක් වෙහෙසුනා, ම හිතට අල්ලන එකක් ලැබුනේ නැති කල යොදාගත් රූපය මා ම නිර්මාණය කලා.
නංගී සඳහන් කලාක් මෙන්, මටද අයියා හෝ අක්කා කෙනෙකු නැත. ඈතක සිටියත් ලඟින්ම ඉන්නා තරම් සමීප නංගියෙක් හා මල්ලිලා කීපදෙනෙක් ඉන්න පවුලක මා වැඩිමලා. ඒ නිසාම නිර්මාණය මට ලොකු අභියෝගයක් විය.
ඉතින්, මෙවන් නිර්මාණයකට මට අනුබල දුන් නංගියේ ඔබට නැවත තුතිය.
ඔබේ සටහනට හා ඇගයීමට බොහෝම ස්තුතියි.
මගේ කවි පලමුවෙන්ම පල කලේ elakiri.com හි, මෙ නිර්මාණය ද එහි පල කලා. එහි "පිදුම සෙනෙහසින් සෙනෙහස අකුරු කරන සොයුරු සොයුරියන් සැමට."
@punchisamanalee:
ReplyDeleteපදපෙල තුළින් කතානායක චරිතය මැවේ යන්න කියවන්නත් සතුටුයි.
බොහෝම ස්තුතියි නංගීයේ නිර්මාණය අගයමින් තැබූ සටහනට.
@යෝගී:
ReplyDeleteබොහෝම ස්තුතියි මලේ අගනා සටහනට හා නිර්මාණය ඇගයීමට.
කට්ටියගේ ප්‍රතිචාර්යයන් කියවා සියුම් සතුටක් වින්ඳත් ජීවමාන මෙවන් යෝධ චරිත දැක දැකත් මොනවා වත් කරන්න බැහැ නේද කියන එක හිතට දුකයි.
ඔබ සටහන් කර ලෙස මෙවන් උතුම් මිනිසුන් මැදපෙරදිග විතරක් නොව හැම තැනම ඉන්නවා. අපේ ජනප්‍රිය ක්‍රීඩකයෙකු ඉදිරියට ගේන්න ඔහුගේ උගත් අයියා ඉරිදා පොල වල වෙලඳාම් කරා. ඔහු අදාල ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් හිමි අප රටට මහත් සේවාක් කල ක්‍රීඩකයෙක්.
මේ නිර්මාණය කියවූ අයගේ ඇස් අග තෙත්කලා යන්න දුකක්, ඒත් කවුරුන් හෝ වෙනුවෙන් ජීවිත පුදා දුක් මහන්සි වෙන/වූ අය වෙනුවෙන් යමක් කරන්න මින් මතක් කරා නම් එය මෙහෙවරකි.
ප්‍රතිචාර්‍යයන් ද මාලයකට තරම් මුතුකැට මතු නොකලා ම නොවේ. මා සතුටු වෙනවා මෙවැන්නක් ඉදිරිපත් කරන්න හැකිවීම ගැන. ඒ ගැන මට මේ උතුම් භාෂා හැකියාව දුන් ගුරුවරුනට තවත් වරක් විශේෂයෙන් පින්දුන්නෙමි.
@freedom:
ReplyDeleteඅගේ ඇති ගීත හතරක්, මා ගොඩාක් කැමති ගීත මුතු මේවා .ලස්සනට ගලපා පැලන්දූ මල් මාලයක් තරම් අගේ... නිර්මාණය ඔපවත් කලා ඔබ.
බොහෝම ස්තුතියි නංගී ඔබෙ වටිනා ඇගයීම හා එකතුවට.
@මින්දද:
ReplyDeleteබොහෝම ස්තුතියි මලේ ඔබේ ඇගයීමට.
"ලොක්කා නුඹයි හැමදා මුදුන් ලීයට උරදුන"
මෙය මුදුන් ලීයට උරදෙන මහා යෝධ චරිත දරන හැම "ලොක්කාටම" උපහාරයක් සේ පුදමි මල්ලියේ.
පින්තුරෙ දැක්කම මට හිතුන අය්යෙ ඔයා පින්තූරෙ හදල කියල..
ReplyDeleteමොකද හොයල ගන්න පින්තූරෙක නැති අනන්‍යතාවයක් පින්තූරෙට තියෙන නිසා..
freedom ලියල දාපු සින්දු 4ත් හරිම ලස්සනයි..
ඇත්තටම මම නම් අහල තියෙන්නෙ එයින්
අම්ම නැති මට කියන සින්දුව විතරයි..
ඒත් අනිත්වයෙත් පද ලස්සන නිසා මට හිතෙනව ඒවත් ලස්ස්න ඇති කියල.
@චේජනා,
ReplyDeleteමම links දැම්මෙ නැත්තෙ ඒව අහල ඇති කියල හිතල. මෙන්න හතරම අහල බලන්න. කියවනවට වඩා සැරට හදවතට දැනෙනව අහනකොට...
http://www.infolanka.com/miyuru_gee/ss/s556.ram
http://www.infolanka.com/miyuru_gee/vv/v464.ram
http://www.infolanka.com/miyuru_gee/fff/f206.ram
http://www.infolanka.com/miyuru_gee/rrr/r254.ram
thanks nangi, I will listen the songs.. I m not so calm to listen them and write about them now..
ReplyDeleteAnyway thanks for your kindness... put the links here..
Chejana
@freedom:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී සින්දු ලින්ක්වලට.
මෙ කවි තම සොයුරු සොයුරියන් වෙනුවෙන් තම තරුණ්‍ය උගස් කරන සියළු සොයුරු සොයුරියන්ට උපහාරයක්... ස්තූතියි බෙදා හදා ගත්තට
ReplyDelete@nethu:
ReplyDeleteඑකඟයි ඔබේ අදහස සමඟ.
මෙ නිර්මාණය තුලින් බලාපොරොත්තු වූ මූලික දෙය තමා එවන් යෝධ චරිත ගැන සමාජය දැණුවත් කිරීම. අනෙක සාරධර්ම කාසියට ලන්සුවන කලෙක එවන් සොයුරු සොයුරියන් ගේ අගය මතුකරලීම.
බොහෝම ස්තුතියි ඔබේ ඇගයීම.
මේය අදයි මම කියවුයේ.මට මගේ නැතිවුන ලොකු අයියා මතක් උනා.අර්ථවත් පැදි පෙලක් අයියේ
ReplyDeleteඅද කතා කරපු ලොක්කයියත් මේ වගේ නේද?
ReplyDelete