Wednesday, January 26, 2011

අමුතුයි මෙ සීත දුරුත්ත


හැම තැනම පාට පාට
සුරංගනා කතා
දයාබර සිනා
අනේ වාසනා

අතු පැලේ දුප්පත් සියාතු
ජේන් නෝනලා බණ්ඩිපැටව්
බලන්න නෑ-ඈයෝ ඇවිල්ලා
අනේ වාසනා

පෝලිමේ ඉඳත් අපි
දකින්න පින් නැති
උතුමන් ගමට ඇවිල්ලා
අනේ වාසනා

දුක සැප කි මන්දා
විමසා දෑත් මුදුනේ රන්දා
වෙවුල වෙවුලා වැන්දා
අපේ කුක්කගේ හිසත් පිරිමැද්දා

සූකර උණ නිසා ද මන්දා
සීත දුරුත්ත අමුතුයි මෙදා
ඇයි ගැහෙන්නේ උන්දා
අනේ මන්දා

මෙය 2009 දෙසැම්බර් වලදී කල පදපෙලක්
පළමු පල කිරීම 29-12-2009

16 comments:

  1. මැතිවරණ සමයක ලියවෙච්චි එකක් වගේ. ලස්සන අදහස අයියේ...

    ReplyDelete
  2. හිහ්.......... මරු........... :D

    ReplyDelete
  3. පුහ්.! කුක්කගෙ ඔළුවත් අතගාල නෙව..මංනම් දෙනව මනාපයක්..

    මරේ මරු..

    සුලා..

    ReplyDelete
  4. හෙහෙ, පොලිටික්කො! කියලා වැඩක් නෑ. ලස්සන පදපෙළ.

    ReplyDelete
  5. හැමදාම එකම චක්‍රය.... තමා අතට තම අතමය සෙවනැල්ල.... තමා අතම වේ උන්ටත් නිවිනැල්ල...

    ReplyDelete
  6. බල්ලෝ ද කොල්ලෝ ද ඔය කලට එක සේය... ලස්සන වගේම හිතන්න දෙයක් තියන නිර්මානයක්

    ReplyDelete
  7. තව ටික දවසකින් ආපහු ඒවි... දුක සැප බලන්න

    ReplyDelete
  8. @හරී - පිණිපළස:
    ඔව් එය මැතිවරණ සමයක් විය. බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  9. @සෝරෝ:
    බොහෝම ස්තුතියි ඔබට.

    ReplyDelete
  10. @සුලා:
    මනාපයක් දෙන්න ඕනනේන්නම්, ස්තුතියි මලේ.

    ReplyDelete
  11. @නලිනි චන්දිමා:
    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  12. @දුමී:
    ඒක නම් ඇත්ත දුමී. බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  13. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
    හැම තැනම කටු විසිකරනවා නේ... ඉතිං එකයි.
    බොහෝම ස්තුතියි මල්ලී සටහනට.

    ReplyDelete
  14. @චේජනා:
    ඒකත් එහෙමයි, සෘතුවත් එක්ක මොනවා හරි සම්බන්ධයක් තියෙනවා.
    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  15. උන්දැලා නිතොර ගමට යන්නේ නැත්තේ ඉන්දන අරපරිස්සම් කරන්න නෙවැ.
    කොලොම්පුරේ ඉදගෙන මොනතරම් දේවල් කොරන එකක්යැ සියාතුලාගේ යහපත වෙනුවෙන්.
    එහෙව් එකෙ දොස් කියනෙක හරියැ...

    ReplyDelete
  16. @Ano:
    ඒකත් එහෙමද? ක්ෂමාකරත්වා!
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete