Saturday, January 8, 2011

ග්‍රහණය


හදේ ගිනි
නැග එන රශ්මිය
හඳේ නුඹට
සැඟවිය හැකි
නොවන බව ද
කියා ගියේ
නිමා කර ග්‍රහණය

පළමු පලකිරීම: 16-01-2010


සටහන:
2011 වසරේ පලමු අර්ධ සූර්ය ග්‍රහණය ජනවාරි 4 දා සිදුවිය. එය ශ්‍රී ලංකාවේ දැකගැනීමට නොහැකි වුවද යුරෝපය, මැදපෙරදිග හා ආසියාවේ පමණක් ප්‍රදේශවල දී මනාව දිස්විය.

2010 ජනවාරි 15දා පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවිය. එය ආසියාව පුරා මෙන්ම ලංකාවේ ද පැහැදිලිව දැකගත හැකිවිය. මෙය ඒ පූර්ණ සූර්ය ග්‍රහණය මුල් කරගෙන කල පදපෙලකි.

ඡායා රූපයෙන් දැක්වෙන්නේ 2010 ජනවාරි 15දා සිදුවූ පූර්ණ සූර්ය ග්‍රහණයේ අවස්ථාවක් ආසියාවේ දිස්වූ අයුරුය.

7 comments:

  1. මොහොතකට හරි
    පරදවා සැඩ හිරු
    දිනුවාය සඳවතී ~

    ReplyDelete
  2. කාලෙකට පස්සේ මේ පැත්තේ ගොඩවුනේ. කතාවකුත් තියෙනවා කියවන්න.

    බලවත් ලොකු දේවල් එක්ක හැප්පී මුවාකරන්න හදන කතාවක් ගැන මේ පොස්ට් එකෙන් කියවෙනවා කියලා හිතුනා.

    ReplyDelete
  3. @හරී - පිණිපළස:
    ඇත්ත සඳවතී මොහොතකට හරි දිණුවා. ජනවාරි 4දා සිදුවූ අර්ධ සූර්යග්‍රහණය වගේ 2011 වසර තුල තවත් අර්ධ සූර්ය ග්‍රහන තුනක් සිදුවෙන්න නියමිත බව ප්‍රකාශකර ඇත. තවද මේ වසරේ චන්ද්‍ර ග්‍රහණත් දෙකක් සිදුවෙන්න නියමිතයි.

    වැඩි විස්තර මෙතැනින්: http://eclipse.gsfc.nasa.gov/OH/OH2011.html

    ReplyDelete
  4. @නෙල්ලි:
    ඔබ දකින කෝණය තරමක් දුරට හරි. ප්‍රමාණයෙන් ලොකු, ශක්තියෙන් බලවත්, උණුසුමෙන් සැර දෙයක් වසන් කරන්න බැහැ. ඒත් ඒ සැර විහිදෙන මඟ අසුරන්න ගන්න අසාර්ථක උත්සාහයක් කියන්න පුලුවනි.

    කතාවත් හිමිහිට කියවලා බලන්නකෝ, ස්තුතියි සටහනට.

    ReplyDelete
  5. හඳ සෞම්‍ය, සිසිලස බෙදන, ආදී උපමාවනට යොදාගන්නා වස්තුවක්. හිතක නැගෙන ගිනි එතරම් සිසිලස යැයි කියන හඳෙන් වුනත් කවදා කොහොම සඟවන්න ද? ඒ සඟවන්න දරන උත්සාහයේ දී හදේ ගිනි රැස තවත් මනාවට/තීව්‍රව ඉමතුවීමක් නොවේ ද සිදුවන්නේ.

    2010 වසරේ ජනවාරි 15දා සිදුවූ පූර්ණ සූර්ය ග්‍රහණය දැක්වෙන ඡායා රූප එකතුවක් කලා, ඒ අවස්ථාවේ දී නිර්මාණයේ යොදාගත් ඡායා රූපය දැක්කාම ඇතිවූ අදහසයි පද පෙලට මුල් වූයේ.

    ReplyDelete
  6. ඇත්තටම අයියේ ඔයාගේ මේ නිර්මානයට ගොඩාක් කැමතියි.ඊටම ගැලපෙන පසුබ්ම.හදවතක තියෙන වේදනාව යටපත් කරන්න කොතරම් උත්සහ ගත්තත් වේලාවකට එය නැවත මතු ව් එනවා

    අයියට ජය

    ReplyDelete
  7. @නුවන් තිලංග:
    සුන්දර සොබාදහමේ පොඩි වෙනස්කමක් වුනත් අමුතුම චමත්කාරයක් ඇති කරනවා, බොහෝ විට ඒ වෙනස බොහෝ දේවල් අපිට කියා පාන්නේ හරිම සොඳුරු විදියට. මේ ඒ වගේ වෙනසක් ගැන හිතේ ඇතිවූ අදහස.

    බොහෝම ස්තුති මල්ලී සටහනට.

    ReplyDelete