Monday, April 26, 2010

හිම තරණය



අදින්නට එක සේ
කඩාගෙන යන්න බැරි සේ
බැඳලා එක රැල සේ
කරන තරණය සිත් සේ

පලමු පල කිරීම: 27-02-2010

13 comments:

  1. අය්යෙ, මේක කියෙව්ව ගමන් මට මතක් වුනේ ' වනපෙත අඬ ගසයි' කියල මම කියවපු පොත.. ඒකෙ original පොතේ නම නම් මට මතක් වෙන්නෙ නෑ..පොතේ තියෙන්නෙ ඔය හිම තරණය කරන කරත්තෙකට බැඳපු බල්ලෙක් හිතන හැටි..

    ReplyDelete
  2. මම හිතන්නේ මම මීට කලින් මේ නිර්මානයට මගේ අදහස් දන්නවලා තියෙනවා. මතකයි නේද mdee අයියට....?

    මම මේය දකින්නේ පවුල් සංස්ථාව තුල තිබෙන බැඳීම වගෙ....ඒත් අයියා මේ තුලින් හරියටම අදහස් කරලා තියෙන තේමාව මම පස්සෙ දැනගත්තා....

    ReplyDelete
  3. පොල් කෙන්දක් ඇඟිල්ලකින් උනත් කඩලා දාන්න පුළුවන් උනාට පොල් කෙදි එජතු කරලා හදන කඹයක් අලියෙකුට උනත් කඩලා දාන්න බැහැ...

    ReplyDelete
  4. උත්සහය...සහ...සමගිය...පොඩි වචන ටිකකින් අයිය ලොකු කතාවක් කියල....හැමදේම ජයගන්න හැටි!

    ReplyDelete
  5. නිර්මාණය අපූරුයි අයියේ.
    විවිධාර්ථ ගත හැකියි.

    ReplyDelete
  6. මෙ පුංචි පද පේලි‍ය ගොතන්න මුල්වූ පුවත මෙයයි:

    http://www.island.lk/2010/02/26/news1.html

    එහෙත්, ඉන් ඔබ්බට යමින් පදවැලට සමාජීය වශයෙන් වැදගත් විවිධ අර්ථකතනයන් ලැබුණා.

    ReplyDelete
  7. @චේජනා:
    ඇත්තෙන්ම මටත් හිතුනා ඒ සතා හිතන විදියට හිතා බලා පදවැලක් ලියන්න පුලුවන් නම් කියා...

    බොහෝම ස්තුතියි නංගී ඔබේ සටහනට

    ReplyDelete
  8. @දිල්:
    ඔව් නංගී මට හොඳට මතකයි එය මා ගොඩාක් ප්‍රියකර අර්ථ දැක්වීමක් විය. හේතුව පවුල් සංස්ථාව (an important element of social fabric) මුල්කර ගත් අර්ථ දැක්වීමක් වූ නිසා.

    අර්ථ දැක්වීමක් මෙසේ විය (එහි වැදගත්කම නිසාම නැවත මෙතැන ද සටහන් කරන්න සිතුනා):

    හරියට පවුලක් වගේ.....
    ජීවිත තරණයට...හැමෝම බැදීම වලින් බැදෙනවා.....අම්මා,තාත්තා, දරුවො....දරුවන්ගේ දරුවො.....රැහැන් පොට බැඳිම් වලින් තදවෙන්න තිබුනම හුගක් ශක්තිමත්...කාටවත් කඩාගෙන යන්න බෑ....තරණය නිමවෙන තෙක්ම........

    නැවතත් බොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීමට.

    ReplyDelete
  9. අයියා හැමදාමත් කෙටි පද පෙලකින් ලොකු කතාවක් සහ අර්තයක් ගෙනහැරපානවා...... අපූරුයි......

    ReplyDelete
  10. @මින්දද:
    මල්ලි ලස්සනට රැලේ බලේ විග්‍රහ කරලා

    ReplyDelete
  11. @කස්සා:
    මල්ලි බොහෝ වටිනා අර්ථකතනය දීලා තියෙන්නේ

    ReplyDelete
  12. @Raven:
    බොහෝම ස්තුතියි මල්ලි ඇගයීමට

    ReplyDelete
  13. @විශ්මි:
    බොහෝම ස්තුතියි නංගී ඇගයීමට හා සටහනට

    ReplyDelete