සැරසී පාටින්
නා නා විධි ඇඳුමින්
සිනා මවා පුම්බන්
රඟති මනරම් කෝලන්
රුදුරු සිව්පාවුන්
හා පැන්චන්
අහිංසක පිඹුරුන්
සීතල මුහුදු සිංහයන්
නියවන වඳුරුමොටන්
හීලෑ කර විදන්
අඟුටුමිට්ටන්
යෝධයන්
කෝටුකිතයියන්
රූබරියන්
සත් පුරුෂයන්
කවටයන්
ගාල්කර කූඩාරමන්
උසින් උසට පැද ඔන්චිල්ලා
පැන පැන යති අත් පා අල්ලා
පනිති රිංගා ගිනි වළල්ලා
කුරුමානමෙ රකිති තුලා'ල්ලා
විස්කම් පෑ රඟන්
මනදොල පිරු දනන්
අත්පුඩි තලයි තුටින්
බරපැන උනුන්ම දරන්
දසුන් අවසනා
කදමලු පුරවනා
යයි කරපින්නා
කූඩාරම් ගලවනා
සියුම් උපහාසයක්ද කැටිකොට සමාජයේ විවිධ තැන් අපට පෙන්වා දෙන ඔබගේ මේ ශෛලියට මම කැමතියි.
ReplyDeleteඔබට ජය.
උපහාසය නිර්මාණශීලියි ..... නියමයි....
ReplyDeleteඅගනා නිර්මානයක් .හොදයි.
ReplyDeleteලස්සනයි මිතුරා....
ReplyDelete@Raven: බොහෝම ස්තුතියි, ඒ අදහස මා ඉතා අගේ කරනවා
ReplyDelete@විශ්මි: බොහෝම ස්තුතියි, තුලනය රැකගන්න වෙරදරනවා
@රවා: බොහෝම ස්තුතියි යාලු
ඔබ සැම ලබාදෙන දිරිය ඉතා අගයමි, ශක්තියකි!
@NUWAN"s lane:
ReplyDeleteසොයුර සාඩම්බරයෙන් පිලිගනිමි, බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට
සියුම් උපහාසයක් කැටිකරගෙන කරපු අපූරු නිර්මාණයක් !
ReplyDelete@sansarasidu:
ReplyDeleteපුංචි කවුළුවක් විතරයි, දසුන් ගොඩායි දකින්න පුලුවන් නම්!
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.
ලස්සන අකුරු කිරීමක්...
ReplyDeleteමේකේ යථාර්තයකුත් තියෙන නිසා අලංකාරය වැඩියි
/බිඟුවා...!
හරිම අපූරුයි ඒ වගෙම කාලෝචිතයි . . .
ReplyDeleteවැඩේ කියන්නේ මේ සර්කස් පෙන්නන්න්ට හුරේ දාලා මදි වෙලා අපි අපේ අනාගතේ වසර 6කට මේ සර්කස් කාරයින්ට භාර කරන එකනේ මචන් . . .
@බිඟුවා...!
ReplyDeleteබොහෝම ස්තුතියි යාලු
@දුකා
ReplyDeleteකතාව ඇත්ත. බොහෝම ස්තුතියි නිර්මණය ඇගයීම.
උපහාසය යොදාගෙන තියෙන හැටි නම් උපරිමයි...
ReplyDelete-සොරා
@සෝරෝ
ReplyDeleteමෙ අඩවියට උණුසුම් පිලිගැනීම්!
බොහෝම ස්තුතියි වටිනා ඇගයීමට
කාලෝචිත ප්‍රයත්නයක්. අදමයි මෙහෙට ගොඩ උනේ... මෙවන් කාලෝචිත තවත් නිර්මාන දකින්න දිගටම ඉතින් මේ පැත්තට ගොඩ වෙනවා...ජය වේවා..රහට දැනෙන නිර්මාණයක්... දිගටම ලියන්න.....
ReplyDelete@ජීවිතේමල්
ReplyDeleteසොයුරිය ඉතා ගෞරවයෙන් පිලිගන්නවා!
බොහෝම ස්තුතියි දිරිමත් කරවන වදන් වලට හා නිර්මාණය ඇගයීමට
ජීවිතේ ඇත්ත අපූරුවට කියල තියෙනවා අයියේ, ලස්සනයි !
ReplyDeleteවචන ටිකකින් ගොඩක් දේවල් කියන ඩීන් අය්යාගේ මේ නිර්මාණයන්ට මම ගොඩක් කැමතියි . සේරම සර්කස් එකක් තමයි
ReplyDelete