නැතත් නොම්බර
ටික් ටික් ගා
දුවයි වේගයෙන්
විසිකර දෑත්
ලුහුබැඳ
දුන්නත් කෑ මොර
ඉඳ හිට
විඩාබර මෙයත්
දවසට දෙවරක්
ගනී මොහොතක
ටික් ටික් ගා
දුවයි වේගයෙන්
විසිකර දෑත්
ලුහුබැඳ
දුන්නත් කෑ මොර
ඉඳ හිට
විඩාබර මෙයත්
දවසට දෙවරක්
ගනී මොහොතක
විවේකයක්!
සටහන: තොරතෝංචියක් නැති වෙහෙසකාරි ගමනේ යෙදුනත් ඔරලෝසුවේ කටු දෙක 12හේ පැය පෙන්නුම් කරන දෙවරදී වත් මොහොතක විවේකයක් ගන්නවා එකතැනකට වෙලා. වරකදී ඒ මොහොත විනාඩියකට අඩු සුළු කාලයක් වුනත් සීරුවෙන්, නොවරදවාම ලබාගන්න දෙයක්. ඒත් එවන් පුංචි මොහොතක්වත් වෙන්කරන්න බැරි සේ අද සමාජය (අපි!) කාර්යබහුලයි නේද?
පලමු පලකිරීම: 16-02-2010
ඒක නම් ඇත්ත අයියෙ..... තමන් මනුස්සයෙක් නේද කියල හිතන්න තරම්වත් මිනිස්සුන්ට විවේකයක් නැහැ අදකාලෙ........
ReplyDeleteමේ ඇත්තටම මොකක්ද අයියේ අර ඊමේල් කතාව මට තේරුනේ නෑ... ඒක කිවුවෙ චේජනා අක්කටද ?
හරියට හරි
ReplyDeleteබොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.
ReplyDeleteඔබේ ඛව්වාලි සින්දුව රසවින්දා ගොඩාක්. තවත් ලස්සන හින්දි සින්දුවක විස්තර දන්වා Raven ට ඊ-මෙල් කරා. සමහරවිට දක්කේ නැතුව ඇති කියා සිතා ඒ පේලිය ලීවෙ. පුලුවන් වෙලාවට බලන්න.
ඔහ්........ හරි හරි අයියෙ දැන්නෙ තේරුනේ........ :) රේවන්ට බලන්න ඉඩක් ලැබුනෙ නෑ අයියෙ..... මටත් බැරි වුනා බලන්න........ හරි අයියේ මම බලන්නම්.....
ReplyDeleteගල් මල් අයියා... ඔරලොසුව,කාලය හරිම පුදුම දෙවල්, අපිව හැමදාම රවට්ටනවා.. පෙන්නන්නෙ 12 උඩදී පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා තමයි .. නමුත් මෙ දෙන්නා දවසකට 23 පාරක් එක් තැන් වෙලා පොඩි පොඩි විවෙක ගන්නවා.. එක අපිට දැනෙන්නෙවත් නැහැ නෙද..? නමුත් වැදගත් දෙ අපි මිනිස්සු.. අපිට අවශ්‍ය දෙ මොකද්ද එ දෙ අපිම හොයාගන්නවා.. කාලයට වුනත් බෙරුමක් නැහැ..
ReplyDeleteනිර්මාණය අගෙයි අයියේ.
ReplyDeleteඊ මේලය ලැබුණා. ටිකක් පමා වෙලයි දැක්කේ. ස්තූතියි අය්යෙ ඒ සුන්දර ගීතයට.
ඒක ඇත්ත තමයි. හැබැයි ඉතින් වුවමනාව තියනව නම් විවේකයක් සොයා ගන්න එක සුළු දෙයක්.
ReplyDeleteසමනලීගේ හිත ඇදි ගිය නිර්මාණයක්..... හරිම ලස්සනයි අයියේ...
ReplyDeleteඇත්ත තමයි.... අපි ස්වයංක්‍රීය රොබෝලා වගේ ඔහේ දුවනවා ජීවිතේ හීන හැබෑ කරගන්න....
අමුතු අදහසක්...හැබැයි කතාව ඇත්ත..අපූරු නිර්මාණයක්.
ReplyDeleteමටත් එකා පාරටම හිතා ගන්න බැරිව ගියා කොයි වෙලාවෙද ඔරලෝසුව නිවාඩු ගන්නේ කියලා . .
ReplyDeleteනියම අදහසක් මචං . .
කිසිම දවසක හිතට නො ආ අදහසක් අය්යෙ.. ඔරලෝසු කටු විවේක ගන්නව කියල දොලහට...මා........රයි..කවිය
ReplyDeleteඅපූරුයි අයියෙ...
ReplyDeleteඩීන් අයියා. දෙවැනි ගීතයත් ලැබුණා. බොහොම ස්තූතියි.
ReplyDeleteමේ මගේ ඊ මේල් ලිපිනය.
darshana.demel@yahoo.com
@Anusha:
ReplyDeleteබොහෝම ස්තුතියි නිර්මානය ඇගයීම
@රවා:
ReplyDeleteඔයා හරි මල්ලියෝ, ඔබේ විමසුම් ඇස ගැන ආඩම්බරයි මට.
ඒත් මං කියන්නේ සීරුවෙන් විවේකයක් ගන්න දෙවර ගැන. ඒකියන්නේ එකතැනකට වෙලා, නිස්කංකව කියන අදහස.
@Raven: බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම
ReplyDelete@wath: ඇත්ත උත්සාහ කලොත් බැහැ නොව තමයි. උත්සාහයක් කරන්නවත් උත්සාහ කරනවා නම්.
@punchisamanalee: හරවත් විමසුමක්, බොහෝම ස්තුතියි නංගී
@කස්සා: බොහෝම ස්තුතියි මල්ලි නිර්මාණය ඇගයීම
@දුකා: ඔව් යාලු හිතට එන හැම දෙයම පද කරන්න පුලුවන් නම් කියලා හිතෙන වාර අනන්තයි. යම් පණිවුඩයක් ගේන්න පුලුවනි නම් අප අවට ඇති හැම දෙයම අගනා කතා වස්තූන්...
ReplyDelete@චේජනා: මෙ සංකල්පය මගේ Workshop, Training Programs වල පාවිච්චි කරනවා කාලෙක ඉඳන්. බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම
@විහඟිගෙ සිතුවිලි: බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම