Monday, April 12, 2010

කපුටන් නොවන කොවුලනේ


ලැගුම් ගත්ත ද කාක කූඩුවේ
නොබුදින් කසල කුරුලනේ
පැන්නුවත් පසුපසින් කොටමිනේ
නඟන් හඬ කපුටන් නොවෙත් නම් කොවුලනේ

සිරි බරින් පිරි මෙ බක් මහේ
පිපුනා නම් වියලි අතු අගේ
උදා කර වසන්තය පලදරන්
නොවෙත් නම් රැඳීයන් සේ කාකයන්

20 comments:

  1. වැඩේ කියන්නේ මචං කාක කූඩුවේ වහපු කොවුලෝ කටවල් වලට ඉබ්බෝ දාගෙන ඉන්නවා කොවුල් නාදේ ඇහුනොත් මිනිස්සු කපුටු කූඩු වලට ගල් ගහලා කඩලා දැම්මොත් කාක්කොයි කොවුලොයි ඔක්කෝම හබක් කියලා දන්න නිසා . . .

    බලමු බඩ ගැන විතරක් නොහිතා හිත ගැන හිතන කොවුලෝ ඉඳීවිද කියලා කාක් කූඩුවල . . ..

    තාම අලුත් වැඩීයි වගේ නේ කොවුලන්ට නද දෙන්න . ..

    නියමයි ඩීන් පට්ට

    ReplyDelete
  2. නියමයි .. කොතනක හිටියත් තියන ගුණ සුවද ගැන කියවෙන කවිය ලස්සනයි

    ReplyDelete
  3. නියමයි ඩීන් අයියා. හැමදාමත් වගේ අපූරු නිර්මාණයක්.

    ReplyDelete
  4. ඉන්නෙ කොතන වුනත් තමන්ව අමතක කරගන්න එක හොඳ දෙයක් නෙවෙයි තමයි.... හැමදාමත් වගේ අපූරු පද පෙලක් අයියෙ.....

    ReplyDelete
  5. අනේ පවු. ඒ තරමට හරි කන්න දීලා ලොකු කරාට කපුටට ගරහන්න නරකයි. කොවුල් අම්මට තමයි දෙන්න ඕන දෙකක්. කපුටු අම්මනෙ කන්න දිලා පියාඹන්න පුළ්වන් තරමට කොවුල් පැටියව ලොකු කරන්නෙ...

    ReplyDelete
  6. වටපිටාවෙ අවුරුදු සිරිය නැති නිසා අවුරුද්ද නොදැනි තිබුනෙ..
    ඒත් එක සැරේට මේක කියෙව්වම කොහා මැවිල පෙනුන...
    (ඔයාල ගැන නම් කියන්න තියෙන්නෙ ඉතින් යෝගි කියන එකම තමා අය්යෙ..අබු ඩාබි කිව්වම මතක වෙන කාන්තාරෙ දසුන ඔයාල ටිකින් ටික අපිට අමතක කරවනව..
    දැන් අබු ඩාබි කිව්වම දුකා, ගල්මල් සහ හද ගී පොත එකට ඉන්නව තමා මතක් වෙන්නෙ..)

    ReplyDelete
  7. ඩීන් අයියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ,‍ කොවුලට වගේම..
    ලස්සන පැදි පෙලක්. මං කිව්වා වගේ වෙනස් සිතුවිල්ලක්.

    -ජය

    ReplyDelete
  8. කලු කපුටා සුදු වන තුරු...
    මොල් ගහේ දළු ලන තුරු...
    120 ට 220 ක් ආවඩා ආයුබෝ වේවා !!!

    ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද
    ඩීන් අයියටත්, පවුලේ සියළු දෙනාටත්
    සාමය, සෞභාග්‍යය සපිරි,
    සියළු පැතුම් ඉටු වන
    සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  9. වෙනත් අදහසක් හැන්ගිලා තියන කවියක් වගේ

    ReplyDelete
  10. සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

    ReplyDelete
  11. අය්යේ, සුබ අලුත් අවුරුද්දක් වේවා... ඔයාටත් ගෙදර අයටත්..

    ReplyDelete
  12. ඩීන් අයියාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා.

    ReplyDelete
  13. සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනවා ඩීන් අයියටත් පවුලේ සැමටත්..........

    ReplyDelete
  14. @දුකා:
    බොහෝම ස්තුතියි සොයුර දීර්ග විමසුමක් සමග කල ඇගයීම.

    කල්වැඩි වුනත් කොහාතුමන්ලා ගම්දනව් වලින් පිටමන් වෙන්න කලින් පණිවුඩය දෙන්නා එපායැ.

    ReplyDelete
  15. @රවා: ඔව් අපි පතමු උතුම් ගුණයන් නොනැසී පවතීවා කියා

    @Raven: බොහෝම ස්තුතියි

    @විශ්මි: සතුන් වුනත් ඉක්මනට පරිසර‍යට හැඩගැහෙනවා, එහෙම නොවේවා පතමු

    ReplyDelete
  16. @wath: කොමන්ට් එක කියවලා මටත් එහෙම හිතුනා... කොහා කොහාසේම ඉන්නත් කපුටු කෙටීම් වලට, කෝපයන්ට භාජනය නොවේවා පතමු.

    @චේජනා: ඔය කියන නැති සිරිය මට හොඳටම හුරු එකක්. මං අවුරුදු 10ක් තනිවම සවුදි අරාබියේ හිටියා මුලින්. අවුරුදු දවස අවුරුද්දකට වඩා දිගයි හිතුන වාර අනන්තයි.

    ReplyDelete
  17. @යෝගී...
    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම. කොහා පිටත්ව යන්න කලින් පණිවුඩය දෙන්න හිතුනා...

    @කස්සා:
    ඔව් මල්ලී, රොන් අයියා ලස්සන විමසුමක් දාලා තිබුනා මෙකට

    ReplyDelete
  18. @ ගල්මල්.... මොකක්ද ඩීන් අයියෙ ඊ මේල් එක.......? තේරුනේ නෑනෙ........ :(

    ReplyDelete
  19. @sansarasidu, punchisamanalee, චේජනා, Raven, විශ්මි:
    බොහෝම ස්තුතියි අවුරුදු සුබපැතුමන් වලට. ඔය නංගිලා මල්ලිලා හැමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සතුට සෞභාග්‍යය හා කරන කියන හැම දෙයම සාර්ථක වන, රැකියා දියුණුව ගෙනෙන සුබ කාලයක් උදාවේවා පතමි.

    ReplyDelete
  20. සූර්‍ය සංක්‍රාන්තියේ නවරැස් වලින් නැහැවූ සියලු ලක්වාසීනට සෞභාග්‍යය උදාවේවා!

    අලුත් අවුරුදු සුබ පැතුමන් ගෙනෙමින් අපහා එක්වූ සියලු දෙනාටම තුති මල්...

    හැමටම යහපතක්ම වේවා!

    ReplyDelete