Saturday, November 25, 2023

ටෙලිග්‍රෑම් | Telegram (ශනිදා දහයට!)

 




අද ටෙලිග්‍රෑම් කියන විට මුලින්ම හිතට එන්නේ තවත් එක්, එසැණින් පණිවුඩ හුවමාරු කරගත හැකි එහෙමත් නැතිනම්  instant messaging App එකක් හැටියට. ලොව ප්‍රචලිත Facebook Messenger, WhatsApp, Instagram, Twitter, WeChat, Skype වැනි සේවාවන්ට විකල්පයක් හැටියට රුසියානු ජාතික Pavel Durov, Nikolai Durov සොහොයුරන් දෙදෙනෙකුගේ හඳුන්වාදීමක් හැටියට 2013 වසරේ දී එළිදැක්වෙන Telegram සේවය අද සෝෂල් මීඩියා අඹරේ දිලෙයි.

එනමුත් ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පණිවුඩ සේවාව කියන්නේ ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර හදිසි පණිවුඩයක් රැගෙන ගිය සේවාවක් බව ඔබ දන්නවාද? ලංකාවේ ටෙලිග්‍රෑම් සේවාව 1858 වසරේ දී ආරම්බ කර ඇත්තේ කොළඹ හා ගාල්ල අතර පණිවුඩයක් ගෙන යමින්.

ලොව සම්ප්‍රදායීක ටෙලිග්‍රෑම් සංනිවේදනයේ ආරම්බය 18වන ශතවර්ෂය තරම් ඈත කාලය දක්වා දිවෙයි, එය ප්‍රංශ ජාතික Claude Chappe ගේ සොයා ගැනීමකි. එය මුලින්ම යුරෝපයේ ප්‍රංශ ආධිපත්‍යය පැවැති පෙදෙස්වල බාවිතා වූ බව කියැවේ. ටෙලිග්‍රෑම් සංනිවේදනයේ දී දුරකතන පහසුකම් හරහා කියවනු/දෙනු ලබන පණිවුඩය අනෙක් පස ඉන්නා වූ ටෙලිග්‍රාෆ් ඔපරේටර් කෙනෙකු විසින් අතින් සටහන් කරගෙන නියමිත පාර්ශවය (recipient/ප්‍රතිග්‍රාහකයා) වෙත බෙදාහැරීමට යොමු කරයි. සාමාන්‍යයෙන් ටෙලිග්‍රෑම් සේවාව තැපැල් හා දුරකතන/විදුලි සංදේශ පහසුකම් සපයන රජයේ සේවාවක් හැටියට ලොව පුරා ක්‍රියාත්මක විය. අද මෙන් පණිවුඩ හුවමාරු තාක්ෂණය හිනිපෙත්තේ නොවූ අතීතයේ ටෙලිග්‍රෑම් සේවාව නැතුවම බැරි තවත් එක් සේවාවක් විය.

ලංකාවේ ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පුවත් සේවාව තැපල් සේවයට අනුබද්ධ සේවාවක් විය. ඕනෑම තැපැල්, උපතැපල් කාර්යාලයකින් පහසුවෙන් ලබාගත හැකි ෆෝරමයක අතින් ලියා ඉදිරිපත් කරන පණිවුඩය, දුරකතනය ඔස්සේ පණිවුඩය බෙදාහැරිය යුතු අන්තය දක්වා විකාශණය (transmit) කෙරේ. බොහෝ විට තැපැල් කාර්යාල දෙකක් හෝ ඊට වැඩි ගනනාවක් එම හුවමාරුවට සම්බන්ද වෙන අතර ලියුම් බෙදන  ක්‍රමයට නියමිත පුද්ගලයාගේ ලිපිනයට විදුලි පුවත (ටෙලිග්‍රෑමය) බෙදා හරී. විදුලි පුවත් සේවයට අය කරනුයේ පණිවුඩයේ ඇති වචන ගනන අනුවය, එහෙත් සාධාරණ අයකිරීමක් තිබූ සේවාවකි. 

ලංකාවේ මොබයිල් ෆෝන් මෙතරම් ප්‍රචලිතවීමට පෙර යුගයේ හදිස්සියේ අඳුරු වැටුන වෙලාවක තැපැල් මහත්තයාගේ සීනු හඬ ඇහෙනවා නම් එය බොහෝ විට නරක ආරංචියක් රැගෙන එන ටෙලිග්‍රෑමයක් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩිවිය. මඟුල් ගෙදරක වුනත් සහබාගීවීමට නොහැකියාව ප්‍රකාශකරමින් ලැබෙන ටෙලිග්‍රෑම් තිබුණි. හදිස්සියේ සේවා ස්ථානයට වාර්තා කරන්න බැරිවීම දන්වන්වන්න, හදිසි නිවාඩුවක් ලබාගන්න ටෙලිග්‍රෑමයක් නැතිවම බැරි සේවාවක් විය.

ඒ වගේම ටෙලිග්‍රෑම් නිසා සිදුවෙන අකලංචි නැතිවා නොවේ, මේ එවැන්නක් ගැන කතාවක්:

ඉහළ අධ්‍යාපන ආයතනයක සිසු පිරිසක් විනෝද ගමනක් යොදාගත්තේ ඔවුන්ගේ නිවාඩු කාලයක. අද වගේ හැමෝම අතේ කැමරා නැති ඒ කාලයේ කැමරාව ගෙන එන්න මතක් කරන අදහසින් ඔවුන් දුර බැහැරක සිටි මිතුරාට ටෙලිග්‍රෑමයක් යැව්වා. එය  ගෙදරට ආ වේලේ ඔහු ගෙදර නොවිය, ටෙලිග්‍රෑමය ඔහුගේ පියා අතට පත්විය. එය කඩා කියවූ තාත්තා පුතාට ගමන තහනම් කලේය. එකඟ වූ පරිදි කැමරාව ගෙනාපු නැති එක හා චාරිකාවට සහබාගී නොවීම ගැන මිතුරන් ඔහුට දොස් කියන්නට විය. ඔහු ටෙලිග්‍රෑමය පෙන්වන්නට විය.

වරද්දන්නේ නැතිව කමලාවත් අරන් වරෙන් යැයි එහි සඳහන් විය.  කාටත් වරද පැහදිලි විය. ටෙලිග්‍රෑමය සටහන් කරගනිද්දි ඔපරේටර් විසින් කැමරාවත් කියන පද කමලාවත් කියා සටහන් වීම කල හදිය නිසා තම පියා තමන්ව අවිශ්වාස කරබවත් කෙතෙක් පැහැදිලි කරත් ඔහුට ඒත්තු ගන්වන්න බැරි වූ බවත් බොහෝ අසරණව කියන්නට විය.

කෙසේ නමුත් වසර 155ක් සමාජ මෙහෙවරක් ඉටු කර ලංකා ටෙලිග්‍රෑම් සේවාව 2013 ඔක්තෝබරයේ සිට අත් හිටුවන බව අදාල අමාත්‍යාංශ දැනුම් දුන්නා ඊට මාස කීපයකට කලින්.


Pic curtsy Sunday Observer


29 comments:

  1. වටිනා තොරතුරු එකතුවක්.
    ජයවේවා !!!

    ReplyDelete
  2. ඉතා අගනා විස්තරයක්...71 කැරැල්ලෙදි පොලිසි වලට පහර දෙන එක රහස් කේතයකට දන්වලා තියෙන්නෙත් ටෙලිග්‍රැම් වලින්. කොහොම හරි මේ එක පණිවිඩයක් වැරදිලි එක පොලිස් ස්ථානයකට කලින් පහර දීලා තියෙනවා. ඒකෙන් කියනව 71 කැරැල්ල අසාර්ථක වෙලා තියෙන්නෙ...කථාව හරියටම මතක නෑ.. - Mayya - http://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒක L.I. Berty මලාය කියන එක නේද?

      Delete
    2. ඒකම මරණ දැන්වීම: D.E.M. O’ Cracy මලාය කියලත් ප්‍රසිද්ධයි. මම ඒ ගැන ලියන්නම්, ලබන ශනිදාට.

      Delete
    3. බොහෝම ස්තුතියි මයියා

      Delete
  3. Replies
    1. බොහෝම ස්තුතියි නවීන්

      Delete
  4. හපොයි දෙවියනේ ටෙලිග්‍රෑම් එක කරල තියෙන හරිය. පව් කොල්ලාට ට්‍රිප් එකත් නැතිවුනා.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවැ. ඒ අකලංචිය 80 ගනන්වල පුවත් පතක කියවපු එකක්.

      Delete
  5. අනේ මිස්ටර් ගල් මල් මහත්තයෝ.. ඔබ තුමාට දමන කමෙන්ට් කොහෙට යනවාද මන්ද...?

    ReplyDelete
    Replies
    1. සමාව! ඒ අකරතැබ්බය බ්ලොගර් සේවාවට සම්බන්ධ සෙකුරිටි (reCAPTCHA) සේවයකින් උද්ගතවෙන අබැද්දියක්, දැන කාලයක සිට පවතින එකක් වුනත් තවම විසඳිලා නැහැ. ඒකත් හරියට අර ඉස්සර කාලේ තිබුන හූරන ලොතරැයියා වගේ, කොමන්ටුව පෝස්ට් වෙනතුරු ෂුවර් එකක් නැහැ. පමණක් වෙලාවට ලියපු කොමන්ටුවත් මතක නැහැ. අවාසනාවට බ්ලොගර් බ්ලොග් අඩවි බොහෝමයකට බලපාන ප්‍රශ්ණයක්.

      Delete
  6. අපේ ගමේ ඥාති ගෙදරක් තියනවා එයට කියන්නේ අප්පල්ලාගොඩ කියලා. මීට දශක ගනනාවකට කලින් ඒ ගෙදර මාමා නැති උනා. අද තියන සන්නිවේදන පහසුකම් නැති කාලේ දුර පලාතක පදිංචි වෙලා හිටපු අපට ටෙලිග්‍රෑම් එක ආවේ "අම්බලන්ගොඩ මස්සිනා නැති උනා." කියලා. හිතාගන්න බැරි උනා කවුද මැරුනෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ටෙලිග්‍රෑම් සම්බන්දව ඔය වගේ අබැද්දි, රසකතා බොහෝමයි. තවද ගෙවල් වල ලිපිනයේ අංකය එකම වෙන ඉංග්‍රීසි අක්ෂරයකින් වෙනසක් තියෙන තැන්වලට අකුර නැතිව එන ටෙලිග්‍රෑම් බාරගෙන, කඩලා බැලුවාම සිද්ධ වුන දේවල් නිසා පැන නගින ප්‍රශ්ණත් බොහෝමයි.

      Delete
  7. අජිත් ඩී කීර්ති - මොස්කව්November 26, 2023 at 9:51 AM

    රසවත් ලිපියකි ගල්මල් ලියලා ඇත්තේ
    ටෙලිගැරම් ගැන විස්තර බොහොනේ
    නව තාක්ෂනය ලොව ජයගන්නේ
    පැරණි දෑ රැක ගත යුත්තේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඔව් නව තාක්ෂණය එක්ක ඉදිරියට යායුතුය.

      Delete
  8. රාජ්‍ය සේවයේ නිවාඩු ලබා ගැනීමේදි නිවාඩුව කලින් අනුමත කරවා ගත යුතුයි කියන එකට අති සාර්තක පිලියමක් වෙලා තිබුනෙ විදුලි පනිවිඩයක් යැවීමයි.මේවා නමින් විදුලි පනිවිඩ උනාට බොහෝ විට ඒව ලැබෙන්නෙ දවසකට දෙකකට පස්සෙ තමයි.සතියක් විතර යන වෙලාවලුත් නොතිබුන නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, රාජ්‍ය සේවයේ විදුලි පුවත් ගැන ලබා දුන් වැඩි විස්තරයට. ඔව් නෙහ්, අර වගේ පමාවෙලා එන ටෙලිග්‍රෑම් නිසා සිද්ධ වෙන දේවල් බොහෝමයි නෙවැ.

      Delete
  9. අප නොදන්නා කොයිතරම් නම් දේවල් තියෙනවද නේද?
    බොහොමත්ම ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. ඇත්ත, දැනුම් සාගරයෙන් අතමිට මොලවා ගත් අල්පයයි අපි අතේ තියෙන්නේ. ඒ අතැඹුල් බෙදාගත්තාම තව තව දැනුවත් වෙනවා නෙවැ. බොහෝම ස්තුතියි.
      නැවතත් පහුගිය සතිවල පැවැති කොමන්ට් කිරීමේ ප්‍රශ්ණය මතුවෙනවා, ඔබෙ අලුත් පෝස්ටුවට කොමන්ට කරන්න ඉඩදෙන්නේ නැහැ ඒකෙන්. සමාවෙන්න.

      Delete
  10. රසවත් විස්තරයක්...අද විහිළුවක් වගේ පෙනුනට ඒ දවස්වල ටෙලිග්‍රෑම් කියන්නෙ වෙගවත්ම පණිවිඩ යැවිමේ ක්‍රමය.
    පුංචි නිවැරැදි කිරීමක්, මම හරිනම් transmit කියන එකට ආසන්නම සිංහල වචනය "විකාශය."

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මිත්‍රයා, ඔබේ නිවැරදි කිරීම අගයමි. transmit, transmitter වවන දෙකේ සිංහල යෙදුම ටිකක් පටලැවිලි සහිතයි. transmit කියන එක සම්ප්‍රේෂණය, transform කියන එක විකාශය හැටියටත් විවිධ තැන්වල යෙදෙනවා. ඒ වගේම විකශය කියන එක කාලයත් සමඟ වෙන වෙනස හැටියටත් යෙදෙනවා.

      Delete
  11. හරිම වටිනා පෝස්ට් එකක්.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඔබේ සටහන අගයමි.

      Delete
  12. හයියෝ අරැන්දගෙ ට්‍රිප්එකටත් බාල්ලියක් සැට්වෙලා නෙත 😁

    මරැ 👌. නොදත් විස්තරයක්!
    දැන් තියෙන ටෙලිග්‍රැම් එකනං... මං දන්පාන විච්චි කරන්නෙ ෆිල්ම් බාන්න

    ReplyDelete
    Replies
    1. ඒක නෙහ්, ටෙලිග්‍රෑම් වලින් මොනතරම් නම් දේවල් සිද්ධ වෙලා ඇද්ද?
      බොහෝම ස්තුතියි සටහනට.
      WhatsApp පාවිච්චි කරන අය වට්ස් අප් දාන්න කියනවා වේ ටෙලිග්‍රෑම් දාන්න කියන එක ජේෂ්ඨ පුරවැසියෙකුගේ කන වැකුනොත්, මොනවගේ රිඇක්ෂන් එකක් තියේවිද?

      Delete
    2. ඔබේ කොමන්ටුවට රිප්ලයි කරන්න බැරිව error වුනා, කීවතාවක් නම් ට්‍රයි කරන්න ඇද්ද මට්වත් මතක නැහැ,

      Delete