Saturday, November 4, 2023

සමාන බව | No Difference (ශනිදා දහයට!)

 


රටකජු ඇටයක් තරම් පුංචි
විසල් යෝධයෙකු වුව ද
අප සැම ලොකු කුඩා නොවෙන්නෙමු
අඳුරේ, වහන් කල විට එළිය
රජෙකු තරම් පොහොසත්
ගුල්ලෙකු තරම් දුප්පත් වුව ද
අප සැම වටී එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
රතු, කළු, රඹ,
කහ හෝ සුදු වුව ද
අප සැම දිස්වෙන්නේ එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
එනිසා, හැම දේම හරි ගස්සන්න
හරි මගට ගන්න
වහන් කලා ද එළිය (දෙවිඳුනේ)
ගිල්වා අප අඳුරේ?


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Shel Silverstein)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

11 comments:

  1. ඔව් වඩා වැදගත් වන්නේ එළියක් විහිදුවීමයි!
    එය කුමන පැහැයක් ගත්තද, කුමන ප්‍රමානයක් උනද එළිය එළියමයි!
    වැදගත් වන්නේ අඳුර විනිවිද එළිය විහිදුවීමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකයි වෙන ඕන ඇත්ත වශයෙන්ම.
      බටහිර රටවල සමාජයේ ජනවාර්ගික මූලය/විවිධත්වය ගැන දැක්වීමට සමේ පැහැය ගෙනහැර දක්වනවා. මෙය සමානත්මතාවය ගැන කතාකරන්න පදපෙලක්. කොරෝනා බැටදෙන කාලයේ විවිධ කවයන් අතර ඉස්මතුකර දැක්වූ පදපෙලක් විය.

      Delete
  2. හැම දෙනාම එක වාගෙයි ඇට මස් නහර
    තම තමන්ට අබිමානය ඇතිවේ පැතිර
    නිම වූ මුත් ආලෝකය හෙව්වත් නිතර
    තම තමන්ම පින් බලයන් මතුවේ සසර...

    ජයවේවා අයියේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එයයි සත්‍යය, බොහෝම ස්තුතියි මල්ලි

      Delete
  3. කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් ...
    අපුරු අදහසක්.

    ReplyDelete
    Replies
    1. මෙම කෙටි පදපෙලේ අදහස හා එයින් පෙන්වන සමාජ විෂමතා ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.
      බොහෝම ස්තුතියි!

      Delete
  4. ඉතාම රසවත් කවි පන්තියක්. කියවා රසවින්දා.

    ඒ වගේම අජිත් ධර්මකීර්ති මහතාටත් ස්තුතියි ශනිදා දහයට සංකල්ප රැගෙන ඒම පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබේ ඇගයුමට.
      ශනිදා දහයට! සංකල්පයෙන් සිංහල බ්ලොග් පිබිදීමක් ඇති වෙනවා නම් ඒකයි සතුට.

      Delete
  5. හ්ම්ම්ම් හිතන්නට යමක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්, සංකීර්ණ කරගත් සරළ දෙයක්

      Delete
  6. බ්ලොගර් කොමන්ට් කරන්න බැරි ප්‍රශ්ණයක් නිසා පෝස්ට් වලට කොමන්ට් කිරීමට, පිලිතුරු ලිවීමට බැරි තත්වයක්, පුලුවන් ඉක්මනට කොමන්ට් කරන්නම්.

    ReplyDelete