Tuesday, November 14, 2023

සුවපත්වීම | Healing

 


මෙලෝකයේ  වරක්වත් ශාරීරිකව තැලිච්ච පොඩිවෙච්ච, හිත රිදිච්ච වැටිච්ච, කොන්වෙච්ච පෙලිච්ච යනාදි නිරස සිද්ධීන්ගෙන් බැටකාපු නැති කෙනෙකු ඇත්නම් එය ඉතාම විරල වෙන්න පුලුවනි.

දුර ඈතක පියාසලා ආපසු කැදැල්ල කරා තටුසලන පුංචි කුරුල්ලෙකු පොඩි විරාමයකට නවතින ගසේ අත්ත කඩා වැටෙනවා. ඒ කම්පනයෙන් මිදී, තම කූඩුවකරා පියාඹන කුරුල්ලා හෙට දිනයේ උදේ නැවත කෑම සොයා පියාසර නොකරයි ද? තවත් අත්තක වහන්නේ නැතිවෙයි ද?

එය දහිරිය කියන්න පුලුවන්, ඒ වගේම කලින් වූ අබැද්දිය අමතක කර එදිනෙදා ජීවිතයට මුහුණදීම නොවෙද? එසේ නෙවෙන්න පුංචි කුරුල්ලාට සිද්ධ වෙන්නේ බියෙන් ගුලිගැහී තම කූඩුව තුල කොටුවීම නොවේ ද?

එමෙන්ම ශාරීරික වගේම මානසිකව සිදුවන තාඩන, පීඩන, වේදනා ආදියෙන් මිදී සුවපත්වීම අවශ්‍ය වන්නේය, එසේ නොවුනොත් අර ඇබැද්දීන් විසින් ජීවිතය වෙලාගෙන තව තවත් පීඩාවට පත්කරනවා ඇති.

සැම සිත් සුවපත් වේවා!


15 comments:

  1. හ්ම්ම් ඔව් රිදුණු තැවුණු සියලු සිත් සුවපත් වේවා ...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! බොහෝම ස්තුතියි ඔබට

      Delete
  2. කොච්චර ගැහුවත් නැගිටන ගතියක් 80 දශකයේ මිනිසුන් ගාව තියෙනවා. ඒත් ඒක එන්න එන්න අඩු වේගෙන යන ගතියය දැනෙනවා. ලමයින් ට ඔක්කොම අතට පයට කරලා දීම හේතුවක් වෙන්න ඇති. අනෙක් එක එලිමහන් ක්‍රීඩා වෙනුවට ෆෝන් වල ඇලි ගැලී හිටීම. දැන් ක්‍රිකට් ටීම් එකත් ඒ ජෙනරේශන් එකේ කට්ටියනේ. මානසිකව ශක්තිමත් මදි ගතියක් පේන්න තියෙනවා, -Mayya -https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ හරි. ජීවිතයේ අභියෝගයන්ට මුහුණදී ගොඩ ඒමේදී ලැබෙන පන්නරය වැදගත්. අල්ප පහසුකම් මැද ජීවත් වූ පරම්පරාව එහෙමයි, ඒත් අද තාක්ෂණය හා පහසුකම් ඒ හැකියාවන් මරා දමලා. එකෙන් වෙන්නේ සමාජ පිරිහීම, එහෙත් රජකරන උදවියට වාසිය.
      බොහෝම ස්තුතියි ඔබේ අදහස් බෙදාගැනීමට.

      Delete
  3. වැදගත් වගෙම ලස්සන නිර්මාණයක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දුමී මල්ලි. මේක අපේ ගෲප් එක වෙනුවෙන් ලියපු එකක් පසුව ගැලපෙන ආට්වර්ක් එකක් හොයාගත්තේ. ඒක බ්ලොග් එකට ගේන්න අදහස් කලා.

      Delete
  4. Replies
    1. බොහෝම ස්තුතියි, ඒ කාලේ බ්ලොග් වල සුවඳ ආයෙත් දැනෙද්දි හරිම සතුටුයි.

      Delete
  5. හ්ම්... ඇත්ත. ගැටලුවකට වෙලා ඒකෙම වෙලිල හිටියම විසඳුමක් පෙන්නෙත් නැ, ජිවිතේ ඉස්සරහට යන්නෙත් නැ.

    සැම සිත් සුවපත් වේවා. සුවපත් වෙන්න අවැසි ශක්තිය හා මිතුරැ සබැඳියාව ලැබේවා 🙏!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක තමයි ඇත්ත.
      ඔබේ ප්‍රාර්ථනය වැදගත්, ඒකයි වෙන්න ඕනේ. බොහෝම ස්තුතියි!

      Delete
    2. කාලයක් තිස්සේ උත්සාහ කල දෙයක් අද සාර්ථක වුනා. මොනවා දෝ ඇබැද්දියක් නිසා විදිය ෆලෝ කරන්න බැරි තත්වයක් තිබුනා, ඔන්න අදත් ට්‍රයි කරා, වැඩේ හරි.

      Delete
  6. ඇත්ත නේන්නම්... ඇයි අපිට එහෙම හිතන්න බැරි. කඩා වැටීම් ළඟ නතර වෙලා කොච්චර නම් කාලයක් සුසුම් හෙළලා කාලය කා දමලා ඇත්ද? අද ඉඳලා මේ ගැන හිතන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, එහෙම කරන්න බැරි නැහැ, ඒත් සංවේදී මිනිසුන් නෙහ්. පුරුදු පුහුණු වුනාම පුලුවන්.
      බොහෝම ස්තුතියි ඔබේ පැමිණීම හා සටහනට.

      Delete