Saturday, November 11, 2023

මුදු වෙනු මැන | Be Soft (ශනිදා දහයට!)

 


ඔබව කඨෝරයෙකු කරන්න
ලොවට ඉඩ නොදෙන්න.
අනේක රිදුම් නිසා ඔබ,
ඔබව ප්‍රතික්ෂේප නොකරන්න.
අමිහිරි අත්දැකීම්,
කරුණාවන්ත ඔබ වෙලාගන්න ඉඩ නොහරින්න.
ආඩම්බර වෙන්න,
කවුරු එකඟ නොවුවද
ඔබ ඉන්න තැන සුන්දරය.


Iain S. Thomas කවියාගේ Be Soft කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

25 comments:

  1. වටිනා අදහස්.
    ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දුමි මල්ලී

      Delete
  2. ඔව්! මමත් හැම මොහොතකම මටම කියා ගන්න එකක් තමයි "මොනවා උනත් තමන් සතු මිනිස් කම නැති කර නොගත යුතුයි!" කියන එක.

    මට මේ වෙලාවේ මතක් වෙනවා කන්ද උඩ දේශනාව.
    ලුනෙහි ලුනු රස නැති උනොතින් එය කිමකින් නම් රසවත් කරන්නේද?

    ReplyDelete
    Replies
    1. මැග්නට් වෙන්න පුලුවන් බොහෝ දේවල් ඇති ලෝකයේ තමන් තමන් වීම දුෂ්කරක්‍රියාවක්, ඒත් බොහෝම වටින.
      බොහෝම ස්තුතියි සහෘදයා.

      Delete
    2. //ලුනෙහි ලුනු රස නැති උනොතින් එය කිමකින් නම් රසවත් කරන්නේද?//
      ඒක අනගී කියමනක්, ඒත් බරපතල

      Delete
  3. අනිවාර්යයෙන් ..ඒක අපූරුයි...

    ReplyDelete
  4. අපූරු පාඩමක්. බොහොම ස්තුතියි. මමත් එයාට හැමදාකම කියන්නේ අවට කිසිම කෙනෙකු හෝ කිසිම දෙයක් නිසා වෙනස් වෙන්න එපා. ඔබ ඔබම වෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, වෙන්න ඕනේ එයයි ඒත් පරිසරය පුරාම හිත ඉවතට අදින යහපත් දේ පැත්තකට හරවන සාදක එමටයි. ඒවා පරදා ජයගන්න එක හපන්කමක්.

      Delete
  5. අමාරු වැඩක්. උත්සාහකරන්න වටින දෙයක් තමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. මුහුදු වෙරලේ පොල්ගස් නැමෙන්නේ මුහුදටම ඒත් හුළඟ හමන්නේ මුහුදෙන් ගොඩකරයට, එනමුත් ගහ තෝරාගන්නේ ගහට ඔබින දෙය, ගහේ කඳේ තියෙන උරුමයකින් (එන්සයිම/හෝමෝනයක ක්‍රියාවෙන්) ජය ගෙන.

      Delete
  6. කතාව ඇත්ත. කාටවත් තමංව වෙනස් කරන්න දෙන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. ටෞච් පාර දෙනකං සද්ද නැතුව ඉදි 😁😁🙈

      Delete
    2. අනිවාර්යයෙන්ම ප්‍රසා, හැම කෙනෙකුටම තියෙනවා යුනික් අයිඩෙන්ටිටියක් වගේම කැරැක්ටරටක්

      Delete
  7. Replies
    1. කාලෙකට පසුව නවීන්ව දැක්කේ, සතුටුයි. කිහිපවරක්ම මඟ ෆලෝකරන්න උත්සාහ කර ද මොනවහෝ ප්‍රශ්ණයක් එනවා, ඒ නිසා මඟ හැරුනා. ඔන්න අද සාර්ථකයි. පලමු ඉල්ලීම; ඉගෙනීම් කටයුතු සාර්ථකව හොඳට කරගන්න. අද වටාපිටාව එයට රුකුල් දෙන්නේ නැහැ, ඒත් ඔබ අප වටකර ඇති වැලි කඳුවලල්ලෙන් ඔබ්බට ෆෝකස් කරන්න, ඒ සඳහා ඇති එකම පාලම දැණුම. ගල්මල් හි පිපි ලොක්කයියා, ජීවිතය හීයකි වගේම ඒහා සමාන කතා කියන පෝස්ට් කිහිපයක් තියෙනවා. ඔබට ජය පතමි!

      Delete
    2. හෙ හේ බොහොම ස්තුතී💕🤗🤗

      //ගල්මල් හි පිපි ලොක්කයියා, ජීවිතය හීයකි වගේම ඒහා සමාන කතා කියන පෝස්ට් කිහිපයක් තියෙනවා// තේරුනේ නැහැ🤔

      Delete
  8. අලුත් බ්ලොග් අඩවියක්. https://miniminipode.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔත්තුවට. ලස්සනයි. අපි සපෝට් කරමු, අලුත් බ්ලොග් ප්‍රමෝට් කරමු!

      Delete
  9. ඇත්ත. නමුත් ඒකත් ශික්ෂණයක් කරගන්න ඔ්නෙ, තරමක මහන්සියකින්

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍රයා, මහන්සි වෙලා හරි පරිස්සම කරන්න ඕන කාරනයක් නෙවැ.

      Delete
  10. දිගත පතල සුවැදැති සොද සදුන් කඳ- සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ සුභාශිතයේ කවියක් මතක් උනා. කොච්චර කරදර ආවත් තමන්ගේ හොද ගතිගුණ නැති කර ගන්න ඕනේ නෑ.ටිකක් අමාරු වැඩක්...උදහරණයක් ලෙස ඔය වට්සැප් ගෘප් වල යන විවාද...ඌරන්ට ඕනේ මඩ ගා ගන්නමයි..කොහොම හරි මඩට ඇදලා ගන්න හදන්නෙ... -Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සුබාෂිතය කවදත් සුවඳමයි පතුරන්නේ!
      අද කාලේ ලේසි නැහැ, ඒත් රැකගතයුතුය තම අයිඩෙන්ටිටිය. බොහෝම ස්තුතියි මයියා, අපි කාලෙකින් මුණගැහුනේ නෙවැ.

      Delete