Monday, September 5, 2011

ස්වදේශිකයා

වම් පැත්ත බැලුවා. පනින්න කලින් ආයෙ බෙල්ල දික්කරලත් බලලා පාර පන්නින්න උත්සාහ කළේ පෙනෙන තෙක්මානෙක හදිස්සිකාරයෙක්වත් ඇද්ද බලලා ඉදිරියෙන් නිමි නිමි පත්තුවෙන කොළ පාට "මෙතැනින් මාරුවෙනු" රතු වෙන්න කලින් අනික් පැත්තට පැනගන්න අදහසින්. කොහේද ඉඳලා ඇහිපිය ගහන්න කලින් ආපු වාහනයෙන් නූලෙන් බේරුණේ. ඒකා බ්‍රේක් කරපු පාරට කවුරුත් මා දිහා බලන්නේ කන්න වගේ, කලු කණ්ණාඩිය පහත් කරලා "සොරි සර්" කිව්වා අසරණ හිනාවක් දාගෙනම. ඉර උඩම හිටගෙන ගැස්සුන මා ඔළුව සොලවලා හරි, හරි... කියනවා වගේ හිනාවක් දාලා පැත්තකට වුණා. වෙන මොනවා කරන්නද?


සිග්නල් ලයිට් වලට අහු නොවෙන ලේන් එක පනින හැම වෙලාවෙම මතක් වෙන්නේ "තමන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගන්න ඕනෙ" කියපු අපේ ජනාධිපතිවරයෙක් ගේ උපදේශයක්.


හයිපර්මාර්කට් එකට දුවන හදිස්සිය... ලේන් එක පැනගත්තත් තවම පපුව ගැහෙනවා... ඉස්සරහ ලේන් තුනේම වාහන පියෑඹුවේ හදිස්සියකින් වගේ, රතු වැටෙන්න කලින් එකිනෙකා ලුහුබඳිනවා වගේ.


එක පාරටම ආයෙත් බරාස්... ගාල සද්දයක්. රතු වැටිලා වාහන නැවතුනත් පාර පනින අපිටත් තවමත් රතු. අනික් පැත්තේ වාහන වමට හරවලා යන සිග්නල් වැටිලා නිසා.


මං කලින් බේරිලා ආපු ලේන් එකේ ඈත එන තවත් වාහනයක් දැක දැක පැනගත් කෙනෙක් මං හිටගෙන ඉන්න තැනත් පහුකර රතු ලයිට් එකේම පාර පනින්න ඉස්සරහට වුණා... මටත් නොදැනීම ඔහුව වළකන්න වගේ මං අත දැම්මේ...


ඒත් එකපාරටම වගේ මට "සොරි... සොරි" කියැවුණේ තවමත් වෙන්න ගිය අනතුරේ කම්පනයෙන් ඉන්න බව මට වැටහුණ නිසා වෙන්න ඇති.


"ඔයා කොහේද..." කියලා එකපාරටම සිංහළින් ඇහුවේ මාව පුදුමයට පත් කරමින්.


"ඔයා කොහේද?" කියලා දෙමළ බසින් මා පෙරළා ඇහුවේ ඔහුගේ උච්චාරයනය අනුව උතුරුකරයේ කෙනෙක් යැයි අනුමානයෙන්.


"අයියා ලංකාවේ කොහේද?" කියලා ආයේ සිංහළින් ම ඇහුවා.


"...මං_______ ඔයා?"


"මං ප්‍රකාශ්, තලවකැලේ, දැන් පදිංචිය කේරළයේ"


"ආ හොඳයි... ඔයා කොහොමද දන්නේ මං ලංකාවේ..." මං අහන්න ගියදේ ඉවර කරන්නත් කලින් ඔහු,


"මං රතු ලයිට් එකේ පාර පනින්න ගියවේලේ මට අනතුරක් වෙන්න පුළුවන් කියලා නැවත්තුවා, එහෙම හරි අනික් මිනිහා ගැන තවම හිතන්නේ ලංකාවෙ කෙනෙක් විතරයි"


පුංචි ආඩම්බරයක් හිතට දැනුණා. අපි චුට්ටක් නැවතිලා කතා කරා.


"අයියා හයිපර්මාර්කට් ද යන්නේ, යං ඉස්සරහට. මාත් ඉන්නේ ඒ ළඟම..." කතා කර කර අපි ඉස්සරහට ගියා.


"මගේ අම්මා තලවකැලේ. තාත්තා කේරළ. 83 දී අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. 85 අන්තිමේදී අපේ ගෙවල් පිච්චුවා. 86 මුල අපි හැමෝම කේරල්වලට ආවා. මං එහේ දී ඉගෙන ගෙන යුනිවර්සිටි ගිහින් මිකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් වුණා. සන්තෝසයි, දැන් ලංකාවේ ප්‍රශ්න ඉවරයි. අපි ලංකාවේ පදිංචියට යන්න ඉන්නේ. දැන් තාත්තා නැහැ, අම්මායි නංගියි ඉන්නවා".


ඒ වචනවල බරක් විය. ප්‍රකාශ්ගේ දෑස් ද පැහැදිලිව බලාපොරොත්තුවෙන් දිලුණි.


"මම මෙතැනින් හැරෙනවා, තව ටිකකින් අපිත් හයිපර්මාර්කට් එනවා, ආයේ හම්බ වෙමු..."



මට පුදුමත් හිතුණා, "අපේ සුවඳ මොනතරම් දැනෙනවද නාස්පුඩුවලට" මට හිතුණා. 85 අගදී රටපුරා අසරණ වතු සේවකයින්ගේ ලයින්ගෙවල් ගිනිතියා අලාභ හානිකිරීම... ජනවසම ට වූ පාඩුව... ඉන් අහිමිවී ගිය පත්වීම... රටහැරදා ඇවිත් මැදපෙරදිග කටුක ජීවිතයක් පටන්ගන්න වීම... ආදි එකිනෙක අමිහිරි මතක බොඳ ඇස් මතුපිට සේයාපටලයක් සේ දිගහැරෙන්නට වූ අතර තුර ඉතිරි මීටර් තුන් සියයක පමණ පාගමන වෙනදාටත් වඩා වෙහෙසක් ඇති කළේය.


පාසැල් උපකරණ කීපයක් අරගෙන හාල් වර්ග තියෙන පැත්තට යන අතර...



"ගුඩ් ඊවිනිං, ආෆ්ටර් ලෝ...න්ග් ටයිම්" 'මිස්ට ගුණසිංහ' ළඟට ඇවිත් කතාකරනකම් දැක්කේ නැහැ.


"ලංකාවේ හාල් ටිකක් ගන්න කියලා ආවා..." මං එයාව මග අරින්න උත්සාහ කර ද...


"අපේ ළමයි ඕව්වා කන්නේ නෑ... මිස්ටර්. ටොප් කොලිටි බාස්මති විතරයි. සර්වන්ට් ඉන්න කාලේ නම් කැකුළු හාල් ගත්තා. දැන් එයාත් නැහැ නේ... මිල්ක් රයිස් වලටත් බාස්මතී වෙරි නයිස්, ලව්ලි වයිට්..."


මදැයි... මේ මිනිහට අපේ කට්ටිය කියන්නේ මයික් ගැටින් කියලා. කොතැනත් මයික් එක අතට ගත්තහම වෙන කාටවත් දෙන්නේ නැතිවම දිගින් දිගටම කතා කරනවාලු. හරි නම දාපු කෙනාගේ කටට සීනි ටිකක් දාන්න වටිනවා.


අපි ඉන්න තැනට ආපු වෙනත් කෙනෙකු හා ගුණසිංහ මහත්තයා කතාවට වැටුණා.


"එහෙනම් මිස්ට ගුණසිංහ... සන්තෝසයි කාලෙකට පස්සේ කතා කරන්න ලැබුණ එක, පස්සේ වෙලාවක හම්බවෙමු" කියලා අනික් මනුස්සයාට හිතෙන් පිං දීලා යාම්තම් ගැලවුනා.




කිලෝව බැගින් අසුරා ඇති සම්බා හාල් පැකට් කීපය ට්‍රොලියට දාගෙන රතු කැකුළු හාල් අහුරා ඇති රාක්ක පේළිය පැත්තට හැරෙන අතර තුරදී දැක්කේ දුර ඉඳන් අත වනාගෙන තවත් දෙන්නෙක් එක්ක ප්‍රකාශ් එනවා.


"මාත් කන්නේ ලංකාවේ රතු කැකුළු, මේවා හරි හොඳයි අයියා"


මගේ මතකයට ආවේ ගුණසිංහ මහත්තයාගේ බාස්මතී වර්ණනාව.


ඒ අතින් ප්‍රකාශ්...



(සත්‍ය සිද්ධියක් ඇසුරින් සැකසුණි, නම් පමණක් වෙනස් කර ඇත)
Image Credit: http://demelzastudios.com/blog/wp-content/uploads/2009/04/silhouette-300x210.jpg

38 comments:

  1. සම්බා හාල් ( ලංකාවෙ සහල් )මෙහෙට ගෙන්නන එක නැවැත්තුවොත් නං අපිටත් දෙයියන්නෙ පිහිටයි.. දවසක් අපේ ගෙදරට ආපු අමුත්තො යුවලක් බත් කනකොටත් ඔය වගේ කථාවක් කිව්වා, ගුණසිංහ මහත්තයා කන හාල් විතරළු ඒ ගොල්ලො කන්නෙ, සම්බා අමුතු රසයිළු. යාළුවො නෙමෙයි නං ගහන්න තරම් තරහයි මට,,

    ReplyDelete
  2. අනේද කියන්නේ . මුල හරිය කියවද්දී කඳුලුත් ආවා ලංකික කම ගැන සිහිවෙලා . අගට එද්දී අර මනුස්සය ඒ හැඟීම විනාශ කළා . අපි නම් ලංකාවේ හාලට සමාන හාලක් හරි හොයා ගන්නේ අමාරුවෙන් . අපේ හොදි මාළුත් එක්ක අනික් හාල් ගැලපෙන්නේ නැහැ . ඔන්න ඔයවගේ ගොඩ සුද්දන් නම් ඉතින් කොහෙත් ඉන්නවනේ ඩීන් අය්යා .

    ReplyDelete
  3. කෞද ඩෝ ෂම්භා වලට පාට් දාන්නේ.. කාලා බලල කතා කරපන් ඩෝ.. කෙකුළු ඔන්දයි.. ෂම්භා ඔන්දා.....යි..

    ReplyDelete
  4. ගුණසිංහ මහත්තයල ලොකුකමට අරව ගෙනල්ල කෑවට හිත යටින් ආශ ඇති කැකුඵ හාල් බත් කන්න. සම්බ, බාස්මතී වගේ දෙගුණයක් මිළට කැකුඵ හාල් වික්කනම් එයා පහත් කරල කතා කරන්නෙ කැකුඵ හාල් ගැන නෙවෙයි. ඕක අපේ සමහර මිනිස්සුන්ට තියෙන රෝගයක්.

    ReplyDelete
  5. හදිසි කම්පනයකට මුහුණ දුන් මිනිසා, අනතුරුව තමන්ගෙ රටේ නාඳුනන මිනිසා කෙරෙහි සංවේදී වීම හරිම ස්වභාවික විදිහට නිරූපනය කරලා තියෙනවා. ඒ නිසාම, ඊලඟට මුණ ගැහෙන ගුණසිංහගෙ වෙනසත් ඉස්මතු වෙනවා.

    ස්වදේශිකයා කවුද? උපන් බිමෙන් ඈත් වන්නට සිදූ වූ මුත්,දේශීය දෙයෙහි අගය දකින කෙනාද? නැත්නම්, දේශීය දේ හිතාමතා පහත් කොට සළකන, එලෙස කිරීම ආඩම්බර වීමට තරම් දෙයකැයි හිතන කෙනාද?
    පෞද්ගලික රසයෙ වෙනසට වඩා වැදගත් වෙන්නෙ අර "දේශීයත්වය පහත් කොට සැළකීම ආඩම්බරයට හේතුවකැයි" යන සිතුවිල්ල කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  6. අනික් මිනිහ ගැන තවමත් හිතන්නෙ ලංකාවෙ විතරයි කියන එක තවදුරටත් සෑම කෙනෙකුටම වලංගුදැයි පැනයකි.

    ReplyDelete
  7. ඩීන් මහත්මා බින්දි හරහා එවූ ලින්ක් එක ලැබුණා. අප ගැන එතරම් දුරට වෙහෙසීම පිළිබඳව හුඟක් ස්තුතියි.
    මේ ලිපිය බොහොම හොඳ සංවේදී ලිපියක්.

    ReplyDelete
  8. සිරි ලක දේ සිරි සැප දේ කියනවනෙ ඩීන් අයියා..අර ගුණසිංග මහත්තයාට පිට රට රස්නය ගහලා ඇති... හිතා මතාම අපේ දේ පහත් කරලා කතා කරන්නෙ ඒක නිසානෙ...ලෝකේ කොහේ ගියත් ලංකාවේ අපේ දේ තරම් කොහෙද....ප්‍රකාශ් ඒ අතින් ඉහල තැනක් ඉන්නෙ...

    ReplyDelete
  9. ඔය බාස්මතිම කන මනුස්සය කන්නෙම සම්බ වෙන්නැති
    ඉන්නෙ පොෂ්-කන්නෙ කොස් කියනවනේ!

    ReplyDelete
  10. මමත් හිතන්නෙ තවමත් මැදපෙරදිග ඉන්න බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අනුන්ගෙ ප්‍රශ්ණ වලදි සංවේදි වන අය. ඒ අතරෙ ඔය ගුණසිංහලත් ඉන්නවා,,

    ප්‍රකාශ් ගෙ කතාව නම් බොහොම සංවේදි එකක්. මමත් මෙහේ ආ මුල් දවස් වල මට කාර්යාලයේ දමිල හිතවතෙක් ගොඩක් උදව් කලා. කළින් තිබුන දැන හැඳුනුම් කමකට නම් නෙවෙයි. ශ්‍රී ලාංකිකයෙක් වීම නිසයි. ඔහු යුද්ධයෙන් උපරිම බැට කෑ කෙනෙක්. ඒත් ඔහු නිතරම කිව්ව දේ තමයි රට ඇතුලෙ මොන ප්‍රශ්ණ තිබුනත් අපි පිට රටකදි එකට ඉන්න ඕන කියන එක..අපේ කාර්යාලයෙ ශ්‍රී ලාංකිකයන් තුල තිබුන සමගිය බොහෝ දෙනෙකුට විශාල පුදුමයක් වෙලා තිබුනා. සමහරු කීව්වෙ ශ්‍රී ලංකන් මාෆියා එකක් කියලා....

    අපරාදෙ...ඩීන් අයියට අහන්න තිබුනෙ දැන් සර්වන්ට් නැති නිසා ගුණසිංහ මහත්තයද උයන්නෙ කියලා...

    ReplyDelete
  11. @හරී - පිණිපළස:
    ඒ වගේ කට්ටිය අඩුවක් නැහැ වගේ නේද... ඇත්තටම අනුකම්පාවක් ඇතිවෙන්නේ. බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  12. @Bindi:
    මට ප්‍රකාශ් ගැන ඇති වුනේ කියන්න බැරි තරම් ආඩම්බරයක්, ඒ වෙනෙකක් නිසා නෙවේ කාගේවත් නොසන්ඩාල වැඩ නිසා බැටකාලා, රටින් පිමංවෙලා ඒත් ඔහු තුල රට කෙරෙහි ඇති ගෞරවය, බලාපොරොත්තුව.

    අපේ රටේ හාල් හිඟ කාලේ (77ට කලින්) වියට්නාමයේ සුදුහාල් වර්ගයක් ලංකාවේ තිබුණා මතකයි.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  13. @මාතලන්:
    මාතලන් උන්නැහේ කලබොල වෙන්ට කාරි නෑ, උන්දැලාට අනුකම්පා කොරන්ට එපැයි.

    ReplyDelete
  14. “පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා...“

    ඉන්දිකගෙ කියමනට මාත් එකඟයි... තක්කෙටම ඔය මිනිහ ඇතුළෙ එකක් පිට එකක් ජාතියෙ... පරිස්සමින් ආශ්‍රය කරන්න...

    තමන්ගෙ දේ තමන් අගයන්නෙ නැතිව වෙන කවුරු අගයන්නද? විකාර කාරයෙක්..

    ReplyDelete
  15. හිතට වදින කතාවක්. සමහර පූර්ණ ශ්‍රී ලාංකිකයන් ලංකාවට වින කටින මේ වගේ වෙලාවක අර්ධ ලාංකිකයෙක් ලංකාවට ආදරය කරන එකේ වටිනාකම කියලා වැඩක් නෑ....!

    ReplyDelete
  16. @``` Outsider```:
    ඔබ හරි, ඉස්සරහින් ඉන්ට-නැෂනල් වුනත් එහෙම අය ගොඩාක් ඉන්නවා.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  17. @නලිනි චන්දිමා:
    බොහෝම ස්තුතියි නංගී ඔබේ විමසුමට.

    පුද්ගලිකව බැට කාලත්, කාලාන්තරයක් තිස්සේ ඈත් වෙලා හිටියත් ප්‍රකාශ් ගේ මුවින් පිට වූ "මං ප්‍රකාශ්, තලවකැලේ, දැන් පදිංචිය කේරළයේ" වචන හිතේ රෙජිස්ටර් වූයේ ඒ පුද්ගලයා ගැන ගෞරවයකින්. අවාසනාවට එදාම මොහතකට පසුව හමුවූ අනෙක් පුද්ගලයා, ඔබ කීවා වගේම; වෙන්කර පෙන්වූයේ බොරළු ගොඩේ මැණිකක අගය.

    ReplyDelete
  18. @Praසන්ன:
    ඔබ යම් දුරකට හරි, ඒත් ඒ ප්‍රකාශ් විසින් කී වචන ඒ විදියටම ගෙනහැර දක්වන්න ඕන කලේ ඒ තුල ඇති ඒ මනුස්සයාගේ හිතේ ලංකාව ගැන ඇති ගෞරවය, බැඳීම හා බලාපොරොත්තුව ගැන සටහන් කරන්නයි.

    ReplyDelete
  19. @පොත් ගුල්ලා:
    බොහෝම ස්තුතියි සටහනට, ඒ විස්තරය ගැන යමක් කරන්න ඕනේ නම් කියන්න.

    ReplyDelete
  20. @දිල්:
    /ප්‍රකාශ් ඒ අතින් ඉහල තැනක් ඉන්නෙ/

    ඒකයි ඇත්ත කතාව. බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  21. @ඉන්දික:
    පම්පෝරියට අහුම්කන් දෙද්දි මටත් එහෙම හිතුනා.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  22. @Luckey:
    ඇත්තෙනම්, රටින් පිටදී අපේ ලාංකිකයින්ගේ තියෙන එකමුතුව දැක්කාම අනන්තවත් හිතෙනවා ඇයි අපේ රටට මෙහෙම වුනේ කියලා. මේ කාන්තාර ජීවිතයේ දී ලබාගත් ලොකුම අත්දැකීම එය. මා කලින් සේවය කර පලාතක දී ලංකාවේ හැම පලාතකම අය මුණගැහෙන්න අවස්ථාවක් උදා වුනා, එය කවදාවත් උදා නොවෙන්න තිබුණා අපේ පුංචි රට ඇතුලත දී.

    එවන් විරල කෙනෙකු ගැන සටහන තියන්න හිතුවේ ඒ නිසාමයි.

    බොහෝම ස්තුතියි ලකී ඔබ එක් කර විස්තරය ද බොහෝ අගේය.

    ReplyDelete
  23. ඩීන් අයියා..

    අයිය මේ සිද්දිය ගැන දුකාගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකකදි යන්තමින් සඳහන් කරපු වෙලාවෙත් මේ ගැන හිතුව...

    මටත් ඔය දෙවර්ගයෙම දන්නකියන අය ඉන්නව...

    ඔය කට්ටිය පෙලෙන්නෙ හීන මානයකින්... ඇත්තටම ඔවුන්ගේ දිව ඉල්ලන්නෙ අර කැකුලු හාලෙ බතම තමා... ඒත් අර මානසික උවමනාව සංතර්පණය කරගන්න පිදුරු කනව වගේ අර වීදුරු බත් කනව....

    ReplyDelete
  24. @තනෝජා රාජපක්‍ෂ:
    ඒ සින්දුව නම් කියලා වඩක් නෑ.

    බොහෝම සන්තෝසයි ඇවිත් සටහනක් එක් කරාට.

    ReplyDelete
  25. @දුමී:
    ඇත්තෙන්ම දුමී, ඔවුන් සමහර විට අපි හිතනවට වඩා ඉහළයි. බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  26. @සපතේරු උන්නැහේ:
    ඔව් මේක ලියලා ටික කලක් වෙනවා, ඒ පොස්ට් එකට එකතු කරන්න සුදුසු නිසා කොටසක් එක් කරා.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  27. මෙ රටවල මිනිස්සු කරන්නේ මොනවද ? කියන්නේ මොනවද? කරන්නෙ එකක් ඒත් කියන්නේ තවත් එකක්.ඒ ගැන ඉතින් ඩීන් අයියට අපහු අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.පොළොවෙ පය ගහල ඉන්න අය හරි අඩුයි.

    ReplyDelete
  28. හපෝ ඔය එක එක දිල්ලි වල රස්තියාදුවෙ ගියහම බත් කටක් සොයාගන්න තියෙන අමාරුව දන්නේ අපිනෙ . හිතේ හැටියට රතු බත් ඩිංගක් කන්න නම් හාල් අරන් යන්න ඕනේ . නැත්තං ලංකාවට එන්න ඕනේ

    ඒ බත් කටත් මොන ලොකු සබාවක් මැද්දේ වුනත් අතින්ම කන්න ඕනේ . නැත්තන් රහක් නෑ අප්පා :)

    ReplyDelete
  29. @කස්සා:
    ඔව් මල්ලියේ අපි මේ විගඩම් දකින නිසා අමුත්තක් නැහැ නම් තමයි. ඒත් මට හමුවූ ප්‍රකාශ් වගේ කෙනෙක් හමුවුනාම වෙනසක් දැනෙනවා...

    බොහෝම ස්තුතියි මල්ලී ඇවිත් සටහනක් එක් කරාට.

    ReplyDelete
  30. @TG:
    ඇත්ත, ඒවගේ අවස්ථාවක අපේ දේවල් වල අගය වැඩියේ දැනෙනවා.
    ඔය ඉන්න පලාතේ තියෙන රතු හාල් වෙනස් නේද, ඔවුන් වැඩිපුර පාවිච්චි කරන රතු හාල තම්බපු හාල් වගේ වර්ගයක් නේද...

    බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  31. @ඩීන්
    අපේ පලාතේ රතු කැකුලු තමයි නිතරම කනේ .මෙහේ රතු කැකුලු හාල් තම්බන්නේ නෑ.ඒ කුරුණෑගල , අනුරධපුරේ වගේ උඩහ පලාත්වල හාල් තම්බලා කන්නේ

    ReplyDelete
  32. @TG:
    මං සඳහන් කලේ දිල්ලි රටේ... එහෙන් එන වර්ග බොහෝමයක් තම්බාපු රතු හාල් ඉඳහිට raw rice කියලා වර්ගයක් හම්බ වෙනවා

    ReplyDelete
  33. kawadath wage hithata dhanena kathawa ayye

    ReplyDelete
  34. @චේජනා:
    ප්‍රකාශ් බොහෝ දේවල් හිතන්න බලකරා, ඒ හැමට වඩා ඔහු කෙරෙහි ලංකාව ගැන ඇති ගෞරවය මේ රචනයට බලකරා.

    ReplyDelete
  35. අනේ අපි කැකුළු හාල් හොයා ගන්න නැතුව දුක් වෙනවා...තියන අයට අගයක් නෑ නේ. :(

    ReplyDelete
  36. @සයුරි:
    බොහෝමත්ම ස්තුතියි ගල්මල් අඩවියට ඇවිත් සටහනක් එක් කරාට.

    ReplyDelete
  37. මෙහේ ගොඩක් දුරට ලංකාවෙ හාල් ගන්න තැන් තියෙන හින්දා ලොකු අවුලක් නෑ. දවසක් සම්බා වලට අඩුවෙන් වතුර තියල පොඩි ඇබැද්දියකුත් උනා මට.

    ReplyDelete
  38. @readmyeye:
    ලංකාවෙන් එන කෑමජාති මිලදී ගන්න තියෙන එක ලොකු දෙයක්, මොනවා හරි හේතුවකින් සැපයුමේ පොඩි අඩුපාඩුවක් වුනාම අපිට උනත් ගොඩාක් දැනෙනවා.

    බොහෝම ස්තුතියි යාලු සටහනට.

    ReplyDelete