Tuesday, February 22, 2011

කැරපොත්තෝ


කොත්තමල්ලි ඇටයක්වන් කරබාගත් ඔළු පුංච
ඕනෑ දෙයක් කන්න පුලුවන් මුව පොන්ච
දෙපැත්තෙ පොකුරු ඇස් පොඩි දෙක
හෙල්මට් එකෙන් වහගෙන
දිගැටි ඇන්ටෙනා දෙපලත් දාගෙන...

දිඟටි ඇඟ උස්සාගෙන
පා යුග තුනෙන් වෙඩිල්ල වගේ දුවන්නෙ
ඕනෑම ඉමර්ජන්සියකදි කොට පෙරපා යුගලින්
බ්‍රේක් ගහලා යූ-ටර්න් ගන්නේ අපූරුවට...

ඇඟ වසා ඇති ඝණ ඉටි පොත්ත
නුඹව බේරගන්නෙ පුදුම විදියට
ජිවිත කාලයේ කීපවරක්ම
ඒක ගලවලා මාරුකරගන්නෙ
ඇඟටත් නොතේරෙන සීරුවෙන්
හැබයි පොත්ත ගැලවුනාම
නුඹව බලන්න දුකයි
අළුත් හමේ ඉටි රතු පාට වෙනකම්...

නුඹට කොන්දක් නැති වාසනාවට
බෙල්ල ගියත් ටිකක් ජීවත්වෙන්න පුලුවන්ලු
ඒ ස්නායු පද්ධතිය ඔළුවෙන් පිට හින්දාලු
අනේ මන්දා...

නුඹේ පා කෙලවර පිහිටි ඇලෙන සුලු විශේෂක් නිසා
රළු ජරා ගොඩකත්
මටසිලිටු තැනකත්
සීලිමක යටිකුරුවත්
නුඹට ගමන් කරන්න පුලුවන්ලු
නිච්චියටම සීරුවෙන්...

කන ඕනෑම දෙයක් ජීරණය වෙන්නෙ
නුඹේ විශේෂ බ්ලෙන්ඩරය - ගොජුර දෙන
සපොර්ට් එකෙන්...

නුඹට අස් පොකුරු තියෙන නිසා හරි ෆෝකස් එකක් නැතිලු
නුඹට පෙන්නෙ බොඳ වෙච්චි ඡායාව විතරක් ලු
එහෙව් එකේ නුඹ ඇන්ටෙනා පාවිච්චි කරලා
බුද්ධිමත්ව එතැන මෙතැන මාරු වෙන ලස්සන
අපූරුයි...

අත්‍රොපෝඩා වංශයට අයිති ඉන්ටෙලිජන්ට් නුඹ
කොහොමද ඥාති වෙන්නෙ මිනිස් වංශයේ
සමහර හොමෝ සාපියන්ලාට
කියාපන් කැරපොත්තෝ...


පසුගිය වසරේ පෙබරවාරි වල ලියූවක්; සුළු වෙනස්කිරීම් කිහිපයක් කර බ්ලොග් එකට ගෙනාවා

26 comments:

  1. හ්ම්.. අනේ පවු. අපි කැරපොත්තොක්ව කී දෙනෙක් ඉටි ට්‍රේ වල අල්පෙනිති වලින් රදවල වද දුන්න ද?

    ඇත්තටම ඩීන් අයියා.. මුන්ගේ සමහර වර්යා මිනිස්සුන්ටත් තිය ද?

    මම හිතන්නෙ නම් නැහැ...

    ReplyDelete
  2. අපි හැමදාම අප්‍රිය කරන කැරපොත්තා ගැන, ප්‍රිය උපදවන විමර්ශණයක්... නියමයි ඩීන්...!

    ReplyDelete
  3. මට කැරපොත්ත නම් පෙන්නන්න බෑ...

    ReplyDelete
  4. අපෝ මමත් මේ කැපුම් කෙටුම් කලා. මතක් වෙන කොටත් දුකයි. ඉගෙන ගන්නත් එපෑයැ. සමහර මනුසත් කුලයෙ අයටත් හැබෑටම මේ චර්යාවන් උරුම තමයි ඩීන් මල්ලී.

    ReplyDelete
  5. @මෝල්ඩර් ෆයිල්ස්:
    බොහෝම ස්තුතියි.

    ReplyDelete
  6. @සොඳුරු සිත:
    ඉටි ට්‍රේවල එවුන් හයිකරන එක කොහොම වෙතත් ඒ සඳහා ඉටි රත්කරනකොට ඒ ට්‍රේවලින් එන ගඳ...

    කැරපොත්තන්ගේ චර්යාව මිනිසුන්ට (ජීව විද්‍යාත්මකව) නැති වුනත් ඒ සතුන්ගේ ක්‍රියාවන් ගොඩාක් නම් දකින්න තියෙනවා නේද?

    බොහෝම ස්තුතියි නංගී විමසුම් සටහනට.

    ReplyDelete
  7. @Cual-Dor-රශෝද්:
    බොහෝම ස්තුතියි.

    ReplyDelete
  8. @දුමී:
    පොඩි සංසන්දනයක්!

    ඒවුනත් අපේ වැයික්කියේ මොනතරම් කොම්පැණි (පෙස්ටෝ) මේ සතාගෙන් යැපෙනවා නේද?

    බොහෝම ස්තුතියි දුමී සටහනට.

    ReplyDelete
  9. @චේජනා:
    ඒක නම් එහෙම තමයි. කැරපොත්තා න්‍යෂ්ඨික යුද්ධයක් අවසානයේ පවා බේරී ඉන්න පුලුවන් සතෙක් හැටියටයි කියන්නේ.

    ReplyDelete
  10. @Chandi:
    චාන්දි අක්කාව සාදරයෙන් පිලිගන්නවා ගල්මල් අඩවියට.
    ඔව් අක්කේ සතුන් කපන්න වුන එක ගැන දැන් නම් දුකයි. බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  11. @පූසා:
    බොහෝමත්ම ස්තුතියි

    ReplyDelete
  12. ගල්මල් අඩවියට එක්වූ අලුත් මුහුණු "මෝල්ඩර් ෆයිල්ස්" හා "පූසා" ඉතා සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  13. කියල වැඩක් නැහැ..අති විශිෂ්ඨයි සර්...

    සුලා..

    ReplyDelete
  14. Toe marakkalayaa umblat karapotto tamai ballo

    ReplyDelete
  15. Toe marakkalayaa umblat karapotto tamai ballo

    ReplyDelete
  16. Toe marakkalayaa umblat karapotto tamai ballo

    ReplyDelete
  17. කව්ද මේ පාහරල ගිහිල්ල තියෙන අසමජ්ජාතියා...වසලයෝ කියන්නෙ මෙන්න මේ ජාතියේ උන්ට තමා...

    ගල්මල් සහෝදරයා හිත නරක්කරගන්න එපා...මං දන්නවා උඹ ඕවට සැලෙන්නැති විත්තිය..

    සුලා..

    ReplyDelete
  18. @සුලා:
    සන්තෝසයි මල්ලී දකින්න, මේ ටිකේ වැඩ කටයුතු හින්දා විවේකයක් නැතුව ඇති. ඒ හැම අතර ඇවිත් සටහනක් තැබීම ගැන ගොඩාක් ස්තුතියි මලේ.

    මල්ලියේ ඔය කවුරු හරි හිතේ අමාරුවකට ලියපු වචන පේලියකට අපි සැලිය යුතු නැහැ. සති අන්තය වුනත් අද වැඩ වැඩි දවසක්. ගෙදර ඇවිත් බ්ලොග් එකට ආ වේලේ අර කොමන්ට් තුන දැක්කත් පිලිතුරු ලියන්න තරම් වෙලාවක් නොවිය. දුර ඈතින් ආ ලෙඩෙකුට (ශාරීරික) උදව්වට කරන්න යන්න යොදාගෙන තිබුණ නිසා.

    ගල්මල් අඩවිය විවෘතයි. ඉඳහිට වැටෙන චූයින්ගම් හපයක්, විසිකරන බැටරි කෑලක්, ඉවතලන පොලිතීන්/රබර් කෑල්ලක් වගේ දෙයක් කොරල් මත රැඳෙන්න බැලුවත් සයුරු රළ ඒ කුණු කන්දරා ඉවතට ගසා ගෙන යනවා. ඒ අසම-සම මිතුදම ඇති තුරු ඉදිරියට යෑම ප්‍රශ්ණයක් නෙවෙයි.

    වැළි කුණාටුවලටත් පුරුදු අපි මේවා ප්‍රශ්ණයක් කරගන්න අවශ්‍ය නෑ සුලා මල්ලී.

    ReplyDelete
  19. එකම කොමන්ටුව තෙවරක් දැමූ Anoට:
    නිදහස් අදහස් ගරුකරන මා මේ අඩවියේ ඒ සඳහා ඉඩ සලසා තියෙනවා. ඒ නිසාම ඔබේ සටහන ඉවත් කරන්නේ නැහැ.

    කැරපොත්තෝ නිර්මාණයේ පදපෙලෙන් ඔබට කිසියම් හිත් අමාරුවක් ඇති වුනා නම් සමාව අයදිමි.

    ReplyDelete
  20. චන්දිමාFebruary 26, 2011 at 4:44 PM

    කැරපොත්තො... ටිකක් බලාගෙන ඉන්නකොට ඒ අයගෙ චර්යාව දිහා, ජීව විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය කරනකොට පුදුම නොවී ඉන්න බැහැ නේද? පරිසරයට හොඳට ඔරොත්තු දෙන සත්ත්ව කොට්ඨාශයක්.
    හුඟක් දෙනා කතා කරන්න තෝරා නොගන්න මාතෘකා ඔස්සේ ලියවුණ තවත් පැදිපෙළක්. අපූරුයි.

    ReplyDelete
  21. @චන්දිමා:
    කැරපොත්තෝ විශේෂයි, එවුන්ගේ චර්යාව ඊටත් වඩා විවිධයි කියලා හිතුනා.
    බොහෝම ස්තුතියි නංගී වැඩ රාජකාරී ගොඩාක් මැද්දේ වුනත් ඇවිත් සටහනක් එක් කරපු එකට.

    ReplyDelete
  22. හ්ම්ම්.. වෙනදා වගෙම අදත් වැරදි වැඩේ කරන්න ගියේ, ඒ කිව්වෙ කියවලා කොමන්ටුවක් නොදාම යන්න ගියේ..
    ඒත් කැරපොත්තෙකුට වඩා අන්ත සතෙකුගෙ කැත වචන ටික දැකලා තමා මෙක ලියන්නෙ.
    හිතේ තියෙන තරහක් ඔන්න ඔහෙ හලලා ගියදෙන් අය්යේ, කැරපොත්තෙක් ගැන හිතන තරම්වත් ඕවා ගැන හිතන්න එපා, ඔයාගෙ වැඩේ දිගටම කරගෙන යන්න...!

    ReplyDelete
  23. @සමන්ත රූපසිරි:
    බොහෝම ස්තුතියි මල්ලී සටහනක් තියපු එකට, සමාවෙන්න මෙය මට මග හැරිලා තිබුණා.

    අරකී ඇනෝ සටහන් ගනන් ගන්න එපා, වැරැදි වැටහීමක් වෙන්න ඇති.

    ReplyDelete