Tuesday, March 1, 2011

ඇගේ මැරතනය

තුරඟ තරඟ කල්ප කාලයක් තිස්සේ පැවතී එන ඉහළ පලැන්තියේ ක්‍රීඩාවක් ලෙස ගැනුනද මෙකී ක්‍රීඩාව හා බැඳුන සූදුව නිසාම දෝ ලොව හැම රටකම පාහේ ඇත්තේ පුදුමාකාර උනන්දුවක්. 2008 වසරේ දී තුරඟ තරඟ හා සම්බන්ධ කර්මාන්ත ඇමෙරිකානු ඩොලර් බිලියන 115 ක් තරම් විශාල වෙලෙඳ පොලකට උරුමකම් පෑවා යැයි වාර්තා වේ (මූලාශ්‍රය: විකිපීඩියා).

ලොකු අස්වයෝ දුවවන පොඩි මිනිසුන්... ඔවුන්ගේ දෛනික ජීවිතය පෙලන තවත් එක් සමාජ උවදුරක්... වටා ගොඩනැගුන කෙටිකතාවක් "ඇගේ මැරතනය"

වෙලාව හතට ලං වෙලා ඇති...

ඉදිආප්ප වංගෙඩිය මිරිකාගෙන කරකවන ගමන්ම ගුණවතී ඔළුව උස්සා චිමිනි ලාම්පුව දිහා බලුවේ නැගිට ගිහින් ටයිම් පීස් එක බලන්න තරම් වෙලාවක් නැති හින්දා. උදේ හතරේ ඉඳන් ඇගේ තනියට එලිය දෙන ලාම්පුව කොච්චර වෙලාවක් දැල්වේවිද අනුමානයෙන් කියන්න ඇය දන්නවා.

පොඩි පුතා කෑලි ගිය එනැමල් පිඟාන අතේ තියාගෙන ගුණවතීගේ මුහුණත් තට්ටු උඩ වැක්කෙරෙන ඉදිආප්පත් දිහා මාරුවෙන් මාරුවට බලයි. ලිපේ ගිනිදළු හදන ඈ ලහිලහියේ වත්කරපු ඉදිආප්ප තට්ටු ටික එකින් එක උඩට අඩුක්කු කර ගැනලා බලලා මදිවට තවත් තට්ටු දෙකක් වත්කර හදා ගත්තා. ලිපේ තැම්බෙන අඩුක්කුව බාගන්න වෙලාව හරි. ඒක බාගත් ගමන් සූදානම් කර තිබූ අඩුක්කුව ලිපට කරලා වැහුවා.

බාගත්තු අඩුක්කු ලොකු බට වට්ටියේ පිලිවෙලට පැතුරවලා එකින් එක ගලවන ගමන්ම ඉදිආප්ප දෙක දෙක වෙන් වෙන ලෙස අනිත් බට වට්ටියේ තිබ්බා. බාගත් ඉදිඅප්ප තට්ටු ටික හිස්වෙනවත් එක්කම වගේ...

පෙඩි පූතා "අම්ම්...මේ"

"පොඩ්ඩක් කෑනොගහ හිටපන් බං" කියන ගමන් ගුණවතී හිස් වූ ඉදිඅප්ප තට්ටු ටික සුද්දකරලා අනික් අඩුක්කුව හදාගන්න ලෑස්තිය.

උදේ ඉඳන් මැසිමක් වගේ වැඩකරන ඇය ඔළුව උස්සලා බැලුවා. තවමත් සොමිසේන පිලේ බැම්ම උඩ වාඩිවුන ගමන්. උදේ 5.45ට පීටර් මුදලාලිගේ කඩේට දෙන ඉදිආප්ප ඕඩර් එක නම් බෑ කියන්නේ නැතිව සේන ගෙනිහින් දෙනවා. කඩේ ඉඳන් ආපහු ගෙදර එන්නේ පත්තරේත් අරන්. ඉන් පස්සේ උන්දැව හොල්ලන්නත් බැරි බව ගුණවතී දන්නවා.

"මේ ඇහුනයි, මං මේටික ඉවර කරගන්නකම් ලිඳෙන් වතුර එකක් ගෙනැල්ල අර බේසම පුරවනවයි..."

"පෙඩ්ඩක් හිටපං යෝදියේ, මගේ පෙවරිට් එකා ඩාන්සින් කුයින් මාස දෙකක් අසනීප වෙලා හිටියා ඒකි හෙට රේස් එකේ දුවන්න ඕනේ. බලහන් කෝ ඒකෙත් හැටි උගේ බර රාත්තල් දෙකක් වැඩිවෙලා..."

"ඔන්න ඔය මල ඉලව්ව පැත්තකට දාලා වතුර එක ලෑස්ති කොරා නම්... පොඩි එකීව කිලිනික් එක්ක යන්න ඕනේ, මං මෙහේ තනියෙම යුද්ද කරනවා ඔහේ මොකද්ද එකියෙක් ගේ බර බලනව, අනේ මගේ කරුමෙ."

"ඇයි බං පොඩි එකී ඔය යසට ඉන්නේ..."

"ඔහේට මතක නැද්ද? මාස හයකට පස්සේ විදින ඉන්ජැක්සොන් එක දෙන්න අද කිලිනික් යන්න ඕනෙ..."

"ඇයි යෝදියේ... කලින් එක විදලා මාස හයක් වුනයි තවම..."

"අනේ... අනේ... තමුන්ගේ දරුවගේ වයස දන්නේ නැහැ... ඇහැට දැකලත් නැති මෙකෙද්ද එකෙක් අසනීපෙන් ඉන්න දවස් ගානයි, උගේ බර අඩු වැඩි වෙන එකයි ඔහේලා දන්නවා... කාට නම් කියන්නද මේවා..."

සටාස් ගාලා පෙලොවේ තට්ටුකරලා ලොකු බට වට්ටිය ගසලා සුද්ද කරගත් ගුණවතී ලිපේ තියෙන ඉදිආප්ප අඩුක්කුව බාගත්තා. පොඩි පුතාත් බංකුවේ හරි බරි ගැහිලා වාඩි වුනා. සේනත් එක්ක කතාවට පැටලුනත් ඇය මීලඟට ලිපට කරන ඉදිආප්ප ටික සූදානම් කරගත්තා.

ලිපේ ගිනිදළුත්, තම්බන හාජනයෙන් එන හුමාලයත් අතර ගුණවතීගේ හිතට අවේ සේනගේ අම්මා ජේන් නැන්දා කියන ඒවා. ඒ දවස්වල සේනගේ තාත්තා ඇක්මොන් මාමා හම්බකරන දේවල් වැඩි හරියක් නාස්ති කලේ ඔය ඔල්ලෝන් දාන්නලු. ජේන් නැන්දා හැම වෙලාවෙම කියන්නේ උන්දෑ සුද්දගේ වත්තේ වැඩ කර හින්දා වෙන්න ඇති සුද්දන්ගේ අස්වයින්ගේ මයිල් ගනන් කරන්නේ කියලා. ජේන් නැන්දා නම් කිව්වේ සේන නම් එච්චර නාස්තිකාරයෙක් නෙවෙයි කියලා. හ්ම්! මේක ඉතිං මුන්දැලාගේ පරම්පරාවෙන් සුද්දන්ට ගෙවන පව වෙන්න ඇති...

"අම්ම්...මේ මට බඩගිනියි" පොඩි පුතාගේ සද්දෙට ගුණවතී පියවි ලොවට ආවේ.

"ඈ බං පුතේ අදනං ඉදිඅප්ප ටික මල් වගේ ආව..."

"එතකොට කෝ අම්මේ මට..."

සොමිසේන රස්සාවට කලේ වඩුවැඩ. සතියක් වැඩ කලොත් දවස් තුන හතර ගෙදරට වෙලා ඉන්නවා. හම්බකරන දෙය පිටරටවල දුවන අශ්වයින්ගේ පිටේ පටවනවා. ගෙදර වියදමට මොනව හරි හොයා ගන්නේ ගුණවතීගේ ඉදිආප්ප හැදිල්ලෙන්. ඕඩර් එකට වෙලාවට දුන්නේ නැතිනම් මුදලාලිලාගෙන් නැති බැනුම්. ඉදිආප්ප ටික හරියට තියෙන්නත් ඕනේ. ඉතිරි වුනොත් සල්ලිත් නැහැ.

ගුණවතීගේ ඇස්වලට කඳුලු පැන්නා. පුතා ඇහැරිලා ඇවිත් පැය දෙකක් වෙන්න යනවා, ඌ තවම බඩගින්නේ. බානකොට ඇලවිලා කැඩෙන ඉදිආප්පයක් දෙකක් වුනොත් තමයි පොඩි උන්ට කෑමට දෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඕඩර් වලට හදලා ඉතිරි වෙන පිටි ටිකෙන් හදනකම් ඉන්න ඕනේ. නැත්නම් කලින් දවසේ ඉතිරි ඒවා ආයේ තම්බලා ගන්න ඒවා තමයි.

පුතාලගේ තාත්තා තවම අශ්වයෝ එක්ක.

25 comments:

  1. මේක මම කියවල තියනවනෙ අය්යෙ මීට කලින්...නියමයි..

    ReplyDelete
  2. තම දෛනික ජීවිතයේ ජීවත් වීමේ සටන සඳහා නිරන්තරයෙන් තරඟ වදින අම්මලා කොපමණ ඉන්නවාද අපේ වගේ රටවල් වල. කිසිදාක නොදැකපු , නොදකින තරඟ හඹා යන තාත්තලා. ඒ නිසාම අසරන වෙන දරු පැටව්.................. සාර්ථක නිර්මාණයක් මල්ලී.

    ReplyDelete
  3. Toe marakkalayaa umba taama innavada balla?

    ReplyDelete
  4. Toe marakkalayaa umba taama innavada balla?

    ReplyDelete
  5. Toe marakkalayaa umba taama innavada balla?

    ReplyDelete
  6. දරුවන්ගෙ ලෝකය හදා දෙන්න දහදිය හෙළන මෙවන් දිරිය මවුවරුන් කොපමණ මේ ලෝකෙ ඉන්නවා ඇද්ද? කිසිවකුගේ ගරුනම්බු, අගැයීම් නැතිව තනිවම විඳ දරාගන්නා ඔවුන්ගෙ දුක් කම්කටොළු ගැන ඉදිරිපත් කළ මේ විවරණයට තුති.

    ReplyDelete
  7. @Anonymous 1, 2 & 3:
    ආගන්තුකයින් ගරුසරුව පිලිගැනීමේ ලාංකික අපේ සම්ප්‍රදායානුකූලව "අයුබෝවන්".

    මා කලින් වරක් ද ලියූ ලෙසින්ම නිදහස් අදහස් ගරුකරන මා මේ අඩවියේ ඒ සඳහා ඉඩ සලසා තියෙනවා. ඒ නිසාම ඔබේ සටහන ඉවත් කරන්නේ නැහැ.

    සෑහෙන කලකට පෙර මා ඉගෙනගත් හා පිලිපදින ඉගැන්වීමක් මෙසේ සඳහන් කරන්න සිතුවා.

    Once Buddha was teaching a man who disagreed with him and started to verbally abuse him. Buddha, however, was calm and serene with a smile on his face; he remained unmoved by his comments. Seeing this, the man got even more agitated and escalated his shouting and abuse. Still, there was no reaction from Buddha.

    The man, tired, asked the Buddha, “Why is it that you never respond?”

    Buddha replied “If you offer me a gift and I don’t accept it, who has the gift now?”

    The man replied “Of course, I do, don’t you even know that!”

    Then the Buddha calmly replied, “Suppose I don’t accept your abuses, with whom do they remain?”

    Source: http://www.theultimatequestionoflifetheuniverseandeverything.com/buddhalesson

    ReplyDelete
  8. @චේජනා:
    මේ කෙටිකතාව පසුගිය වසරේ ෆෝරමයක් පැවැත්වූ සාහිත්‍යය තරඟයකට ඉදිරිපත් කල එකක්.

    බොහෝම ස්තුතියි නංගී ඇගයීමට.

    ReplyDelete
  9. @Chandi:
    බොහෝම ස්තුතියි අක්කේ විමසුම් සටහන හා ඇගයීමට.

    ReplyDelete
  10. @නලිනි චන්දිමා:
    ඔබේ ගැඹුරු විමසුමට බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  11. ha ha marakkalayaa bana kiyanoooooooooooo

    ReplyDelete
  12. "මිනිසෙකු පිට නැගි අසරුවෙකි
    ඒ බර ගෙයි වහලට බරකි
    පාන්දරින් පැරදුනු ඒ මිනිසා හැන්දෑවෙත්
    අසු පිටට නගී "

    දහසක් දුක් විදින ජීවිත අතරේ සුපුරුදු චරිතයක් ගැන ගොඩක් ලස්සනට ලියවිලා තියනවා ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  13. @Anonymous... උඹ දැකලා තියනවද පාරේ ලගින හොරිකඩ බල්ලෝ. උනුත් උඹ වගේ උන් කරන්නෙත් කාට හරි හපා කන්න පනින එක. ඊට පස්සෙ හරී ලොකූ වැඩක් කලා වගේ බිරුවට. ඒ මිනිස්සු උගෙන් ඈත් වෙන්නෙ ඌ හොරිකඩ බල්ලෙක් කියලා තේරුම් අරන්. ඒත් බල්ලා හිතන්නේ ඌ පොර කියලා . උඹත් ඒ මානසිකත්වේ ඉන්න එකෙක්. උඹ ගොඩා...............ක් පව්

    ReplyDelete
  14. කතාව ගැන- මේ වගේ දේවල් තවමත් අපේ සමාජයේ කොයිතරම් වෙනවද..? ඇබ්බැහි වුන උන්ම තෙරුම් අරගෙන හැදෙන්න ඕනෙ, එදාට ඒ කෙනා ලංකාවේ දුප්පත්කම අඩු කරන්න දශමයකින් හරි සහයෝගය දුන්න කියල සතුටු වෙන්න පුළුවන්.

    ආගන්තුකයා- අර දෙන්න ගෙනාපු තෑග්ග අතේ තියාගෙන ඉන්නවා, පව් තමා..!

    ReplyDelete
  15. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
    සුනිල් එදිරිසිංහයන්ගේ ඒ ගීතය අපේ සමාජ උවදුර හා ඇති ඇබ්බැහිය මනාවට කියාපානවා.

    බොහෝම ස්තුතියි මල්ලී සටහනක් එක් කරාට.

    ReplyDelete
  16. @සමන්ත රූපසිරි:
    ඒකනම් ඇත්ත මල්ලී, රටේ ආර්ථිකය කෙසේ වෙතත් පවුල් ඒකක මට්ටමෙන් ලොකු වෙනසක් ඇතිවේවි.

    බොහෝ නීති තද රටවල පවා මේ උවදුර මහා පරිමාණයෙන් පවතින බව දැන ගත්තාම පුදුමත් හිතුනා.

    බොහෝම ස්තුතියි මල්ලී ඔබේ විමසුම් සටහනට.

    ReplyDelete
  17. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා & සමන්ත රූපසිරි:
    මේ ඇනෝ ගැන මට නම් තියෙන්නේ අනුකම්පාවක්. ඒ නිසා එය ප්‍රශ්ණයක් කරගන්න එපා කියලා ඉල්ලා හිටිනවා.

    ReplyDelete
  18. ඩීන් අයියා..උඹ මාර මනුස්සයෙක් බං.
    මට උඹත් එක්ක වෙලාවකට යකා නගිනවා.
    පත සයිස් කතාවක මුල අල්ලලා..ඒක හුණ්ඩුවක් ඇතුලේ හිර කරලා නවත්තන එකට...

    ලියහංකෝ බං ටිකක් දිගට කම්මැලි නැතුව...

    ReplyDelete
  19. ඇබ්බැහියෙන් පීඩා විඳින පොඩි කතාවක් නොවැ... දිග කතාව නොලියූ කතාව, ඒ ගැන හිතන්න අපේ පාඨක පිරිසට ඉඩ තියන එක නේද හොඳ... ඉඳ හිට ඔළුවට ව්‍යායාමයක් වුනත් අවැසි නොවැ.

    සන්තෝසයි ඇවිත් සටහනක් තිබ්බට, බොහෝම ස්තුතියි මලේ.

    ReplyDelete
  20. mama godak welawata blog wala hoda dewal rasa widinawa... eth dan mata penawa ekthara kalliyak wisin anekuth agamwala (muslim) sohodarunta apahasa karanawa.. puluwannam mewani satthu tika kudu karala danna... eya meme blog awakashayata nindawaki...

    ReplyDelete
  21. @Anonymous:
    සාහිත්‍ය සයුරේ බ්ලොග් අවකාෂය මුහුදු වෙරළක් වගේ. ලොකු පොඩි රළ මුහුදු පතුලෙන් සිප්පි, කවඩි අරන් වෙරළට එනවා. ඒ අතර ඉකිරි, කැඩී ගිය සිප්පිකටු අනන්තව ඇති. ලස්සන වෙරළේ ඇවිද කැමැති කිරි කවඩි එකතු ගන්නවා වගේ ම ඒ අතර අනවශ්‍ය දේ ආවාම ඉවත් කරනවා. ඒ හැර මුහුදු රළ හෝ ඒ මගින් එන සිප්පි, කවඩි, ඉකිරි නවතන්න බැහැ.

    හැබැයි කුණු රොඩු නැති වෙරළට කාගෙත් හිත ඇදෙනවා. එතැන සුන්දර වුනොත් සමස්ථ සමාජයට ම මීට වඩා යහපතක් වේවි.

    ඔබේ සටහනට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  22. @sanjaya සිතුවිලි:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  23. කලින් කියවල නැහැ මම නම් ...අපුරුයි ඉතින් ...කවදත් වගේ කෙටි දිග කතා

    ReplyDelete