ගමන්මලු පොදි දෙකත් අත්බෑගයත් ට්‍රොලියේම තියලා තල්ලු කරගෙන ගේට්ටුවෙන් එලියට ආවත් ඊලඟට කල යුතු දේ ගැන පැහැදිලි අදහසක් ජයන්තට නොවිය. හයර් අල්ල ගන්න දඟලන වාහනකාරයින් ගෙන් ගැලවීමක් නොවිය. අවුරුදු ගානක් පිටරට ඉඳලා එන පවුලේ අය දැකගන්න බලාපොරොත්තු පුරවාගත් ඇස් බලා ඉන්න හැටි දකිද්දි ජයන්තගේ හිත දැවී යනවා වගේ දැනුනා.
"ජයන්ත කොහොමද යන්නේ..." කඩිසර ගමනින් පිටුපසින් ආ ප්‍රනාන්දු උරහිසට තට්ටුකරමින් ඇහුවා.
මට දෙන්න උත්තරයක් නොවිය.
"අපේ මල්ලි වාහනයක් අරන් ඇවිත් ඇති, අපි හොරේතුඩුවටනේ යන්නේ. ජයන්තව මාතර බස් එකට දාන්න පුලුවන්."
"බොහෝම ස්තුතියි මිස්ට ප්‍රනාන්දු."
පැය බාගයක් තරම් කොටි වෙලාවක් කතාකරලා මේ මනුස්සයා මාව බොහෝ දුරට තේරුම් අරන් ඇති හැටි. ඔහු කඩිසර තරුණයෙක්, දෝහා එයර්පොට් එකේ දී හම්බවෙල අඳුනා ගත්තේ. අවුරුද්දකට වරක් නිවාඩුවට එනවා කිව්වා. එයා වගේම කුළුපඟ තරුණයෙක් ඉස්සරහට ඇවිත් ප්‍රනාන්දු තල්ලු කරගෙන ආ ට්‍රොලිය ඉල්ලා ගත්තා.
"මල්ලී, මේ මිස්ට ජයන්ත."
උත්සාහයෙන් නගාගත් හිනාවකින් ජයන්ත උත්තර දුන්නා.
"මෙයා මාතර, අපි මෙයාව බස් එකට දාගෙන යමු."
"අයියගේ බෑග් දෙකත් මේ ට්‍රොලියට ම දාන්න. වාහනේ පාක් කරලා තියෙන්නේ ටිකක් ඈතින්."
"නෑ මල්ලී මේක එච්චර බරක් නැහැ, මට උස්සාගෙන එන්න පුලුවන්. යං."
"මල්ලී, අපිට පුලුවන් නේද මිස්ට ජයන්තව පෙටාවලින් මාතර බස් එකකට දාන්න."
"අයියේ..."
"ඇයි?" යමක් කියන්න උත්සාහ කල මල්ලීව වලකමින් ප්‍රනාන්දු ඉක්මන් විය.
"ලොකු අයියාට වාහනය ඕනෙ කිව්වා..."
"හරි මං අයියාට කතා කරන්නම්, අපි මිස්ට ජයන්තව බස් එකට දාලම යමු."
"නෑ, මාව මොරටුවෙන් බස්සලා යන්න ඒ ඇති."
"නැහැ, නැහැ මේ බෑග් එක්ක මොරටුවෙන් නගින එක ලේසි නෑ."
මග දිගේ අයියා මලෝ දෙන්නා පවුලේ තොරතුරු කතාවෙමින් ආවා. මගක් එද්දී ජයන්ත නින්දට වැටුනා. පිටකොටුවට එනකම් ජයන්ත හොඳටම නිදි.
ප්‍රනාන්දු මල්ලී විසින් ජයන්තගේ ගමන් මලු කිහිපයත් බස් එකට දාලා දුන්නා. ඒ අතර තුර ප්‍රනාන්දු පැත්තකට කරලා නෝට්ටු කිහිපයක් ජයන්ත අත තිබ්බා.
"මේක තියගන්න ගමන් වියදමට."
"නෑ නෑ... එපා."
"ඔයාගේ තත්වය මට තේරෙනවා, මේක තියාගන්න."
"මල්ලී අපි යමු."
"ගොඩාක් පින්..." කඳුලු පිරි ඇසින් මම බලා උන්නා මිස ඉන් එහා වචනයක් දොඩන්න බැරිවිය.
බස් එකේ තවමත් දහ දෙනෙක්වත් නැහැ. ලොඩ් වෙන්න තව වෙලා යාවි... ජයන්ත දහ අතේ කල්පනා කරන්නට විය...
ප්‍රනාන්දු දුන් සල්ලිවල රුපියල් 7500 ක් විය. පොඩි වෙලාවක් තුල අඳුනාගත් මනුස්සයා මෙච්චර උදව්කරා. තමා යහමින් හම්බකරලා විනෝද වුන කාලේත් කාටවත් උදව් කරා කියන මතකයක් ජයන්තට නොවිය.
ජයන්ත වැඩ කලේ ඇලුමිනියම් බාර් නිෂ්පාදන කම්හලක සේල්ස් රෙප් කෙනෙක් හැටියටය. එය පොඩි සමාගමකි, ඔවුන්ට කටුබැද්ද පලාතේ පොඩි නිශ්පාදන කම්හලක් ද විය. ලංකාව තුල තිබුනේ එවන් කම්හල් දෙකක් විතරයි. ඒ නිසාම රටට අවශ්‍ය ඇලුමිනියම් බාර් නිශ්පාදනය කරා, ඉල්ලුමද යහපත් විය. පුන්චි සේල්ස් කණ්ඩායමක් වුවද ඔවුන් ඉතා හොඳ ආදායමක් ලැබුවා. ලංකාව තුල ඉල්ලුම වැඩි වෙද්දී නිෂ්පාදනය වැඩි දියුණු කරන අදහසින් සප්ලයර් කෙනෙක් කර යෝජනාව මත සමාගම ඉන්දියන් සෙල්ස් ඉන්ජිනියර් කෙනෙක් මාකටින් මැනේජර් හැටියට පත්කලා.
මාස කීපයකින් සේල්ස් වැඩි වුනා. සේල්ස් ටීම් එකත් වැඩි කලා. අලුත් රෙප්ලා පිට පලාත්වලට පත්කලා. අලුත් මැනේජර් සෙල්ස් රෙප්ලා නයිට් ක්ලබ්, බාර් වලට එක්ක ගිහින් රෙප්ලාට හොඳට සලකන්න පටන් ගත්තේ සෙල්ස් ප්‍රමොෂන් පිට දාලා.
කලින් සේල්ස් බාරව හිටියේ සමාගමේ හවුල්කාරයින් ගෙන් කෙනෙක් වෙන මිස්ට දේවෙන්ද්‍රන්. එයා මිස්ට අබේධීරත්, මිස්ට කාදරුත් එකතුකරන් පටන් ගත් පලමු ප්ලාන්ට් එක ලංකාවේ. තුන් දෙනාම එකම කැම්පස් එකේ බැචාලා. අයිතිකාරයෝ කිව්වට එකා වගේ මහන්සියෙන් වැඩකල අය.
අළුත් මැනේජර් ජයන්තව ගොඩාක් ලං කරගත්තේ ජයන්තගේ සල්ලිවලට තියෙන කෑදරකම තේරුම් අරගෙන. ජයන්ත අනික් රෙප්ලාව බා ගත්තා. කට්ටියට කන්න බොන්න දෙන්න කලින් මාකට් රිපෝට් ඔක්කෝම බාගන්නවා. ඒ අතරතුර අළුත් මැනේජර් හිටි හැටියේම පෙරලා ඉන්දියාවට ගියේ. තමා ආපසු නොඑන බව කියා ඉල්ලා අස්වුන බව දින දෙකකට පසුව ජයන්ත දැනගත්තේ මිස්ට අබේධීරගෙන්.
පෙර පරිදි මිස්ට දේවෙන්ද්‍රන් සේල්ස් මැනේජර් වුනා. සති දෙකක් ගියේ නැහැ කම්හලේ නිෂ්පාදන වලට සමාන නිෂ්පාදන වෙලඳ පොලට ආවේ අඩු මිලකට. අපේ කොම්පැණියෙ නිෂ්පාදන ඉල්ලුම පිරිහෙන්න පටන් ගත්තා. අපෙන් බඩු ගත් අය තොග ගනන් රිටන් කරන්න පටන් ගත්තා, කම්හලේ තිබුණ අමුද්‍රව්‍ය සල්ලි කරන්න බැරිවිය. ඒත් වැඩකරන මිනිසුන් ගේ දුක මහන්සිය දන්න රත්තරං මහත්වරු තුන් දෙනා පුලු පුලුවන් විදියට වැඩකරන අය ගැන බැලුවා. මාස තුන හතරක් ගිහින් බැංකුවෙන් ඇවිත් සීල් කලේ කවුරුත් හිතපු නැති විදියට.
මිස්ට දේවෙන්ද්‍රන් කම්හලේ තාප්පයෙන් එලියේ රැඳිලා හිටිය අය දිහා බලන්නේවත් නැතිව බිම බලාගෙන කතාකලේ...
"අපිට වෙරදුනා. අපේ සෙල්ස් මැනේජර් හැටියට ඇවිත් තියෙන්නේ අපිව විනාස කරන්න ඉන්දියන් සමාගමක් යවපු ඒජන්ට් කෙනෙක්. එයා අපේ රෙප්ලා ඔක්කෝම අල්ලගෙන අපේ රටට අවස්ය දේවල් ස්ටඩී කරගෙන ගිහින්. දැන් එයාලා අපේ රටට සප්ලයි කරනවා... ලෝ ප්‍රයිස් වලට... ලෝ කොලිටි. ඒත් අපිට එයාලගෙ ප්‍රයිස් එක්ක කරන්න බැහැ. අපි ඔයාලට පඩි ගෙවන්න බෑන්ක් ලොන් ගත්තා. ඒවා ගෙවන්න බැරි වුණා. බෑන්ක් එක එවිත් සීල් තිබ්බා."
"ස්ටොර්ස් වල තියෙන මැටීරියල් වලට සල්ලි ගෙව්වේ අපි තුන්දෙනාගේ ගෙවල් විකුණලා. අපි වැඩ නැතිව මාස තුනක් පඩි ගෙව්වා. ඔයාලට වෙන මොකුත් කරන්න බැරිව අපි අසරණ වෙලා, අපිට සමාවෙන්න ඕනේ..." දෝත හිසේ තියාගෙන ඔළුව උස්සලා බලාපු දේවෙන්ද්‍රන් මහත්තයාගේ ඇස් වලින් කඳුලු දෝර ගලනවා.
"අපිට වලකැපුවේ අපේම අයත් එකතුවෙලා" කිව්වේ සෙල්ස් රෙප්ලා දිහා බලාගෙන. ජයන්තගේ පපුවට පිහියෙන් අනිනවා වගේ ඒ වචන දැනුනේ, තවමත් කන්කුහර වල රැව් පිලිරැව් දෙනවා.
ජයන්ත කටාර් වල ඇලුමිනියම් ගොඩනැගිලි නිෂ්පාදන විකුණන සමාගමක රෙප් හැටියට ගියත් සමාගම බංකොලොත් වූ නිසා මාස හතරක් යන්න කලින් ආපසු එන්න වූයේ වියදම් කර සියල්ලත් නැතිකරගෙන.
තමුන්ට ප්‍රනාන්දු හමුවූයේ දඬුවමක් හැටියටද?
දිගින් දිගටම ජයන්තට සිතුනි.
* වසර කිහිපයකට කලින් සිදුවූ සත්‍ය කතාවක් මුල්කරගෙන; නම් ගම් වෙනස්කර ලියූ කෙටි කතාවකි
තාවකාලික වාසියට තමන්ටත් අනුන්ටත් හැමදේම අහිමිකරන මිනිස්සුන්ගෙන් අන්තිමට මේ තත්වෙට වැටෙන අය විතරක් යමක් තේරුම් ගනියි.
ReplyDeleteකළ කළදේ පල පලදේ කියන්නෙ මේකට තමා ඉතිං ....
ReplyDeleteකාවා, නෑයා, වේයා..... :)
වේයා කියල දැම්මෙ ඇයි අය්යෙ..?
ReplyDeletebrilliant story machan....
ReplyDeleteඅපේ මිනිස්සුන්ගෙ හැටියක්මනෙ, තාවකාලික වාසියකට වහ වැටුනම දුර දිග පෙනෙන්නෙ නැහැ,
ReplyDeleteඅවුට්සයිඩර්ගේ කියමන හරි.
ReplyDeleteහැබැයි ඒ අයගෙනුත් සමහරක් නැවත අවස්ථාවක් ආවහම ඒ තේරුම් ගැනීමත් අමතක කරල දමාවි.
@``` Outsider```:
ReplyDeleteඒකනම් ඇත්ත. බොහෝම ස්තුතියි සටහනට.
@තනෝජා රාජපක්‍ෂ:
ReplyDeleteඑහෙම කරන අය රොකට් වගේ නැගලා ගිහින් උඩට ගියාටත් වඩා වැඩි වේගයෙන් ඇවිත් ඇනගන්නවා.
අර තුන්ගොල්ලන්ට උකුණත් එකතු වුනොත් කොහෙමද?
අපූරු සංසිද්ධීයක්
ReplyDeleteඅපූරු පලදීමක්
හැබැයි මෙහෙමවත් තමන් ගැන ඇනලයිසිස් එකක් කරන්න පුළුවන් අය ඉන්නෙත් ටිකයි
ගොඩාක් දේවල් හිතන්න කියපු කතාවත්. ඔබට ඇති අද්දැකීම් හැටියට මේ වගේ කතා ගොඩාක් ඇති.
ReplyDeleteකෙටිකාලීන පෞද්ගලික වාසි වෙනුවෙන් දිගුකාලීන පොදු යහපත පාවා දෙන්නන්ට අයිතිවිය යුතු ඉරණම. ඒත් තමන්ට අත්විඳින්නට සිදුවූ පසුත් අතීතය ආවර්ජනය කර තමන්ට වැරදුණු තැන තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද? හිතන්නට යමක් ඉතිරිකරන නිර්මාණයක්.
ReplyDelete@චේජනා:
ReplyDeleteමේ කතාවේ සප්ලයර් කෙනෙකුගේ රෙකමදාරුව මත නන්නාඳුනන විදේශිකයෙක් පත්කරන්නේ වගකිවයුතු තනතුරකට. එය කාලාන්තරයක් තිස්සේ මහන්සියෙන් හැදූ ගෙයක අලුතෙන් එක්කල අනෙක්සියේ මුදුන්ලීය වගේ, ඒත් සැපයුම්කරු මත ඇති විශ්වාසය නිසා ලීය පරීක්ෂාවට බඳුන් වූයේ නැහැ, ගෑ යුතු දැව ආරාක්ෂක යෙදුවෙත් නැහැ. ඒ මුදුන් ලීය සැඟව ආ ලීයේ වැඩෙන සතා පෝෂණය වෙමින් සම්පූර්න වහලම දිරාපත් කරා.
ජයන්ත නැමැති සේල්ස් රෙප් මෙතැන දී කරන්නේත් ඉන්න තැන ජීවත්වෙමින්, වැඩෙමිනින්, වැනසීම.
වේයා පොලොවේ පස ඇතුලතින් හාරමින් තුඹස හදන්නේ ශක්තිමත්ව. ලීයක වැඩෙද්දී ලීය දිරාපත් කරන්නේ ඇතුලතින් හෙමින් සීරුවේ, බොහෝවිට මතුපිට කබොල්ල හිස් කියලා දැන ගනිද්දී ලීය හෝ ලීය යොදා හැදූ වටිනා දෑ විනාස වී අවසන්.
මේ කතාවට මූලික වූ සත්‍ය සිද්ධියේ වෙන්නේ ද ඉන්න තැන වැඩෙමින් කබාසීනියා කර දෙයක්, ඒ නිසා වේයා හැටියට නම් කරා.
මේ සිද්ධිය වී වසර පහක් පමණ වුවද මෑත කාලයේ අපේ මධ්‍යම හා කුඩා පරිමාණ නිෂ්පාදන හා සේවා අංශය විදේශීය වේයන් ගේ ඉලක්ක වී ඇති බවයි පෙනෙන්නේ.
@Anno-1:
ReplyDeleteThank you very much, that one line mean a lot.
@Ravi:
ReplyDeleteඔව්, මෙතැන තාවකාලික වාසිය වගේම ව්‍යාපාරය හිමිකරුවන්ගේ දැඩි විශ්වාසයත් විනාසයට බලපාන බව මතුකරන්න උත්සාහ ගත්තා.
බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.
@Raven:
ReplyDeleteඅවාසනාවට මෙවැනි පාඩම් මතක හිටින්නේ ටික කාලයයි නේ.
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.
@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
ReplyDeleteමේ කතාවේ අරමුණ වූයේද ඔබේ විමසුමට බඳුන් වූ ඒ කාරනා කිහිපය මතුකර දැක්වීමයි.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@Ano-2:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ සටහනට, සමාජයට යහපතක් සලසන්න පුලුවන් දේවල් ගෙනෙන්න බලමු.
@නලිනි චන්දිමා:
ReplyDeleteඇත්තෙන්ම වැරදි වටහාගෙන ගොඩවෙන්න පුලුවන් නම් ඒ වගේ ඉහළ ක්‍රියාවක් තවත් නැති තරම්.
බොහෝම ස්තුතියි නංගී විමසුමක් එක් කර සටහනට.