Wednesday, February 16, 2011

රනිල කුලේ නිදිකුම්බා


කඩිසර ලොව නුඹ නිදියන
බුදියන ලොව නුඹ බැබලෙන
කුලෑටි හින්දද ඔහේ ගුලිවෙන
රනිල කුලේ නිදිකුම්බා නුඹ

වටා පිටාවෙන් වා අරගෙන
මුලේ ගැටති හවුල් කරගෙන
පස සරුකරන නයිට්‍රජන් දෙන
එපා හදන්නට හිනා වායුව නුඹ

අඩක්වත් පිරිනැති කුස අහරින
දෑතින් බදාගෙන හිනාවෙන
වාරු නැති උන් වියරු වැටුන
ගැලුවා නම් ඉතිරිවේද පඳුරේ නුඹ


නිදිකුම්බා පඳුර ගැන පදපෙල ලියන අතර එම ශාඛ විශේෂය හා සම්බන්ධ තවත් කරුණු පෙලක් මතකයට ඇදි ආවා.
  • පොලෝ පසේ සරුසාර බව රැකෙන්න නයිට්‍රජන් අවශ්‍ය කරයි
  • පෘථිවි වායුගෝලයේ 75%කට වඩා නයිට්‍රජන් අඩංගුවේ
  • එහෙත් වායුගෝලීය නයිට්‍රජන් කෙලින්ම පසට ලබා ගැනීමේ හැකියාවක් නැත
  • රනිල කුලයේ පැලෑටි හැටියට ගැනෙන පරිප්පු, කව්පි, මුං, ආදී දෙපියළි සහිත ධාන්‍ය බෝග (Legumes) හා නිදිකුම්බා පඳුරු වායුගෝලීය වාතය උරාගෙන ඉන් පසට වැඩදායී නයිට්‍රජන් ලබාදෙන හැකියාවකින් සමන්විතයි
  • එම පැලවල මුලේ ඇති ගැටිතිවල වැඩෙන බැක්ටීරියා විශේෂයක් (Rhizobium bacteria) මේ කර්තව්‍යය ඉටුකරයි
  • ඒ අනුව පසට නයිට්‍රජන් සපයන ප්‍රධාන මූලාශ්‍රය වායුගෝලය යැයි කිව හැකිය
  • තවද වර්ෂා ජලයේ දියවිමෙන් යම් ප්‍රමාණයක වායුගෝලීය නයිට්‍රජන් ද දිරාපත්වී පසට එක්වෙන ගස්කොලන් හා සත්ව කොටස් වලින් ද, පසට නයිට්‍රජන් එකතුවේ
නිදිකුම්බා පඳුරේ හැකිලෙන-දිගහැරෙන ස්වභාවය නිසා නෙයෙක් භාෂා වලින් නිදිකුම්බා පැලය සංවේදී පැලය, ලැජ්ජාශීලී පැලය කියන නම් දී තියෙන අතර උද්භිද විද්‍යාත්මක නම මිමෝසා පුඩිකා (Mimosa Pudica - සංවේදී පැලය යන අරුත) වේ. දෙමළ බසින් තොට්ටා සිනින්ගි (Thotta-siningi) යැයි කියන බව ලඟකදී දැන ගත් නමුත් අපේ ගම් පලාතේ කතාකරන දෙමළින් කියන්නේ තොට්ටාල් වාඩි (ඇල්ලුවෙත් මැලවෙන කියන අරුත) කියාය.
නිදිකුම්බා පැලය ගැන වැඩි විස්තර පහත දී ඇති සැබැඳි වලින් කියවන්න පුලුවනි.
කලබලයක දී ලැජ්ජාශීලීව ගුලිවෙන, වටාපිටාව නිසසල වෙද්දී ඔදතෙද දක්වා වැජඹෙන කටු පිරුන නිදිකුම්බා පඳුරු... පොලෝ පසට නයිට්‍රජන් වෙනුවට හිනා වායුව කියා ප්‍රසිද්ධ නයිට්‍රස් ඔක්සයිඩ් නිපද වූවහොත්... මොනවා වෙන්න පුලුවන්ද හිතුන වෙලාවක ලියපු පදපෙලක්.
කවදත් වගේ පදපෙල ගැන ඔබේ අදහස් සටහන් කරලා යන්න...

14 comments:

  1. තව ටික කාලයක් ගියහම නිදිකුම්බත් හොයාගන්න වෙන්නෙ බෙහෙත් බඩු කඩෙන් විතරයි. සමහර විට මේ අපේ මිනිස්සු යාන්ත්‍රික වෙන විදිහට ඉස්සරහට මිනිසුන්ට සිනහ වෙන්න නයිට්‍රස් ඔක්සයිඩ් ඕනා වෙන්නත් පුළුවන්. අන්න එදාට නං නිදිකුම්බා පැලේටත් කලක් යයි!!

    ReplyDelete
  2. පැලෑටිය ගැනත් පසුබිම් තොරතුරු රැසක් එක්ක ඉදිරිපත් කළ කවියක්. දුක් පීඩා මැද ඉන්න මිනිස්සු හිතේ කිසි සතුටක් නැතිවත් එහෙම දිනයකට හිනා වෙයිද, ඒත් නැත්නම් තමන්ගෙ දුක ගණන් නොගෙන ලෝකෙටම හිනා වෙන්න සලස්වන නිදිකුම්බා ගැන තරහ අරගෙන නිදිකුම්බා වනසයිද? අනේ මන්දා.

    ReplyDelete
  3. /කඩිසර ලොව නුඹ නිදියන
    බුදියන ලොව නුඹ බැබලෙන/

    නිදිකුම්බා පස සරුකරන නිසා කොස්, පොල්, දෙල් වගේම වීර, පලු, තේක්ක, නා, ආරලියත් උසට වැවෙනවා නේද?

    පදපෙල අපූරුයි. හිතෙන දේ ගොඩයි. ඇනෝ හැටියට ලිව්වට සමාවෙන්න.

    ReplyDelete
  4. හොඳ වෙලාවට පයින් ගහන ඇරෙන්න වෙන කරදරයක් නම් කරන්න නෑ මම නිදිකුම්බා ගස්වලට... කටු තියෙන හින්ද ටිකක් බයත් එක්ක නෙ...

    ReplyDelete
  5. Mulimnma me blog ekata aavei LOKAIYEA nirmanaye kiyavanna. Eda idala post okkoma kiyavala ati. Mata Sinhalen comment karanna vidiyak nati nisa mokut liyan nativa yanava. Me post ekat noliya baha.

    Oba sarala pada pelakin karana vigraha hari gaburui. MATI PAHANATA TEL BIDAK nirmanaya in ekak. Eya Lankawe tatvaya gana vigrahayak unat ada hitenawa madaperadiga dan siddawena dewal gana kataa kara da kiyala.

    NIDIKUMBA eetat vada loku vigrahayak anatru dakveemak kiyala hitenawa. Rata vasiyan avadi wela innkota nidaa genna, rata vasiyan nidi welavata uda pana pana bale pennana ape naayakayin kiyan kotasa gana kataakaranawaa kiyanna puluwan. Ape taruna aya nagitiddi unwa nati karalaa ada Tunesia va pennana lokko mekata honda udaharanayak.

    About Me anuwa api samakaleenayo nisa me vistara leewe. Singlish liwama kiyawanna tikak amarui. Sorry.

    ReplyDelete
  6. @හරී - පිණිපළස:
    සත්තකින්ම. නිදිකුම්බා පැලෑටියේ විශේෂ ලක්ෂණය නිසා වෙන්න ඇති විදේශයන්හි විනෝදාංශයට වවන පැල අතර තැනක් ලැබිලා තියෙන්නේ.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  7. @නලිනි චන්දිමා:
    "...තමන්ගෙ දුක ගණන් නොගෙන ලෝකෙටම හිනා වෙන්න සලස්වන නිදිකුම්බා ගැන තරහ අරගෙන නිදිකුම්බා වනසයිද?"

    මටත් එහෙම තමා හිතුනේ.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  8. @Ano-1:
    ඇත්තෙන්, පොඩිපැල වගේම ලොකුවෙන ගසුත් ප්‍රයෝජන ගන්නවානේන්නම්.

    බොහෝම ස්තුතියි ඇනෝ හැටියටවත් සටහනටක් එක් කරාට.

    ReplyDelete
  9. @චේජනා:
    අපේ ගෙවතුවලත් වැවෙන නිදිකුම්බා පැලෑටිය එතරම් ගනන් ගත්තේ නැතිවට ඒ පැලෑටියේ සංවේදී බව නිසාම වෙන්න ඇති විදේශයන් හි විනෝදාංශයට වවන ගෘහස්ත පැල අතර තැනක් හිමිවන්නේ.

    මේ පදපෙල කරලා මාස දෙකක් විතර ඇති, විස්තර පිළියෙල කර ගන්න වෙලාවක් නැතිව ප්‍රමාද වුනත්, නංගි ලඟකදී කල පොස්ට් එකෙන් මේ පොස්ට් එකත් ඉක්මන් වුනා.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  10. @Ano-2:
    දැන ගන්නත් සන්තෝසයි ඔබ නිතිපතා ගල්මල් අඩවියට ඇවිත් නිර්මාණ රසවිඳින බව. ඒ වගේම ඔබේ ඇගයීම ස්තුතිපූර්වකව බාර ගන්නෙමි.

    මැටි පහනට තෙල් බිඳක් නිර්මාණයෙන් රටවැසියන්ගේ බලාපොරොත්තු, බලාපොරොත්තු ක්ෂය වීම හා ඔවුන් බාගන්න පුලුවන් අදිසි හස්තයන් ගැන කල විමසුමක්. එය දේශසීමාවන් ගෙන් තොර දෙයක් නේද යන්න ඔබේ සටහනින් මතක් කරා.

    ඔබේ මේ නිර්මාණ විමසුම් කෝණය ගොඩාක් සිත්ගත්තා. ඒ "සමකාලීන" අත්දැකීම නිසාම වෙන්න ඇති.

    නෙයෙකුත් සීමාවන් නිසා සිංහලින් කොමන්ට් කරන්න බැරිව වුවද ඔබ එක් කලේ අගනා සටහනක්. ඒ ගැන සතුටුයි. බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  11. පදපෙළ නම් හරිම අපූරුයි.
    විස්තරයත් ඒ වගේම ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මිත්‍රයා

      Delete
  12. බැලු බැල්මට වැඩකට නැති කරදරයක් විදියට පෙනෙන දෙයක් වුනත් අපිට නොදැනිම මොනතරම් සේවයක් අපට කරනවද ? බලාගෙන යනකොට ස්වාභාව ධර්මයේ මූලික නියමයන් අපි හැමෝටම පොදුයි නේද ඩීන් අයියෙ…

    ReplyDelete
    Replies
    1. සොබාවික දේවල් කිසිවක් පලක් නැහැ කියලා ඈත් කරන්න අමාරුයි, තුත්තිරි පැලය පවා (තුත්තිරි පැලයේ බඳෙන් ගන්න යුෂ/කිරි ගම් පලාත්වල ඇස්වල මතුවෙන නැගන වලට බෙහෙත් කරන්න ගන්නවා).

      අපිටත් නිදිකුම්බා පැලය වගේ ඉන්න පුළුවන් නම්... කියලා හිතුන වාර අනන්තයි.

      Delete