Saturday, May 22, 2010

පුංචි චාරිකාවක්

අද මැයි 22දා, අපේ රට "ජනරජ දිනය" සමරන වැදගත් දවසක්.

ශ්‍රී ලංකා දීපය 1798 සිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වූ පාලනයෙන් නිදහස් කලේ 1948 පෙබරවාරි 4දා. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රැජිණ යටතේම පැවතුන රට 1972 මැයි 22 දා ජනරජයක් බවට පත්විය. දැනට භාවිතයේ ඇති ජාතික ධජය එලිදැක්වූයේ ද එදිනයි. තවද ජනරජ දිනයත් සමග අප රටේ ජනාධිපති තනතුරක් පිහිටවූවා, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති තනතුර පිහිටුවන තුරු එය නාමික ජනාධිපති තනතුරක් විය. (මෙ සටහන අද දිනට යෙදෙන "ජනරජ දිනය" ගැන කෙටි හැඳින්වීමක් පමණි)

අපේ රටේ අසිරිය නරඹන්න ගුවනින් "පුංචි චාරිකාවක්" යන්න ඔබට ඇරයුම.

කියවීමේ පහසුව තකා මෙ කවිපන්තිය ග්‍රැෆික් පිටු හයකින් යුත් ඉමේජ් ලෙස ඉදිරිපත් කර ඇත. ග්‍රැෆික් පිටුවක් මත ක්ලික් කරීමෙන් ඉමේජය විශාල කරගෙන පහසුවෙන් කියවීමට පුලුවන් වේවි.


පලමු පල කිරීම: 04-02-2010

18 comments:

  1. අපේ දේවල් සයිබර් අවකාශයට සරිලන ලෙස නැවුම් අයුරකින් ඉදරිපත් කීරිම පිළිබඳ මගේ සතුට මෙසේ සටහන් කරමි !

    ReplyDelete
  2. ගල් මල්-කොරල්,

    මගේ යාළුවේ....මම් කිව්වෙ උඹගෙ මේ අඩවියේ සටහනක් තබන්නත් මං හරිම පරිස්සම්වෙනව කියල....සාමාන්‍යයෙන් ජීවිතයේ හෑම ප්‍රශ්නයක් දිහාම මම බලන්නේ උපෙක්ෂාවෙන්....ඒත් එක්කාරණයක් සම්බන්ධයෙන් හැම වෙලාවෙදිම හැඟීම්බර වෙනවා...ඒ "මව් බිම" කියන සාධකයේදී...
    මට මගේ මේ ගල්මල් කියන යාළුවා ගැන තියෙන ගවුරවය ඇත්තටම දවසින් දවස වැඩිවෙනවා...
    කොහොමනමුත් මේ පෝස්ට් එක මම තාම කියෙව්වේ නැහැ...දැන්ම කියවනවා..."නිදහස"කියන වචනයේ සැබෑ අරුත දන්නා ඇත්තෝ ජනරජ දිනය යනු කිමෙක්දැ'යි දනිති....

    'දිනවමු ලක් රට...
    සුරකිමු මතුවට...
    ශ්‍රී ලංකා මාතා...'

    සුලා...

    ReplyDelete
  3. මගේ ජීවිතයේ කියවපු වෙනස්ම නිර්මානයක්...

    අයියා සනීපෙන් ඇති කියලා හිතනවා. හුඟ දවසකින් on line හම්බ උනෙත් නැහැ... අයියට ජය !

    ReplyDelete
  4. අය්යෙ..ඔයා මේක මහන්සි වෙලා ලියල, graphic හදල දෙකම..ඇත්තටම ලස්සනයි..ලංකාව වටේ යන ගමනක අත්දැකීම ම විඳින්න ලැබෙනව කියවද්දි ...
    ගොඩක් ස්තුතියි මෙච්චර වෙහෙසිලා ජනරජ දිනය වෙනුවෙන් කළ මේ නිර්මාණය එක් කළාට..මෙතන..

    ReplyDelete
  5. අමුතුම ආකරයකින් කෙරුණු ලස්සන නිර්‍මාණයක්. මව්බිම ගැන මෙන්ම ඔබ තුල මව්බිම පිළිබඳව ඇති ගෞරවය මැනැවින් විදා පානවා. ඔබට තුති...

    ReplyDelete
  6. ඇත්තටම අමුතු නිර්මාණයක් ගුවන් චාරිකාවක් නිමා කරලා ඔන්න බිමට බැස්සා..
    ස්තූතියි බොහෝමත්ම..!!!!! මේවගේ වැදගත් දිනයක් මතක් කරලා දුන්නට .
    මගේ රට කවි පන්තිය මතක් උනා මට:-)

    ReplyDelete
  7. පත් වී අඟති වල එක රටකම ඉපිද
    අත් වූ ඇබැදි වල තව පැල්ලම් නොවෙද
    සිත් බැඳ ගතොත් අත් හරිමින් හැම බේද
    ගත්තා මෙනි කිරුළ ලක් මැනිය පැළඳ

    ReplyDelete
  8. @වැප්:
    බොහෝම ස්තුතියි, ඔබේ සටහන ලොකු ශක්තියක්

    ReplyDelete
  9. @සුලා:
    යාළුවේ, බොහෝම ස්තුතියි ඔබේ මල්දමට.

    මෙ නිර්මාණයට මූලික වුනේ අපි ගුවනින් දකින අසිරිය, ඉන් ඔබ්බට පියාසර කලේ නිර්මාණ සිත. අපේ වැසියෝ කුරුල්ලෙක් දකින සේ උසක සිට ඒ පින්බිම දකින්න සමත්වේ නම් අපේ රට දිනවන්න පුලුවනි - මගේ අදහස.

    ReplyDelete
  10. @මින්දද:
    බොහෝම ස්තුතියි මල්ලියෙ ඔබේ වටිනා ඇගයීමට.

    මා හොඳින් ඉන්නවා, මේ ටිකේම වැඩ ටිකක් වැඩියි.
    මල්ලිවත් දැක්කේ නැහැ කාලෙකින්, PM එකක් යවන්න හිටියත් අතපසු විය. ඔබේ පොස්ට් එකෙන් හේතුව දැනගත්තා, කාල වේලාව මදිකම නිසා පොඩි සටහනක් තිබ්බේ.

    ReplyDelete
  11. යන්න රටවටේ..එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ...
    සීගිරියේ කැටපත් පව් රේ... තුන් සිංහලේ....
    කන්ද උඩරටයි..පාත දුම්ඹරයි..
    වටේට මුතුපර මුහුදයි..
    මල් වයසේ හඳපාන වගේ..අනුරා පුරේ....

    ලා..ලලල.ලා ලා ලා ලා...
    නුවර වැවේ වැව රවුමේ...
    ලා ලා ලලා ලා...තුන් සිංහලේ...
    ලා..ලලල.ලා ලා ලා ලා...
    තිසා වැවේ හඳ පානේ..
    ලා ලා ලලා ලා...තුන් සිංහලේ...

    වැවයි දාගැබයි..ගමයි පංසලයි
    සිංහල පොළොව මගේ මේ
    ලස්සන ශ්‍රී ලංකාවේ... මේ රන් දිවයිනේ
    දේව මන්දිරේ..කදිර කෝවිලේ..
    ඝංඨා නඳ පැතිරෙන්නේ..
    ලස්සන ශ්‍රී ලංකාවේ... මේ රන් දිවයිනේ

    සුලා..

    ReplyDelete
  12. @චේජනා:
    බොහෝම ස්තුතියි නංගි සටහනට හා ඇගයීමට.

    මෙවගේ ග්‍රැෆික් පිටු සකසා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන පියවරෙන් පියවර පැහැදිලිකර guide එකක් මාස කිහිපයකට පෙර forumයක පල කලා. ඒ මගින් ලස්සන සිතුවමක් එක් කර තමුන්ගේ නිර්මාණයක් කරගන්න පුලුවන් වේවි. බ්ලොග් එකට සුදුසු ලෙස සකසා ඉදිරි දිනකදී එය පලකරන්නම්.

    ReplyDelete
  13. @nethu:
    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීම, එය ලොකු ශක්තියකි.

    ReplyDelete
  14. @nimanthi:
    බොහෝම ස්තුතියි සොයුරියේ ඔබේ සටහනට හා ඇගයීමට

    ReplyDelete
  15. @විහඟ ගීතය:
    ".. සිත් බැඳ ගතොත් අත් හරිමින් හැම බේද
    ගත්තා මෙනි කිරුළ ලක් මැනිය පැළඳ .."

    ඔබේ පදපෙල ගොඩාක් සිත්ගත්තා, එවන් දිනක් නුදුරු අනාගතයේදී උදාවේවා!

    ReplyDelete
  16. @සුලා:
    අත්තෙනම් ඩෙස්මන් සිල්වා ගේ මෙ ගීතය (යන්න රට වටේ)කවදත් නැවුම් ලස්සන රූපයක් ගොඩනගනවා.
    ස්තුතියි පදවැලට.

    ReplyDelete
  17. චන්දිමාFebruary 4, 2011 at 4:52 PM

    අමුතුම මාදිලියේ ඉදිරිපත් කිරීමක්. අපූරුයි.

    ReplyDelete
  18. @චන්දිමා:
    මෙය 2010 වසරේ නිදහස් දිනය වෙනුවෙන් කල නිර්මාණයක්, පසුව එම වසරේ ජනරජ දිනය වෙනුවෙන් ගල්මල් අඩවියේ පලකලා.
    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීම් සටහනට.

    ReplyDelete