Thursday, April 15, 2010

විවේකය


නැතත් නොම්බර
ටික් ටික් ගා
දුවයි වේගයෙන්
විසිකර දෑත්
ලුහුබැඳ
දුන්නත් කෑ මොර
ඉඳ හිට

විඩාබර මෙයත්
දවසට දෙවරක්
ගනී මොහොතක
විවේකයක්!

සටහන: තොරතෝංචියක් නැති වෙහෙසකාරි ගමනේ යෙදුනත් ඔරලෝසුවේ කටු දෙක 12හේ පැය පෙන්නුම් කරන දෙවරදී වත් මොහොතක විවේකයක් ගන්නවා එකතැනකට වෙලා. වරකදී ඒ මොහොත විනාඩියකට අඩු සුළු කාලයක් වුනත් සීරුවෙන්, නොවරදවාම ලබාගන්න දෙයක්. ඒත් එවන් පුංචි මොහොතක්වත් වෙන්කරන්න බැරි සේ අද සමාජය (අපි!) කාර්යබහුලයි නේද?

පලමු පලකිරීම: 16-02-2010

17 comments:

  1. ඒක නම් ඇත්ත අයියෙ..... තමන් මනුස්සයෙක් නේද කියල හිතන්න තරම්වත් මිනිස්සුන්ට විවේකයක් නැහැ අදකාලෙ........


    මේ ඇත්තටම මොකක්ද අයියේ අර ඊමේල් කතාව මට තේරුනේ නෑ... ඒක කිවුවෙ චේජනා අක්කටද ?

    ReplyDelete
  2. හරියට හරි

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.

    ඔබේ ඛව්වාලි සින්දුව රසවින්දා ගොඩාක්. තවත් ලස්සන හින්දි සින්දුවක විස්තර දන්වා Raven ට ඊ-මෙල් කරා. සමහරවිට දක්කේ නැතුව ඇති කියා සිතා ඒ පේලිය ලීවෙ. පුලුවන් වෙලාවට බලන්න.

    ReplyDelete
  4. ඔහ්........ හරි හරි අයියෙ දැන්නෙ තේරුනේ........ :) රේවන්ට බලන්න ඉඩක් ලැබුනෙ නෑ අයියෙ..... මටත් බැරි වුනා බලන්න........ හරි අයියේ මම බලන්නම්.....

    ReplyDelete
  5. ගල් මල් අයියා... ඔරලොසුව,කාලය හරිම පුදුම දෙවල්, අපිව හැමදාම රවට්ටනවා.. පෙන්නන්නෙ 12 උඩදී පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා තමයි .. නමුත් මෙ දෙන්නා දවසකට 23 පාරක් එක් තැන් වෙලා පොඩි පොඩි විවෙක ගන්නවා.. එක අපිට දැනෙන්නෙවත් නැහැ නෙද..? නමුත් වැදගත් දෙ අපි මිනිස්සු.. අපිට අවශ්‍ය දෙ මොකද්ද එ දෙ අපිම හොයාගන්නවා.. කාලයට වුනත් බෙරුමක් නැහැ..

    ReplyDelete
  6. නිර්මාණය අගෙයි අයියේ.

    ඊ මේලය ලැබුණා. ටිකක් පමා වෙලයි දැක්කේ. ස්තූතියි අය්යෙ ඒ සුන්දර ගීතයට.

    ReplyDelete
  7. ඒක ඇත්ත තමයි. හැබැයි ඉතින් වුවමනාව තියනව නම් විවේකයක් සොයා ගන්න එක සුළු දෙයක්.

    ReplyDelete
  8. සමනලීගේ හිත ඇදි ගිය නිර්මාණයක්..... හරිම ලස්සනයි අයියේ...

    ඇත්ත තමයි.... අපි ස්වයංක්‍රීය රොබෝලා වගේ ඔහේ දුවනවා ජීවිතේ හීන හැබෑ කරගන්න....

    ReplyDelete
  9. අමුතු අදහසක්...හැබැයි කතාව ඇත්ත..අපූරු නිර්මාණයක්.

    ReplyDelete
  10. මටත් එකා පාරටම හිතා ගන්න බැරිව ගියා කොයි වෙලාවෙද ඔරලෝසුව නිවාඩු ගන්නේ කියලා . .

    නියම අදහසක් මචං . .

    ReplyDelete
  11. කිසිම දවසක හිතට නො ආ අදහසක් අය්යෙ.. ඔරලෝසු ක‍ටු විවේක ගන්නව කියල දොලහට...මා........රයි..කවිය

    ReplyDelete
  12. අපූරුයි අයියෙ...

    ReplyDelete
  13. ඩීන් අයියා. දෙවැනි ගීතයත් ලැබුණා. බොහොම ස්තූතියි.
    මේ මගේ ඊ මේල් ලිපිනය.
    darshana.demel@yahoo.com

    ReplyDelete
  14. @Anusha:
    බොහෝම ස්තුතියි නිර්මානය ඇගයීම

    ReplyDelete
  15. @රවා:
    ඔයා හරි මල්ලියෝ, ඔබේ විමසුම් ඇස ගැන ආඩම්බරයි මට.

    ඒත් මං කියන්නේ සීරුවෙන් විවේකයක් ගන්න දෙවර ගැන. ඒකියන්නේ එකතැනකට වෙලා, නිස්කංකව කියන අදහස.

    ReplyDelete
  16. @Raven: බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම

    @wath: ඇත්ත උත්සාහ කලොත් බැහැ නොව තමයි. උත්සාහයක් කරන්නවත් උත්සාහ කරනවා නම්.

    @punchisamanalee: හරවත් විමසුමක්, බොහෝම ස්තුතියි නංගී

    @කස්සා: බොහෝම ස්තුතියි මල්ලි නිර්මාණය ඇගයීම

    ReplyDelete
  17. @දුකා: ඔව් යාලු හිතට එන හැම දෙයම පද කරන්න පුලුවන් නම් කියලා හිතෙන වාර අනන්තයි. යම් පණිවුඩයක් ගේන්න පුලුවනි නම් අප අවට ඇති හැම දෙයම අගනා කතා වස්තූන්...

    @චේජනා: මෙ සංකල්පය මගේ Workshop, Training Programs වල පාවිච්චි කරනවා කාලෙක ඉඳන්. බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම

    @විහඟිගෙ සිතුවිලි: බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම

    ReplyDelete