Monday, April 5, 2010

එළිනැති ලාම්පුව


සිටියත් උජාරුවට සාලෙ කොනේ
එලියක් නම් නැහැ තාගෙ බොලේ
පුරවන්නද කියන්නෙ ආයේ
පෝලිමෙ හිඳ භූමි තෙලේ

12 comments:

  1. අපේ ලාංකික මිනිස්සු දැන් ලොකේ බලන්නේ නිල්පාට කන්නාඩියක් දාලනේ මචං . . ඉතිං මේ වගේ මෙලෝ වැඩකට නැති ලාම්පු ගේ ඇතුලේ තියාගෙන අගේ කර කර අඳුරේ ඉන්නවා පහනේ වරුනාව කිය කියා . . . . නමුත් ඒකෙන් එලියක් ගන්න ඕන කියලා නිකමට වත් හිතන්නේ නෑ . . . අනේ අපේ ඇස් කවදා ඇරෙයිද . . ?

    ReplyDelete
  2. මට නම් දුකා අයියා කිව්වදේට වඩා වෙනස් දෙයක් මේ නිර්මාණයෙන් දකිනවා mdee අයියේ....

    පොඩි හින්ට් එකකුත් වගේ.....එහෙම නේද?

    ReplyDelete
  3. අපූරුයි mdee සොයුර... පැත්තකට කරලා තියපු දේවල් නැවත ඕනා වෙන කාළයක් මේක...

    ReplyDelete
  4. මරු මරු ගොඩක් දේවල් කියවෙන නිර්මාණයක්...

    ReplyDelete
  5. නිර්මානය නියමයි.
    දුකා අයියා සහ චතුර සොයුරා කියල තියන දෙවිදිහටම මේ නිර්මාණය විඳින්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  6. පෝලිමෙ වත් ඉඳලා ආයේ...
    ගන්ට නැතිය භූමියගේ තෙලේ...
    උස්සලා දුන්නා නෙවෙද අනේ...
    IOC මහතුනට, අනේ...!

    තවමත් වැජඹෙයි සාළේ කොනේ...
    තේජස් පාමින් අපට අනේ...
    බලයක් නැත, නරිවාදමිනේ...
    අඩුවක් නැත, පල්ලෙන් බේරේ...

    ReplyDelete
  7. @දුකා
    එළියක් නොදෙන නිසා ඉලන්නේ නැද්ද... නොඉල්ලන නිසා දෙනේ නැද්ද? ප්‍රශ්ණයක්

    අගනා විමසුමක් සොයුර, ස්තුතියි ඇගයීමට

    ReplyDelete
  8. @දිල්
    මෙතැන නියෝජනය (representation)සැරසිල්ලකට (ornamental) සීමා වෙලා, එනිසාම ලාම්පුව ශාලාවක එක් සැරසිල්ලක් විතරක් වෙලා. බලාපොරොත්තු වූ එළිය දුන්නේ නැති ලාම්පුව ආයෙත් නියෝජනය පතනවා. ලැබෙයිද එළියක්?

    මින් කලේ අද සමාජයේ දේශපාලනික විමසුම. හැබැයි නිර්මාණය විවිධ අරුත් ගෙනේ නම් තවත් හොඳයි නේද?

    දුකා හා චතුර සොයුරා දැක්වූ අදහස් ඒ අනුව අදාලයි.

    ReplyDelete
  9. @Chathura Wijekoon|චතුර විජේකෝන්
    බොහෝම ස්තුතියි ඇගයීමට, එය තවත් හරවත් විමසුමක්

    ReplyDelete
  10. @``` Outsider```
    බොහෝම ස්තුතියි ඇගයීමට

    ReplyDelete
  11. @Raven
    ඔබ හරි සොයුර, බොහෝම ස්තුතියි ඇගයීමට

    ReplyDelete
  12. @තිස්ස දොඩන්ගොඩ
    තවත් මොන නම් පැදිලිකිරීමක් ද "භූමිය" හා "තෙල" ගැන මීට වඩා...
    බොහෝම ස්තුතියි සොයුර ඇගයීමට

    ReplyDelete