Saturday, April 3, 2010

සර්කස්


සැරසී පාටින්
නා නා විධි ඇඳුමින්
සිනා මවා පුම්බන්
රඟති මනරම් කෝලන්

රුදුරු සිව්පාවුන්
හා පැන්චන්
අහිංසක පිඹුරුන්
සීතල මුහුදු සිංහයන්
නියවන වඳුරුමොටන්
හීලෑ කර විදන්

අඟුටුමිට්ටන්
යෝධයන්
කෝටුකිතයියන්
රූබරියන්
සත් පුරුෂයන්
කවටයන්

ගාල්කර කූඩාරමන්

උසින් උසට පැද ඔන්චිල්ලා
පැන පැන යති අත් පා අල්ලා
පනිති රිංගා ගිනි වළල්ලා
කුරුමානමෙ රකිති තුලා'ල්ලා

විස්කම් පෑ රඟන්
මනදොල පිරු දනන්
අත්පුඩි තලයි තුටින්
බරපැන උනුන්ම දරන්

දසුන් අවසනා
කදමලු පුරවනා
යයි කරපින්නා
කූඩාරම් ගලවනා

18 comments:

  1. සියුම් උපහාසයක්ද කැටිකොට සමාජයේ විවිධ තැන් අපට පෙන්වා දෙන ඔබගේ මේ ශෛලියට මම කැමතියි.
    ඔබට ජය.

    ReplyDelete
  2. උපහාසය නිර්මාණශීලියි ..... නියමයි....

    ReplyDelete
  3. අගනා නිර්මානයක් .හොදයි.

    ReplyDelete
  4. ලස්සනයි මිතුරා....

    ReplyDelete
  5. @Raven: බොහෝම ස්තුතියි, ඒ අදහස මා ඉතා අගේ කරනවා

    @විශ්මි: බොහෝම ස්තුතියි, තුලනය රැකගන්න වෙරදරනවා

    @රවා: බොහෝම ස්තුතියි යාලු

    ඔබ සැම ලබාදෙන දිරිය ඉතා අගයමි, ශක්තියකි!

    ReplyDelete
  6. @NUWAN"s lane:
    සොයුර සාඩම්බරයෙන් පිලිගනිමි, බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

    ReplyDelete
  7. සියුම් උපහාසයක් කැටිකරගෙන කරපු අපූරු නිර්මාණයක් !

    ReplyDelete
  8. @sansarasidu:
    පුංචි කවුළුවක් විතරයි, දසුන් ගොඩායි දකින්න පුලුවන් නම්!

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.

    ReplyDelete
  9. ලස්සන අකුරු කිරීමක්...
    මේකේ යථාර්තයකුත් තියෙන නිසා අලංකාරය වැඩියි

    /බිඟුවා...!

    ReplyDelete
  10. හරිම අපූරුයි ඒ වගෙම කාලෝචිතයි . . .
    වැඩේ කියන්නේ මේ සර්කස් පෙන්නන්න්ට හුරේ දාලා මදි වෙලා අපි අපේ අනාගතේ වසර 6කට මේ සර්කස් කාරයින්ට භාර කරන එකනේ මචන් . . .

    ReplyDelete
  11. @බිඟුවා...!
    බොහෝම ස්තුතියි යාලු

    ReplyDelete
  12. @දුකා
    කතාව ඇත්ත. බොහෝම ස්තුතියි නිර්මණය ඇගයීම.

    ReplyDelete
  13. උපහාසය යොදාගෙන තියෙන හැටි නම් උපරිමයි...

    -සොරා

    ReplyDelete
  14. @සෝරෝ
    මෙ අඩවියට උණුසුම් පිලිගැනීම්!

    බොහෝම ස්තුතියි වටිනා ඇගයීමට

    ReplyDelete
  15. කාලෝචිත ප්‍රයත්නයක්. අදමයි මෙහෙට ගොඩ උනේ... මෙවන් කාලෝචිත තවත් නිර්මාන දකින්න දිගටම ඉතින් මේ පැත්තට ගොඩ වෙනවා...ජය වේවා..රහට දැනෙන නිර්මාණයක්... දිගටම ලියන්න.....

    ReplyDelete
  16. @ජීවිතේමල්
    සොයුරිය ඉතා ගෞරවයෙන් පිලිගන්නවා!
    බොහෝම ස්තුතියි දිරිමත් කරවන වදන් වලට හා නිර්මාණය ඇගයීමට

    ReplyDelete
  17. ජීවිතේ ඇත්ත අපූරුවට කියල තියෙනවා අයියේ, ලස්සනයි !

    ReplyDelete
  18. වචන ටිකකින් ගොඩක් දේවල් කියන ඩීන් අය්යාගේ මේ නිර්මාණයන්ට මම ගොඩක් කැමතියි . සේරම සර්කස් එකක් තමයි

    ReplyDelete