Tuesday, April 20, 2010

මාලිමාවියේ


කැරකි කැරකි පෙන්නුවාට එකම පැත්ත
නුවණැති නැවියා මැනලා ගනියි හරි පැත්ත
වැරදුණොත් යන්න වෙන්නේ වැරදි පැත්ත
පෙන්වනු මැන මාලිමාවියේ හරි පැත්ත


පලමු පල කිරීම: 26-02-2010

මාලිමාවිය නිර්මාණයට කරුණු කීපයක් හේතු වුණා:

න්‍යාත්මකව: මාලිමාව පෘථිවි තලයේ ඇති චුම්භක ධාරාව යොදාගන්නා නිසා අනිවර්යයෙන්ම පෙන්නන්නෙ එකම දිසාව (උතුර)

නාවික විද්‍යාත්මකව: තෙරක් නොපෙනෙන මහ සයුර තරණය කරනා නැවියාගේ හිතවතිය

සමාජීයව: ආදරණීය මැණියන්, අක්කා, නංගී, යෙහෙළියක් ලෙසත් ජීවිත තරණයේ ලඟින් ඉන්නා දයාබර බිරිඳක් සේ ද උත්තරීතර "ඇය" දක්වන දිශාව නැවියාට මාලිමාවකට වඩා වැදගත් සමාජයට

දේශපාලණිකව: චුම්භක ධාරාව වගේ බලය ඇති ඇත්තෝ උනුන්ට අවැසි පැත්තම පෙන්වනවා මාලිමාවක කටුව වගේම. තවද අදිසි බලයන් විසින් බලයටම හැරෙන කටුව යොදාගෙන පෙන්වන්න උත්සාහ කරන දිසාව.

20 comments:

  1. අය්යෙ, ඔයා දකින්නෙ ම කිසිම දවසක අපි බොහෝ දෙනෙක් ගෙ අවදානය යොමු නොවුන දේවල්..
    ඒ නිසාම සුන්දරයි, කිහිප වතාවක් කියවල තවත් ටික වෙලාවක් හිතන්නත් සලස්වනව...
    අබුඩාබි ක‍ටුක වුනත් හිත්වල සුන්දරත්වය උදුරාගන්න තරම් නම් අබුඩාබි රුදුරු නෑ කියල මට හිතෙනව ඒ හින්දම..

    ReplyDelete
  2. පද පේළි හතරකින් ලොකු කතාවක් කියල තියනව.
    සමහර වෙලාවට හරි පැත්ත ‍හොයාගන්න වැරදි මාර්ග බොහොමයක ගමන් කරන්නත් සිද්ද වෙනව. වැදගත් වෙන්නෙ එහෙම වැරදුන තැනකදී ආපසු හැරෙන්න නොපසුබට වීම තමයි මම හිතන්නෙ. සැබෑවටම වැරැද්ද සිදුවෙන්නෙ ඒ බව දැක දැක වුවද මමත්වය වැනි කාරණා නිසා එ මාර්ගයන්හිම ගමනේ නියැලීම තමයි.

    නිර්මාණය අගෙයි අය්යේ.

    ReplyDelete
  3. මාලිමාවේ කාර්මික දෝශයක් නොවන්නට ෴ පෘථිවයේ ධ්‍රැව මාරු නොවන්නට මාලිමාව වැරදි පැත්තක් පෙන්නන එකක් නැහැ නේද?
    මාලිමාවියේ කියල අයියා මාලිමාව ගෑණූ කරලනෙ අනේ....

    තෙරක් නොපෙනෙන මුහුද
    මංමුලා වී සරණ
    මඟ පෙන්නුවේ නුඔයි
    දයාබර මාලිමාවියේ .... කියල කියමුද??????

    ReplyDelete
  4. මරු කතාව. ඉතාම ඉහල ණිර්මානාත්මක් අගයක් තියෙනවා කියල හිතෙනව කවියෙ

    ReplyDelete
  5. මචං මටත් අර තිසා කිව්ව බුවාට (සිරස් ඉරක් ඇඳලා මොකද්ද ඇහුවාම ගෑනියෙක් නිරුවතින් හිටගෙන ඉන්නවා කියලා කියපු එකා) වගේ ප්‍රශ්නයක් ඇවිත් . . උඹේ ගොඩක් නිර්මාන පේන්නේ දේශාපලනීකරණය වෙලා . .

    නුවණැත්තෝ හා රටට හිතැත්තෝ කොයි තරම් නිවරදි පැත්ත පෙන්නුවත් ඒක තෙරුම් නොගෙන මෝඩවෙලා මුලාවෙලා පටු විදිහට සිතලා අමාරුවේ වැටෙන ජනතාවක් ගැන උඹ කිව්ව කියලයි මට හිතෙන්නේ. . .!

    මෙහෙමයි ඩීන්, කවුරු උඩ දාගෙන කෑ ගැහුවත් තමන් මාලිමාවක් නෙමෙයි දේශද්‍රෝහියෙක් කියලා තමන් දනන්වනම් තමන් කරන්නේ මාලිමාවේ රාජකාරිය කියලා නොසැලී ඉන්න ශක්තිය හදා ගන්න එක තමයි කලයුත්තේ කියලා මම හිතනවා . . .!

    ReplyDelete
  6. මාලිමාවිය හරි පැත්ත පෙන්නුවත් අපි වැරදි පැත්තටනම් යන්නේ ඒකෙ වරද අපේමයි නේද අයියේ.......

    කාටවත් නොහිතෙන දේවලින් කවි ගොතන්න අයියා හරි දක්ශයි.....

    ReplyDelete
  7. මාලිමාව උනත් හරි විදියට පාවිච්චි කරන්න ඕනා අයියේ.... හරි තැන හරි විදියට තියන්න ඕනා, පරිස්සම් කරන්න ඕනා, නුසුදුසු දේවල් වලින් ඈත් කරන්න ඕනා..... පාවිච්චි කරන විදිය හරියටම දන්නේ නැති නම් අපි මාලිමාවත් එක්කම වැරදි පැත්තට යාවී..... ඉතින් අයියා කියලා තියෙනවා වගේම කාන්තාවත් මාලිමාවක් වගෙයි..... හරියට පරිස්සම් කරලා පාවිච්චි නොකලොතින් අන්තිමේ කට්ටිය කියාවී ඇය නිසා ජීවිතේ පාර වැරදුනා කියලා.......

    ReplyDelete
  8. මට මෙහෙමත් හිතුනා... ඔය අයියා කියලා තියෙනවා වගේ මාලීමාවියක් ඉන්නවානම්... අර සුරංගනා කතාවල ඉන්න ඉස්සර කාලේ රජ්ජුරුවෝ කණ්නාඩියෙන්, මායා බෝල වලින් අහලා කරන්න ඕනේ දේ තීරණය කලා වගේ.. නියමයි නේද...

    (අනේ අයියේ... මේ මෝඩ කොල්ලගේ මෝඩ කතා ගණන් ගන්න එපා හොදේ...)

    ReplyDelete
  9. ගල් මල් අයියා ලස්සනට කියනවා ලොකයෙ පවතින තවත් දෙයක්.. මම දැක්කෙ සම්මතය කොතරම් බලපැම් එල්ල කරත් නිවැරදි තිරණ නිවැරදි මාර්ගය කරා යොමු කරවන බව.. එක නිසා සම්මතයන්ට කියනවා මට පෙන්නන්න කියලා හරි පැත්ත.. නමුත් සම්මතයන්ටත් වරදින වෙලාවල් තියනවා. එක මතක් කරාට ස්තුති.. මට අමතක වෙ ගෙන ආපු දෙයක්..

    ReplyDelete
  10. @චේජනා:
    අපිට එදිනෙදා ජීවිතයේ හමුවන අය වගේම අවට ඇති පුංචි පුංචි දේවල් පරිසරය, ජීවිතය හා සමාජය ගැන විමසන්න අවස්ථාවක් ලබාදෙනවා. එය මූලික කරගෙන කාලීන විමසුම් කරන්න ගත් උත්සාහයක් මෙවන් පුංචි නිර්මාණ, එවන් එකතුවක් දැනටමත් තියෙනවා, එකින් එක පල කරන්නම්.

    මෙවැනි පදවැලක ලස්සන මතුවන්නේ එය විමසන කොණයෙන් හා පරිසර තත්වයන් අනුව. සිතන්න පුලුවන් සිතට සිතන්න අවස්ථාවක් දී තියුණු කිරීම in other words Opening the Thinking Caps of intelligents.

    ReplyDelete
  11. @Raven:
    ලස්සන විමසුමක් ගෙන ආ ඔබට ස්තුතියි.

    උවමනාවෙන්ම සටහන එක් කිරීම පමා කලේ වෙනස් අර්ථදැක්වීම් බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
  12. @wath: නිර්මාණයට මුල් වූ කරුණු එක කලා සටහනක් ලෙස. ඉන් සමාජයේ උන්නතියට විවිධ අවස්ථාවන්හිදී "ඇය" විසින් කරන අනුපමේය සේවය මහ සයුරේ නැවකට මාලිමාව කරන මෙහෙයට වඩා වඩා උතුම්.

    ලක් ජනතාවට බලය නම් චුම්බක ශක්තියෙන් එකම පැත්ත පෙන්වන්න විට ලක්මෑණියන් ගෙන් කල ඉල්ලීම, හේතුවුනා නම මාලිමාවියේ ලෙස යොදන්න.

    සොයුරිය, ඔබේ විමසුම හා තර්ක සියල්ල හරි. ඒත් මාලිමාවේ ඩයලය සීරුවෙන් වෙනස් කරලා නම් අසරණ නැවියා?

    ReplyDelete
  13. ඇත්තම කිව්වොත් මං මේක දැක්කේ මාලගිරවියේ කියලා...
    හික්ස්....

    සිරාම සිරා අදහස...
    අකුරු කිරීම නියමයි...
    හරිම අගෙයි...

    /බිඟුවා...!

    ReplyDelete
  14. @දුකා:

    පමණක් නිර්මාණ සෘජුවම අර්ථය ගෙනහැර දක්වනවා වගේම පමණක් නිර්මාණයන් හිතන්න අනුබල දෙනවා. ඉතින් මෙ දෙවිදියම නිර්මාණ රසිකත්වය වැඩි දියුණු කරනවා යන්නයි මගේ අදහස.

    කොහොම වුනත් මෙ මධ්‍යය සමාජ විමසුමකට යොදාගන්න පුලුවන් වුනා නම් මා සතුටුයි.

    ReplyDelete
  15. @දුකා:
    ඔබේ ගැඹුරු විමසුමට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  16. @විශ්මි:
    නංගි කියල තියෙන්නේ සහතික ඇත්තක්.

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.

    ReplyDelete
  17. @punchisamanalee:
    නංගි මෙ නිර්මාණයට තවත් කෝණයකින් වැදගත් අර්ථදැක්වීමක් කරා, හරවත් විමසුමක්.

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.

    ReplyDelete
  18. @මින්දද:
    මල්ලි ඔබ තවත් හරවත් පැත්තක් පෙන්නුම් කරා, ඒ අදහස පංකාදුයි. ඇත්තටම එහෙම පුලුවන් නම්...

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.

    ReplyDelete
  19. @රවා:
    මල්ලී ඔබ දැක්ක කෝණය වැදගත් එකක්. පෙන්නුව පලියට හා හරි දෙයම පෙන්නාවි යැයි අදහසක් ඇති පලියට පිලිගත යුතු නැහැ...

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.

    ReplyDelete
  20. @බිඟුවා...!
    බොහෝම ස්තුතියි වැඩ ගොඩ අතර නිර්මාණය ඇගයීමට ගොඩවීම ගැන.

    ReplyDelete