නුඹ මලක්
සුවඳක් නැති
පැණි නොබෙදන
බඹරු නොඇදෙන
එනමුදු, නෙතු ඇදගන්නා
සුදෝ සුදු ලස්සන මලක්...
ඔසවාගෙන බරක්
නිදැල්ලේ, තනිව ආලිංගනයක
සැහැල්ලු සුදු මලක්
විදහා රඟනා තුරු
නෙතු සනසන නැටුමක්...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
කලකට පස්සේ කවි රස වින්දේ!
ReplyDeleteසතුටුයි, බොහෝම ස්තුතියි!
Deleteඒ වුනත් මලක් , නෙතට පිය දසුනක්
ReplyDeleteඔව් මලක් නොවුනත්, සමාජ සම්මත මලක්. බොහෝම ස්තුතියි!
Deleteකදිමයි!
ReplyDeleteබොහෝම ස්තුතියි!
Deleteහරිම ලස්සනයි අයියේ
ReplyDeleteජයවේවා
බොහෝම ස්තුතියි!
Deleteඋඩු හුළඟේ අයාලයේ ගියත් ඉතින්...
ReplyDeleteමල් පිපුණේ විසිරී යන්නමයි නිතින්...
ගිලිහුණ තැන රැඳියන් තණගොල්ල යටින්...
වස්සානේ දළුලන තුරු පරිස්සමින්...
සංසාර ගමනක සොබා සිරිය, ස්තුතියි
Delete