Wednesday, July 24, 2024

කයිවාරුව: රෝස පෙති

මිනිස් සිරුරේ ඇතිවෙන නොයෙකුත් වේදනාවන් නැසීමට එහෙමත් නැතිනම් අවම කිරීමට වේදනානාශක (painkillers) බෙහෙත් වර්ග බාවිතා කෙරෙනවා. ඒවා රිදුමට ලක් වූ සිරුරේ මතුපිට ආලේප හැටියට වගේම ගිලින පෙති, දියර හෝ එන්නත් හැටියට ශරීරගත කෙරේ.


බටහිර වෛද්‍ය ක්‍රමය අනුව බෙහෙත් වර්ග ජෙනරික් (generic) හෙවත් පොදු නමකින් හඳුන්වන ක්‍රමවේදයක් බාවිතයේ තිබුණ ද විවිධ නිශ්පාදන සමාගම් නොයෙකුත් බෙහෙත් වර්ග තම අණසකට අරගෙන ඇති බව නොරහසකි. වෛද්‍යවරයා විසින් නියමකර දෙන විවිධ සන්නාම වලින් යුත් බෙහෙත් ෆාමසියෙන් ලබාගත යුතුවෙනවා වගේම පමණක් වේදනානාශක ගමේ සිල්ලර කඩෙන් ද මිලදී ගැනිමට ඇත. ඒ  වගේම ජන සමාජයේ සුලබව බාවිතාවෙන බෙහෙත් පෙති හඳුන්වන සුපතල ආදේශ නම් ද වේ.


අප රටේ පැරසිටමෝල් කියන වේදනානාශක පෙත්ත ප්‍රසිද්ධ වෙනත් බ්‍රෑන්ඩ් නමකිනි, එය පොදුවෙ කවුරුත් දන්නා ඕනෑම ලොකු පොඩි කඩේකින් මිලදී ගත හැකි ග්‍රොසරි අයිටමයකි.


ඉබුප්‍රොෆෙන් (ibuprofen) තවත් වේදනානාශක බෙහෙතකි, විවිධ බ්‍රෑන්ඩ් වලින් ඇති මෙම බෙහෙත පොදුවේ රෝසපැහැ පෙත්තකි. සැත්කමකින් පසුව වේදනාව සමනය කරන්න බාවිතා කරන බෙහෙත් පෙත්තක් වගේම හන්දි වේදනා, දත්කැක්කුම හා විවිධ වේදනා සමනය කරන ඔසුවක් වේ. පොදු ජනයා අතර රෝස පෙත්ත, වාත පෙත්ත හැටියට ප්‍රසිද්ධය.


මුවින් ගන්නා ඉබුප්‍රොෆෙන් පෙත්ත ආහාර මාර්ගයේ දී සිරුරට උරාගෙන රුධිර මාර්ගය ඔස්සේ සිරුර පුරා විහිදී යයි, ඉන් වේදනාව අඩුකොට ශරීරය සුවපත් වේ.


එමෙන්ම මිනිස් සිරුර වේදනාවන් සමනය කරගන්න හැකියාවක් ඇති ස්වභාවික ක්‍රමවේදයකින් සන්නද්ධය. ශරීරයේ යම් තැනක රිදුමක්, තැල්මක්, වේදනාවක් ඇති වූ විගස මොළය සැණින් නිකුත්කරන සංඥාවක් හේතුකොට ගෙන නිපදවෙන එන්ඩ්‍රොපින (Endorphins) රුධිර සංසරණ පද්ධතියේ රතු රුධිරාණු මගින්  රැගෙන යාමෙන් වේදනා සමනයට පත් කරනු ලැබේ.


තවද, මිනිසාගේ ශරීර සුවතාවයන් හා යහපැවත්ම ගැන උනන්දුවෙන මනෝවෛද්‍ය (psychology) , විකල්ප වෛද්‍ය ක්‍රම (alternative medicine) ආදී අංශ පෙන්වා දෙන පරිදි වින්දනාත්මක සිපගැනීමක දී මිනිස් සිරුරේ එන්ඩ්‍රොපින උත්පාදනය ඉහළ යන බවත් ඉන් වේදනා සමනය සිදුවෙන බවත් කියවේ. 


ඉතිං රෝස පෙති පදපෙල ගැන බලමු.


වේදනාවෙන් මිරිකෙන රෝගියෙකු මුවින් ඉබුප්‍රොෆෙන් පෙත්තක් ගිලියි. දුබල ගතේ කුස කරා යන පෙත්ත සිරුරේ යායුතු තැන් කරා ගෙනයන්න සුදුමැලි වූ රෝගි සිරුරේ ලේ ඇත්ද? ලේවල රතු රුධිරාණු (හිමෝග්ලෝබීන්) වෙත් ද? පොදු ජනවහරේ යෙදෙන රෝස පෙත්ත පදය විවිධ අරුත් එකතු කරන්න ඉඩ සලසමින් කවිරසය මතුකරන්න යොදාගත්තෙමි.


ඒ රෝගීගත කියන එකට අපේ රට කියන එක ආදේශ කර කිය වූවහොත්...


සටහන:
කයිවාරුව මවිසින් ෆේස්බුක් ගෲප් එහෙක හඳුන්වා දුන් විශේෂාංගයක්, ඉන් පදපෙලකට, කවියකට වාරුවක් වූ කතාවක් දිගෑරෙනවා. රෝස පෙති නිර්මාණයේ කොම්පැක්ට් බව නිසා මෙසේ කයිවාරුවක් දිගාරිමි. සහෘද නිර්මාණකරුවන් විසින් රචිත කයිවාරු කියවන්න ෆේස්බුක්  #කයිවාරුව වෙත යන්න.

6 comments:

  1. කයවාරුවටත් විවිධ තේරුම් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ හරි.
      මේ කයිවාරුව කවියට (කයියට ) වාරුවක් වූ කියන අදහසින්

      Delete
  2. අපූරුයි සටහන.
    ජයවේවා

    ReplyDelete