Saturday, December 9, 2023

ඔබමය ප්රදීපාගාරය කුණාටුව | Light House and Storm (ශනිදා දහයට!)

 


කලහලකාරි රළු සිතුවිලි
ඔබේ සිත් වෙරළ පෙලද්දි
එපා බියවෙන්න, ඔබමය ඔබේ
ප්‍රදීපාගාරය, කුණාටුව එකලෙස

එපා මුදාහරින්න, දැඩිව අල්ලාගන්න
රළු, මොර දෙන කුණාටුව
මෙල්ලකරන්න, හිතැඟි ලෙස
තෝරාගන්න, අවදිකරන්න ඔබේ හඬ 
පතුරවා අණසක "සාමකාමීව, තැන්පත්ව"


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: John Mark Green)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

11 comments:

  1. අර්ථවත් පරිවර්තනයක් .
    ජයවේවා !!!

    ReplyDelete
  2. කලහලකාරි රළු සිතුවිලි
    ඔබේ සිත් වෙරළ පෙලද්දි ....
    හරිම ලස්සන යෙදුමක්. ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  3. ඇත්ත තමයි..අපිටම තම පුලුවන් මෙල්ල කරන්න මේ සියල්ල..

    ReplyDelete
  4. පතුරවා අණසක සාමකාමීව තැන්පත්ව....හ්ම්...අමාරුවෙන් හරි කර ගත්තොතින් ඉතින් ගොඩ තමයි. කොහොම උනත් ලස්සන කවිය.

    ReplyDelete
  5. ගැඹුරු සිතුවිල්ලක් සරලව ඉදිරිපත් කිරීමක්. කුණාටුවත් ප්‍රදීපාගාරයත් තමන්ම තමා.

    ReplyDelete
  6. අපූරැ පරිවර්ථනය ❤🙏

    ReplyDelete
    Replies
    1. අපූරැ පරිවර්ථනය ❤🙏 x

      Delete
  7. කොමන්ට වලට පිලිතුරු ලිවීමේ ප්‍රශ්ණයකට මුහුණදෙමින්, හැකි ඉක්මනින් වෙන වෙනම ප්‍රතිචාර්‍ය දක්වන්නම්. කොමන්ට් කරපු හැමෝටම බොහෝම ස්තුතියි!

    ReplyDelete
  8. අණසක පුලුවන්ද සාමකාමිව
    පතුරුවන්න

    ReplyDelete