Saturday, December 23, 2023

ඔබට පෙම් කරමි | I will Love You (ශනිදා දහයට!)

 


මා ඔබට පෙම් කරමි
හිරු දවනතුරු ආකාහේ,
සඳ දිළෙනතුරු
අඳුරු රාත්‍රියේ.
රුදුරු නිල් සයුර
නිසසල වෙනතුරු සිඳී,
මා ඔබට පෙම්කරමි
කාලය ගෙවෙනතුරු.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christy Ann Marine)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

15 comments:

  1. අහස් ගැබේ තරු කැට ගානේ..පොලෝතලේ වැලිකැට ගානේ..ආදරෙයි මං ආදරෙයි...මට මතක් වුනේ මේ සිංදුව...අපූරුයි ...

    ReplyDelete
    Replies
    1. ඒ... මටත් ඒ සිංදුවම මතක් උනා.

      Delete
    2. ඇත්ත, ඒක ලස්සන සිංදුව. බොහෝම ස්තුතියි

      Delete
  2. Replies
    1. ඇත්ත, බොහෝම සරළ පදපෙලක අරුමය. බොහෝම ස්තුතියි දුමි

      Delete
  3. කොයි තරම් සුන්දර ආදරයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්නෙහ්, බොහෝම ස්තුතියි

      Delete
  4. සයුර නිසසල වෙලා, හිදෙනකං.....ඒ කියන්නේ වසර මිලියන ගාණක් යනවා මේ වැඩේ සිද්ධ වෙන්න-Mayy

    ReplyDelete
    Replies
    1. අනන්තය කියන එක කියන්න මොනතරම් නම් ලස්සන උපමා උපමේයන් නම් ද... බොහෝම ස්තුතියි!

      Delete
  5. ආදරය ගැන එකම දේ කියන්න තිබුනත් කියන විදිය අනුව තමයි රසය ඇති වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන් තෝරාගෙන පරිවර්තනය කළ එකතුවෙන් එකක්, මේකේ සරල බව හා ප්‍රකාශනයේ තීව්‍රතාවය මතුකරන්න උත්සාහ කලේ. බොහෝම ස්තුතියි.

      Delete
  6. ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න
    ගසක තිබෙන තල් කොල මදි ලියාලා දෙන්න ..
    මේ තරම් ආදරයක් ද කියලා හිතුනා එකත්

    ReplyDelete
    Replies
    1. ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
      කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිල එන්න

      MSගෙ ලස්සන ගිතයක් මතක් කරාට බොහෝම ස්තුතියි,

      Delete
  7. පෙම් කරපන් ඇති වෙනකන්
    ඒකිට දැනෙන්නෙවත් නැතිව ඇති
    ඉඳ හිටලා සිප ගත්තේවත් නැත්නම්
    ඇගේ පෙම ඉතිරි වේවිද නුඹ හට

    ReplyDelete
    Replies
    1. ඒකනෙහ්, බොහෝම ස්තුතියි ඔබට.

      Delete