උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන්නට කලින්, කෝපි කෝප්පයෙන් රැළි කැරලි දාමින් මතුවෙලා උඩට පාවෙන උණුසුම් දුම ඉහළට ඇදෙද්දි, කෝපි උගුර තොලගාන තුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්න රසාංකුර පිනවන්න කලින් ඔබේ නෙතු යුග ග්‍රහණය කරගන්නේ මොනවද... ලස්සන සිනහව නේද? ඔබ පෙරළා පුදන පිළිතුරු සිනාව, නොකී දාහක් වදන් අරන් යන කවියක්, මියුරු ගීතයක්, සිග්නල් එකක් නොවේ ද? That's the magic. සිනාසෙන්න, වැඩි වැඩියෙන් සිනාසෙන්න. සිනාව ඔසුවකි. ඔබ සිනාවක් පිරිනමන විට එය ලබන්නා පිළිතුරු සිනාවක්පායි. එය ලැබුවේ එක් කෙනෙකුට වැඩි පිරිසක් නම් ඔවුන් ද සැබැවින්ම සිනාසෙනවා ඇත. පුංචි සිනාවක් මොළයට ලොකු කෙමිස්ට්රියකි (chemistry), ඒත් එය දැනගන්න ඔබ රසායන විද්‍යාඥයෙකු වෙන්න ඕනේම නැහැ. කෙනෙකු සිනාසෙන විට ප්‍රකෘතිමත් වෙන මොළයෙන් මුදාහරින ශ්‍රාවයන් නිසා ආතතිය/මානසික පීඩනය (stress) සමනය කරයි, වේදනාව නසයි (pain reliever) විෂාදනාශකය (antidepressant) හැටියට වැඩකරයි. ඒ වගේම හදගැස්ම (heart beat) හා රුධිර පීඩනය (blood pressure) පාලනය කරය...
ලස්සනයි නිර්මාණය.
ReplyDeleteජයවේවා
බොහෝම ස්තුතියි
Deleteඅපූරුයි..අදමද මන්දා මං මෙහෙ ආවේ..
ReplyDeleteපළමුව ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු!
Deleteශැනිදා දහයට! කර අරුමයට තුති, ඔබේ අඩවියේ ද හරබර කවියක් වින්දා, දැනුයි සටහනක් කලේ. ජය!
ආයෙත් බ්ලොග් ටික පණගහලා එනවා නම් ඒකයි සතුට!
හැමදාම වාගේම ලස්සන වදන් මුතු පොටක්!
ReplyDeleteබොහෝම ස්තුතියි! මේකත් පසුගිය සාහිත්‍ය මාසයේ කල පරිවර්තන වලින් එකක්.
Deleteඅළුත් අදහසක් ගේන කවියක්!
ReplyDeleteබොහෝම ස්තුතියි ඒ ඇගයුමට.
Deleteපසුගිය සාහිත්‍ය මාසය පුරා තෝරාගත් විවිධ ඉංග්‍රීසි කවි පරිවර්තනය කර ෆේස්බුක් ගෲප් එකක් වෙනුවෙන්, මේ ඉන් එකක්. සරළ වෙනස් ආරේ කවි වලට අවදානය යොමු කලේ.
අගෙයි.
ReplyDeleteබොහෝම ස්තුතියි ප්‍රසා. එදා පටන් ප්‍රසා බ්ලොග් වලට දෙන සපෝට් එක කවදත් වටිනවා. ආයෙත් බ්ලොග් පණගහලා එනවා දකින ඔබ ඉහළින්ම තුටු වෙනවා සැක නැහැ, මේ වෙනස ගොඩාක් වටිනවා.
Deleteඇයට සුභ ගමනක් වේවා!
ReplyDeleteබොහෝම ස්තුතියි ඩ්‍රැකි, ඒ කාලේ බ්ලොග් සුවඳ දෙන්න පටන් ගැනීමම සතුටක්.
Delete++++++++++++++++++++++
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteඒක මරු... ආයෙත් එන්නං මෙහෙ.. ජය
ReplyDeleteබොහෝම ස්තුතියි, ඔව් මහේෂ් හරිම සතුටුයි.
Deleteඒක නියමයි..
ReplyDeleteඅපූරු අදහසක් ගේන කවියක්
ආයෙමත් මෙහෙ එන්නං. ජය
බොහෝම ස්තුතියි
Deleteඩීන් අයියා දිගටම ලියුවා, මම කමෙන්ට් නොකලත් දිගටම කියෙව්වා.. කමෙන්ට් කරන්නැත්තෙ බොහෝ විට ඒවා බරසාර වැඩි නිසා..ඒත් මගේ ක්‍රමේට රස වින්දා.. මේකත් එහෙමයි..දිගටම ලියමු. ජය !
ReplyDeleteසෙන්නා එදා ඉඳන්ම ආව ගිය කෙනෙක් නෙහ්, බොහෝම ස්තුතියි
Delete