Monday, October 9, 2023

ඉඳහිට | Blue Moon

 


ඉඳහිට අමුතුම දෙයක් සිදුවෙන,
එහෙමත් වෙලාවක සිහින සැබෑවෙන,
මුළු ජීවන රිද්මයම වෙනස්වෙන,
එහෙමත් දවසක නිල් සඳ මෝදුවෙන.

සටහන:
Once in a blue moon ඉංග්‍රීසියේ ලස්සන යෙදුමක්, බොහෝම විරලව, ඉඳහිට කියන අදහසින්. 2023 අගෝස්තුවේ පුරපෝය දින දෙකක් වැටුනා, ඉඳහිට එක ග්‍රෙගෝරියානු හෙවත් ඉංග්‍රීසි කැලන්ඩර මාසයක පුරපෝය දෙකක් යෙදීම Blue Moon හැටියට ඉංග්‍රීසියේ බාවිතාවේ, ඇත්තටම එය නීල වර්ණ සඳක් නොව විරල සිදුවීමක් කියන අදහසය.

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Julia Green)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

5 comments:

  1. ඔබේ කවිය ජීවිතයේ ඕනෑම දේකට ගලපා ගත හැකියි!

    සෑම සෙනසුරාදාවකම රාත්‍රී 10ට අපි පෝස්ට් එකක් දානවා "ශනිදා දහයට" ලෙස!

    එයට සෙට් වෙන්න!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ හරි. බොහෝම ස්තුතියි.

      "ශනිදා දහයට" පෝස්ට් කිහිපයක ගැන සිතුවිලි සටහන් සින්ඩියේ දැක්කා, කිහිපවතාවක් ඔබේ බ්ලොග් එකට කනෙක්ට් වෙන්න ගත් උත්සාහය හරිගියේ නැහැ (නෙට් අවුලක් වෙන්න ඕනේ). මම බලන්නම්, ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.

      Delete
    2. //ශනිදා දහයට// ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද?

      Delete
    3. මහා විස්තරයක් නම් නෑ

      බ්න්ලොග් ලියන අපි කිහිප දෙනෙක් කතා වුනා හැම සෙනසුරාදාවකම රාත්‍රී 10ට බ්ලොග් පෝස්ට් එකක් දාන්න.
      ඒක හරියට මිට කලකට පෙර තිබිලා තියෙනවා "බ්ලොග් මැරතන්" කියලා එකක්!! අන්න ඒවගේ එකක්.

      ඔබටත් ඊට සහභාගී වන්නට ආරාධනා කරණවා!
      හැකිනම් ඔබ ලියන බ්ලොග් පෝස්ට් එකේ මාතෘකාවට ඉදිරියෙන් (ශනිදා දහයට )" යනුවෙන් සඳහන් කරන්න ස්තූතියි.

      අපි අන් බ්ලොග් සොයා ගැනීමට භාවිතා කරණ්නේ sandhakadapahana.blogspot.com සින්ඩියයි! එය හරහා අපි - අපිව සොයා ගැනීම වඩාත් පහසුයි!

      Delete
    4. බොහෝම ස්තුතියි, ඔව් සහබාගී වෙනවා. සතුටුයි බ්ලොග් ආයේ පුබුදුවන්න පුලුවන් වැඩක්. අපේ සිංහල බ්ලොග් වලට ලස්සන අතීතයක් තිබුණා. මේ මැරතනය දුවන්නේ 2010 ඉඳන්.

      ඔව්, අඹගහ යට, සඳකඩපහණ හා සිතුවිලි සටහන් දෙකම පාවිච්චි කරනවා, ඒ දෙකම ගල්මල් අඩවියේ දර්ශණය වෙනවා ඒවායේ ආරම්බයේ පටන්.

      Delete