Skip to main content

ඇතමෙකුට ඇය අමුතුය | Some Found Her Odd (ශනිදා දහයට!)

 


ඇතමෙකුට ඇය අමුතුය
දියමන්තියට වඩා 
කවියට මන බැන්ද ඇය,
කරවට මුතුමාලය ඇයගේ
අලංකාර වදන් පෙලකි,
ලස්සනට අමුණන.
ඇයගේ විපුල හදින්,
අලංකාර මොහොතක් සිතුවම් කරන
අමිල සිනහවෙන් පුරවන,
ඇතමෙකුට ඇය අමුතුය.
එනමුදු මට, ඇය ශ්‍රේෂ්ඨය
මැණික විරල.


* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: John Mark Green)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Comments

  1. ලස්සනයි නිර්මාණය.
    ජයවේවා

    ReplyDelete
  2. අපූරුයි..අදමද මන්දා මං මෙහෙ ආවේ..

    ReplyDelete
    Replies
    1. පළමුව ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු!
      ශැනිදා දහයට! කර අරුමයට තුති, ඔබේ අඩවියේ ද හරබර කවියක් වින්දා, දැනුයි සටහනක් කලේ. ජය!
      ආයෙත් බ්ලොග් ටික පණගහලා එනවා නම් ඒකයි සතුට!

      Delete
  3. හැමදාම වාගේම ලස්සන වදන් මුතු පොටක්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! මේකත් පසුගිය සාහිත්‍ය මාසයේ කල පරිවර්තන වලින් එකක්.

      Delete
  4. අළුත් අදහසක් ගේන කවියක්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඒ ඇගයුමට.
      පසුගිය සාහිත්‍ය මාසය පුරා තෝරාගත් විවිධ ඉංග්‍රීසි කවි පරිවර්තනය කර ෆේස්බුක් ගෲප් එකක් වෙනුවෙන්, මේ ඉන් එකක්. සරළ වෙනස් ආරේ කවි වලට අවදානය යොමු කලේ.

      Delete
  5. Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රසා. එදා පටන් ප්‍රසා බ්ලොග් වලට දෙන සපෝට් එක කවදත් වටිනවා. ආයෙත් බ්ලොග් පණගහලා එනවා දකින ඔබ ඉහළින්ම තුටු වෙනවා සැක නැහැ, මේ වෙනස ගොඩාක් වටිනවා.

      Delete
  6. ඇයට සුභ ගමනක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඩ්‍රැකි, ඒ කාලේ බ්ලොග් සුවඳ දෙන්න පටන් ගැනීමම සතුටක්.

      Delete
  7. ඒක මරු... ආයෙත් එන්නං මෙහෙ.. ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඔව් මහේෂ් හරිම සතුටුයි.

      Delete
  8. ඒක නියමයි..
    අපූරු අදහසක් ගේන කවියක්

    ආයෙමත් මෙහෙ එන්නං. ජය

    ReplyDelete
  9. ඩීන් අයියා දිගටම ලියුවා, මම කමෙන්ට් නොකලත් දිගටම කියෙව්වා.. කමෙන්ට් කරන්නැත්තෙ බොහෝ විට ඒවා බරසාර වැඩි නිසා..ඒත් මගේ ක්‍රමේට රස වින්දා.. මේකත් එහෙමයි..දිගටම ලියමු. ජය !

    ReplyDelete
    Replies
    1. සෙන්නා එදා ඉඳන්ම ආව ගිය කෙනෙක් නෙහ්, බොහෝම ස්තුතියි

      Delete

Post a Comment

Popular posts from this blog

තෙරපිය - The Therapy

  අදත් බැරිලු කරන්න අන්තිම තෙරපිය. කීවතාවක් නම් කල්ගියා ද? ඉන්නෙපයි වරුවක් එනකම් ගමේ යන බස්සෙක ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම. මහා දානපති ගමේ මුදලාලි සැරසිලා සුදෝ සුදු ඇඳුමින් පිටව ගියා හීන් සීරුවෙන් වහලා ඉමර්ජන්සි දොරටුව, බලන්නෙපයි කටපුරා හිනාව. රිදුම් දෙන ඇඟපත, ඇවිදින ඇටකටු කූඩු, ගිලුන දෑස් බලා හිඳී අපේක්ෂාවෙන් එනතුරු වාරය. පිච්චිලාලු පිලිකා වාට්ටුවේ මැසිම, හරි පදමට පිච්චුනා ද මුදලාලියේ මැණික් කැටය?

සිනාව ඔසුවකි! සිනාසෙන්න | Smile (ශනිදා දහයට!)

උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන්නට කලින්, කෝපි කෝප්පයෙන් රැළි කැරලි දාමින් මතුවෙලා උඩට පාවෙන උණුසුම් දුම ඉහළට ඇදෙද්දි, කෝපි උගුර තොලගාන තුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්න රසාංකුර පිනවන්න කලින් ඔබේ නෙතු යුග ග්‍රහණය කරගන්නේ මොනවද... ලස්සන සිනහව නේද? ඔබ පෙරළා පුදන පිළිතුරු සිනාව, නොකී දාහක් වදන් අරන් යන කවියක්, මියුරු ගීතයක්, සිග්නල් එකක් නොවේ ද? That's the magic. සිනාසෙන්න, වැඩි වැඩියෙන් සිනාසෙන්න. සිනාව ඔසුවකි. ඔබ සිනාවක් පිරිනමන විට එය ලබන්නා පිළිතුරු සිනාවක්පායි. එය ලැබුවේ එක් කෙනෙකුට වැඩි පිරිසක් නම් ඔවුන් ද සැබැවින්ම සිනාසෙනවා ඇත. පුංචි සිනාවක් මොළයට ලොකු කෙමිස්ට්‍රියකි (chemistry), ඒත් එය දැනගන්න ඔබ රසායන විද්‍යාඥයෙකු වෙන්න ඕනේම නැහැ. කෙනෙකු සිනාසෙන විට ප්‍රකෘතිමත් වෙන මොළයෙන් මුදාහරින ශ්‍රාවයන් නිසා ආතතිය/මානසික පීඩනය (stress) සමනය කරයි, වේදනාව නසයි (pain reliever) විෂාදනාශකය (antidepressant) හැටියට වැඩකරයි. ඒ වගේම හදගැස්ම (heart beat) හා රුධිර පීඩනය (blood pressure) පාලනය කරය...

සිරිබර සැන්ඳෑවක්

දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර අහසින් බැස යන සැන්ඳෑ හිරු මොනතරම් නම් ලස්සන ද? ඒ අතරින් සිතිජ ඉරෙන් සැඟවෙලා යන හිරු අහසේ වලාකුළු පාටකරන විදිය, මුහුදු ජලතලය මත රූ රටා අඳින හැටි මොනතරම් චමත්කාරයක් ද? පයින් ඇවිද ගිහින් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න පුළුවන් තරම් සමීපයක ජීවත් වූ අපේ පොඩි කාලය සෙමින් ඉගෙනීම් කටයුතු විසින් අත්පත් කරගත්ත ද පෙරළා ගෙදර එන අතර තුර ඉර බැස යන වෙලාවක නැවතිලා ඒ දිහා බලා ඉන්න තරම් විවේකයක් අපිට තිබුණා. මැදපෙරදිග රටක සේවයට ඇවිත් පදිංචි වූයේ හිරු බැස යන බටහිර මුහුදු තීරයට යාබදව වුවද ආරක්ෂක සීමාවන් නිසා ද එම කර්මාන්ත පුරවරයේ නෙයෙකුත් ඉදිකිරීම නිසාද සැන්දෑ හිරු දසුන ඈත් විය. එහෙත් ඈත කඳුහෙල් උඩින් එඹී බලන උදේ හිරු දසුනට පොටෝ කැබින් වලින් නිමවූ කුටිවල හිරවූ යව්වනය ඇලුම් කරන්නට විය. නිවාඩුවට ගෙදර ගියාම ගාලු කොටුපවුර උඩට වෙලා හිරු බැස යන ලස්සන දසුන කොපමණ බැලුවත් එපා නොවෙන්නක්. මැදපෙරදිග දේශයේ වෙසෙන අපිට ලස්සන වටාපිටාවක් දකින්න ලැබෙන්නේ පුංචි කාලයකට සීමා වූ සිසිරයක ...