Sunday, February 19, 2012

සිරිබර සැන්ඳෑවක්

දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර අහසින් බැස යන සැන්ඳෑ හිරු මොනතරම් නම් ලස්සන ද? ඒ අතරින් සිතිජ ඉරෙන් සැඟවෙලා යන හිරු අහසේ වලාකුළු පාටකරන විදිය, මුහුදු ජලතලය මත රූ රටා අඳින හැටි මොනතරම් චමත්කාරයක් ද?



පයින් ඇවිද ගිහින් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න පුළුවන් තරම් සමීපයක ජීවත් වූ අපේ පොඩි කාලය සෙමින් ඉගෙනීම් කටයුතු විසින් අත්පත් කරගත්ත ද පෙරළා ගෙදර එන අතර තුර ඉර බැස යන වෙලාවක නැවතිලා ඒ දිහා බලා ඉන්න තරම් විවේකයක් අපිට තිබුණා.


මැදපෙරදිග රටක සේවයට ඇවිත් පදිංචි වූයේ හිරු බැස යන බටහිර මුහුදු තීරයට යාබදව වුවද ආරක්ෂක සීමාවන් නිසා ද එම කර්මාන්ත පුරවරයේ නෙයෙකුත් ඉදිකිරීම නිසාද සැන්දෑ හිරු දසුන ඈත් විය. එහෙත් ඈත කඳුහෙල් උඩින් එඹී බලන උදේ හිරු දසුනට පොටෝ කැබින් වලින් නිමවූ කුටිවල හිරවූ යව්වනය ඇලුම් කරන්නට විය. නිවාඩුවට ගෙදර ගියාම ගාලු කොටුපවුර උඩට වෙලා හිරු බැස යන ලස්සන දසුන කොපමණ බැලුවත් එපා නොවෙන්නක්.


මැදපෙරදිග දේශයේ වෙසෙන අපිට ලස්සන වටාපිටාවක් දකින්න ලැබෙන්නේ පුංචි කාලයකට සීමා වූ සිසිරයක දී විතරයි. හිස් අහස පාට කරන වලාකුළු පේළි හැංඟී යන, නැවත එඹී බලන හිරු රැසින් පාට අරන් රටා මවන කාලය සමු ගෙන යන්න සූදානම් හැඩයි.


කාලෙකට පසුව ලස්සන හිරු බැස යන දසුනක් දැකගන්න ලැබුණා; ඒ පසුගිය ජනවාරි පළමුදා. දින ගැන ගැන ඉඳන් ඊළඟ සති අන්තයේ දී සූදානමින් ගියත් හිරු බැසයන වෙලාව ඉදිරියට ඇවිත්, පුංවි වෙලාවක් ඇතුළත ලස්සන දසුනක් අත්පත් කරගන්න ලැබුණා, මේ එයයි:




ඒ චමත්කාරයට ලොබ බැඳුණ හිත හැම සති අන්තයකම ආම්පන්න අටවාගෙන බලා සිටිය ද වෙනසක් විශේෂයක් ඇති දසුනක් ගන්න සති ගණන් බලා ඉන්න විය. එදා බලාපොරොත්තු නැති විදියට උෂ්ණත්වය පහතට වැටුණ, දැඩි හුළඟක් හැමූ දවසක් විය. ඒත් මෙච්චර ලස්සන දසුනක් පිටුපා එන්න හිතක් නොවිය, මෙය විනාඩි තිස්දෙකක තරම් කාලයක් තුළ හිරු බැස යන අන්දම දක්වන දසුනකි:




මෙ දසුන් ලස්සනට හසු කරගන්න පුළුවන් වෙන්නේ පරිසරයේ ඇති හිස් බව, ඒ හැර අපේ පුංචි රටේ මීට වඩා බොහෝ සුන්දර දසුන් දකින්න ලැබෙනවා.


මුහුදු වෙරළට වෙලා හිරු බැස යන දසුන දකින්න තිබුණ පෙරැත්තය තවමත් එහෙමමයි හිතේ.

ප.ලි: සම්පූර්ණයෙන්ම ගල්මල්-Coral වැඩක්, වීඩියෝ ක්ලිප් වල අඩුපාඩුකම් බොහෝමයක් තියෙන්න පුළුවනි, ඒ ගැන සමාකරනු මැනවි.

35 comments:

  1. Replies
    1. දකින්නත් සන්තෝසයි, රාජකාරී බහුල වෙලා වෙන්නැති. බොහෝම ස්තුතියි මේ පැත්තට ආවාට.

      දෙසිය වෙනි පෝස්ටුවට ගල්මල් අඩවියෙන් සුබ පැතුම්!

      Delete
  2. මේ වෙන්කොට පරිසරය විදින්නවත් අපිට වෙලාවක් නැති වෙලා.මාත් බොහොම මනාපයි ඉර බහිනවා බලන්න.

    දෙවැනි වීඩියෝව ලස්සනයි.අඩුපාඩුවකට තියෙන්නේ කැමරාව හෙල්ලෙන එක.නමුත් අපුරු වීඩියෝවක්.

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      දෙවැන්න ගන්න දවසේ තද සුලඟක් තිබුණා, අනෙක වීඩියෝවේ ස්පීඩ් එක වැඩි කරද්දී ඒ වෙනසත් වැඩි වෙලා. අදහස බෙදා ගත් එක ගැන බොහෝමත්ම ස්තුතියි.

      Delete
  3. ඉර බැහැගෙන යන මොහොතක් දැක්කේ මේ ගොඩක් කාලෙකින්.. ඇත්තමයි කාලයත් එක්ක දුවන මේ රේස් එක නිසා අපිට ජීවිතේ කොච්චර දේවල් මග ඇරෙනවද?

    ReplyDelete
    Replies
    1. පොස්ටුවේ විස්තර ලියද්දී දිනේෂ් ගැන මතක් වුනා, ඒ සඳහන් කර පරිසරයට ඔබ ගොඩාක් සමීප බවයි මගේ අදහස. රේස් එක අකැමැත්තෙන් වුනත් දුවන්න වෙනවා නේද සහෝ.

      Delete
  4. හිරු බැස යන හැටිනම් ඕන තරම් වෙලා බලා සිටියහැකියි. ලස්සන දසුන් දෙකක්. දෙවන වීඩියෝව හුඟක්ම ලස්සනයි. ඒ වගේම අපූරු පසුබිම් සංගීතයකුත් තෝරගෙන.

    ReplyDelete
    Replies
    1. පලමුවැන්නේ කෙටි කාලයක් වුනත්, වෙනසක් ඇති නිසා පලකර ද දෙගිඩියාවෙන්.

      දෙවැන්න ගත් දවසේ හවස මෙහේ ඌෂ්ණත්වය සෙ.4ක් බව දැන ගත්තේ පසුදා. ඒ ක්ලිප් එක කරන්න වූ මහන්සිය හා ප්‍රතිපලය ගැන මා ගොඩාක් සතුටු වෙනවා.

      නිසසල සේයා රූ එකතුවක් තියෙනවා පිලිවෙලක් කරලා ගන්න ඕනේ.

      බොහෝමත්ම ස්තුතියි නංගී සටහනට.

      Delete
  5. දෙවනි එක වැඩියෙම්ම හිතට ඇල්ලුවෙ..විශේෂෙන්ම මියුසික්

    ReplyDelete
    Replies
    1. ඔබා මහත්මයාට ඒ සංගීතය ගොඩාක් හුරු ඇති, පරණ කලෙක්ෂන් එකකින් ගත්තේ.

      Delete
  6. මුහුදු වෙරල අයිනෙ ඉඳන් ඉර බහින දර්ශනේ තියෙන්නෙ කියාගන්න බැරි ලස්සනක්.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ, ඔබේ සටහන ස්පෑම් ගොඩට ගිහින් තිබුණා දැනුයි දැක්කේ. බොහෝම ස්තුතියි සටහනට.

      Delete
  7. ලස්සන වීඩියෝ ක්ලිප් දෙකක්, පසුබිම් සංගීතයත් ලස්සනයි, අයියා මේ දසුන් පටිගත කරන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පලමු ක්ලිප් එකේ දසුන ඊට වඩා ගන්න පුලුවන් වුනා නම් ලස්සනට කරන්න තිබුණා.

      හැබැයි දෙවැන්න නම් හිතේ හැටියට ගත්තා. කාලෙකට පසුව ලස්සන දසුනක් ගන්න ලැබුනා. ඒ ගැන බොහෝම සන්තෝසයි. සංගීතය නම් මගේ පුංචි කලෙක්ෂන් එකකින්. බොහෝමත්ම ස්තුතියි මේ වටිනා සටහන් වලට.

      Delete
  8. පළවෙනි එක දැම්මේ අපරාදේ. දෙවනි එක පට්ට. පිරටටක හුදකලාව ගෙවන ජීවීතය. පාළුව, තනිකම, විරහව, වේදනාව, ශෝකය, ආතමය කඩාවැටීම. ඉච්චා බංගත්වය සියල්ලම තියෙන්වා සංගීතය තුල හා දර්ශනය තුල... කළා රිටක්නේ...

    ReplyDelete
    Replies
    1. එකඟයි. පලමු ක්ලිප් එක එකතු කරේ දෙගිඩියාවෙන්... ඒත් එක තැනක උස ක්‍රේන් එකකින් බැහැලා යන ඉර බලෙන් උස්සලා තියාගෙන ඉන්නවා වගේ පේන දසුන ඇහැ ගැටුනේ නැතැයි.

      දෙවැනි ක්ලිප් එකට හා සංගීතයට තව මොන වර්ණනාද, මාතලන් උන්නැහේ ඔය ලස්සනට කියලා තියෙන්නේ.

      නැහැ ලොක්කා, ලස්සන සොබාදහමට තියෙන්නේ පුදුම මනාපයක්.

      Delete
  9. එළ මචං...ඉස්සර බීච් එකේ සෙට් උනාම ඔය ඉර බහින සීන් එක දකින්නේ හඳේ ඉදන්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි!
      කොහොම බැලුවත් ඉර බහින දසුන ලස්සනයි නොවැ...

      Delete
  10. කියලා වැඩක් නැහැ සුපිරියි.. දෙවෙනි එකනම් මාරම ලස්සනයි..

    ගල්මල් අබු ඩාබිවල කොහෙද ඉන්නේ කියලා ඇහුවට කමක් නැද්ද ? කොහෙ ඉඳලද මේක ගත්තේ...?

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි!
      පසුතලය එමිරේට්ස් පැලස්/මරිනා මෝල් පැත්තට වෙන්න. වීඩියෝ කලේ අබුඩාබි චේම්බර් ඔෆ් කොමර්ස් බිල්ඩිමට සමීප කොර්නිෂ් පාර්ක් එකේ ඉඳන්. එතැන මීටර් 8ක් විතර උස ටවර් එක තියෙනවා. ඒක උඩට ගියාම මේ ලස්සන පසුබිම ෆොටෝ ගන්න කියාපු තැනක්.

      මම ඉන්නේ අබුඩාබි සිටි එකේ, ඉහත කී ස්ථානයට පයින් යත හැකි දුරක. මගේ ඊමේල් ලිපිනය: galmal.coral@gmail.com

      Delete
    2. ස්තූතියි.. මම ඉන්නෙත් සිටි එකේම තමා. TCA. මම ඊයක් එවන්නම්.

      Delete
    3. පුංචි ලෝකයක්!
      What a Small Planet.

      Delete
  11. ඉර නඟින බසින දර්ශණය තරම් මම කැමති දෙයක් තවත් නෑ... බොහෝම අපූරුයි :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒ දසුන් දෙකේම තියෙන්නේ විස්තර කරන්න ලේසි නැති ලස්සනක්. බොහෝම ස්තුතියි මේ පැත්තේ ඇවිත් සටහනක් කරාට.

      Delete
  12. ජීවිතයේ සුන්දර පුංචි පුංචි දේවල් කාලයත් එක්ක අපෙන් කොයිතරම් ඈතට යනවද.. මුහුදු ‍වෙරළක ඉන්නවනම් පුංචි කාලේ කියලා තියෙන්නෙ ඉර ගිලෙන කොටම වැලි අහුරක් කටේ දාගත්තම සීනි වෙනවා කියලා.. :D සමහර විට ඒ සුන්දර දසුන ඇසගැටෙන්න මගපෙන්වීමකට වෙන්න ඇති.. :)
    හරිම ලස්සනයි අයියේ.. දෙවෙනි ක්ලිප් එක ගොඩක් ලස්සනයි.. ඒ වගේම පසුබිම් සංගීතයත්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නංගී විස්තරාත්මක සටහනට.

      Delete
  13. කියවද්දි මට හිතුනේ අපිට නොදැනුවත්ව අපිට "මිස්"වෙන අපූරු දේවල්
    ලස්සන උත්සහයක්

    ReplyDelete
    Replies
    1. ඒ සොඳුරු දේවල් වලින් ඈත් වෙද්දී අගේ දැනෙනවා වැඩියි නේද? බොහෝම ස්තුතියි මිත්‍රයා සටහනට, දිගටම සිංහල පද්‍ය රටා කියවන්නයි පැතුම!

      Delete
  14. දෙවැනි ක්ලිප් එකේ සංගීතය මෙතැනින් ඩවුන්ලෝඩ් කරගත හැකියි.

    එය විනාඩි 6කට වඩා වාදන කාලයක් සහිත 6mb ෆයිල් එකකි.

    ReplyDelete
  15. අනර්ගයි . කලින් ආවට වීඩියෝ දෙක අප්ලෝඩ් වුනේ නැති නිසා මුකුත් නොකියා ගියා .

    ඇහැට නොපෙනෙන නේක මනරම්

    දසුන් ගැන තව කුමට ලතවෙම්

    අතට අසුවී එහෙත් නොපෙනුන

    අනගි දේ ළඟ ඇතිද කොතරම් ....

    ...කවියක් නොලියාම බැරි වුනා . කඩිමුඩියේ වුනත් . හරිම අපුරුයි . දැවෙන කතරක් වුනත් ලස්සනට දකින ඔබේ ළඟ මගේ හිස නිරතුරුවම නැමෙනවා භක්තියෙන් . කාන්තාරේ ලස්සන හොඳටම කියෙව්වේ ''English patient '' පොතෙන් . ඊ ලඟට ඔබේ මේ සටහන් වලින්.

    ඉර නැගීම තමයි අපි නම් වැඩියම රස වින්දේ . සමහර කාලෙට අපිට සිරිපාද කන්දත් පෙනුනා උදේට . නොමැරෙන සුන්දර ළමා මතක .

    ඉර බැස යනවිට මට දැනුනේ ශෝක රසයක් . දැනුත් එහෙමයි . ඉවසීමෙන් රු ගත කල මේ වීඩියෝ දෙකම හොඳින් රස වින්දා

    ReplyDelete
    Replies
    1. ලස්සන කවි පෙල. පරිසරය මොනවා වුනත් සොබාදහම සුන්දරයි, විශේෂයෙන්ම ග්‍රහණය කරගන්න හැටි අනුව කියන්න පුලුවන්.

      ඔබ හරි කඳු මුදුන් අතරින් පෙනෙන ඉර නැග්ම වගේ ලස්සනක් තවත් කොහේද?

      මුල් වතාවේ අපහසුතාවයට මුහුණ පෑවත්, නැවත ඇවිත් වීඩියෝ ක්ලිප් දෙක බලලා සටහනක් කරාට නැවතත් ස්තුතියි.

      Delete
  16. ඉර බැහැගෙන යන හැටි නම් ඕන තරම් වෙලා බලා ඉන්න පුලුවන් ඒත් පුදුම වැඩේ කියන්නෙ ඉර බැහැගෙන යන ලස්සනම හරියෙදි ඉර හයිස්පීඩ් බැහෙගෙන යනවනේ. අපූරුයි ඩීන් අයියා

    ReplyDelete
    Replies
    1. වීඩියෝවේ දර්ශණ කාලය විනාඩි 30කට වැඩියි. එය Time-lapse හැටියට edit කරලා මේ ක්ලිප් එක හැදුවේ, ඒකයි හයි ස්පීඩ් දිවෙන්න හේතුව.

      Delete
  17. ශ්‍රීමාල්March 23, 2012 at 3:57 PM

    මුහුද කියන්නේ කොච්චර බලං හිටියත් එපාවෙන්නේ නැති දේවල් වලින් එකක්. එයිනුත් බැස යන හිරුමඩළ සිතිජය සිපගන්නා දසුන මුහුද හා සබැඳුන කැමතිම දසුනක්. මාත් බැසයන හිරුගේ පින්තූරයක් හසුකරගන්න සැදී පැහැදී බලං හිටියත් හොඳ ප්‍රතිපලයක් ලැබුනේ කලාතුරකින්. මගේ හිතේ පරිසරයේ පවතින තත්ව වලින් දසුනේ පැහැදිලි බව වෙනස් වෙනවා. ඉතාමත්ම හොඳ දසුනක් අත්විඳින බොහෝවිට අතේ එය හසුකරගන්න ආම්පන්න නෑ.
    ගල්මල් සොයුර, මුහුදට පෙම්බඳින ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. සැඳෑ අහසේ හිරු බැස යන දසුන නම් මොනතරම් බැලුවත් එපා නොවෙන ලස්සනක්. දූවිලි, තෙතමනය පිරුණ මෙහේදි නම් ඒ ලස්සන හසුකරගන්න ලේසි නැහැ. ඒ දසුනට තියෙන පෙරැත්තය නිසාම සතිඅන්ත ගනනාවක්ම හිරු බැසීම බලන්න පුලුවන් වුනා. ඒකත් හිතට ලොකු සතුටක් වුනා.

      Delete