රන්ඳා උසක
රෑනින් එබී බැලූ
සහසක් මල් අතරින්
පළලූ පොඩි මලක් වූ
ලේනුන් මීයන් මඟහැර
මෝරා හැඩ වූ
ගිලිහී නටුව වැටුණ ද
උසකින් සුන් නොවූ
පහරින් දෙබෑකර
මදයත් ගෙන
රතඟුර කර සවිබල කටුව
සුවඳ දුම විඳගෙන
පල්කල ලෙල්ල
බැට පිට බැට දී කොහු කර
රිසිසේ සකසන
කෙන්ද
ඉවතලන්නට
කාරිය කරගෙන
පිදුම: හැමදේම පුද දී ලෙලිමෙන් තැලෙන මිනිසුනට
Image Credit: http://en.wikipedia.org/wiki/File:Sunset_with_coconut_palm_tree,_Fiji.jpg
simply awesome....lov the viewpoint....:)
ReplyDeleteThank you very much :)
Deleteඑක්ව කෙඳින් කෙඳ...
ReplyDeleteසැදී සොඳ මුස්න...
අතුගා දමමු "කුණු" - "දූලි"
මහතුන් එන මග...
I bow you my friend..
තැලී මතුවෙන කෙඳ
Deleteරැඳී පේළි හැඩගෙන
සැඳී මුස්න අමදමු පියමග
ඇදී යන්නට පොඩි දූ පුතු
රැඳී අත මිතු දමින්
ඇත්තටම ලස්සන අදහසක්..
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේශ් මල්ලී
Deleteසත්‍යය මෙතරම් සොදුරු ලෙස ඉදිරිපත් කළ හැකිද?
ReplyDelete...විශිෂ්ටයි...
ගල්මල් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු.
Deleteඒ අපේ සොඳුරු බසේ ඇති සුන්දරත්වයයි, ඔබේ ඇගයීම මට ගොඩාක් වටිනවා.
කෙන්ද කන්ද පාමුල සිටියළු නොසෑලීලා..
ReplyDeleteසුපර්බ්
කෙඳි එක්ව සැදුනොත් පින්සලක්
Deleteඇඳිය හැකිය කන්දක පින්තාරුවක්
ඔබේ විමසුම කවදත් හයියක්.
තේරුනේ නෑ සොරි..
ReplyDeleteකොමන්ටු අතරින් පැහැදිලි කිරීම ඉටුවෙලා කියලා හිතනවා. සොබාවයෙන් ලැබී ඇති, පරිසර තත්වයන්ගෙන් පන්නරය ලබාගෙන වැඩුන පලයකින් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනයන් අරගෙන අරකී පලයම රැක්ක ව්‍යූහය (සවිබල නිසා දෝ) තලා ඈත් කරන ක්‍රමය නිර්මාණයට පසුබිම වූයේ. කොච්චර තැලුණත් නැතිවෙන්නැති පොල් කෙන්ද යොදාගෙන ලණු, කඹ, බුරුසු, මුස්නයන් ආදිය තැනෙනවා. එකම වෙනස කෙඳි අතර තිබුණ බැඳීම කොහුබත් වෙලා විසිවීම, අරකී නිපැයුම් උවමානව පරිදි අතින් අත රැඳීම.
Deleteකියන්ඩ වදන් නෑ.. නියමයි..
ReplyDeleteඔබේ වදන් දිරියකි, බොහෝම ස්තුතියි සහෘදයා.
Deleteඑකිනෙකට බැඳුන
ReplyDeleteසිහින් සුමට කෙඳි
කඹයකට සවිය දෙන අරුමය...
සත් සමුදුර පීරා
Deleteජැටියට එන නැව
පණ නල බිඳි දා
බැඳ තබන කඹ
තැලුම් වැටුම්වලට ඔරොත්තු දෙන පොල් කෙන්ද, අනේක ප්‍රයෝජන ගෙන නිකම්ම "කෙන්දක්"යයි ඉවතලන... කෙඳි එකමුතු කොට මහ කඹයක් වුවහොත් ඇති සවියද, වටිනාකමද කොපමණද? එක් එක් කෙන්ද එය තේරුම් ගනීවිද?
ReplyDeleteපල්වීමට බඳුන්වෙන පොල් ලෙලිවල කෙඳි අතර ඇති බැඳීම් (ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවක් මත) දුර්වලවීමක් වුනත් කෙඳි නම් තවත් පදම්වි සවිබල වෙනවා. ඒ නිසාමද කොහේද කෙඳි මිටිකර හදන දේවල් අතින් අත රැඳෙන්නේ, රඳවාගන්නේ උත්සාහ ගන්නේ.
Deleteකෙඳින් කෙඳ පිළිවෙලින් එක්වී තැනේවා
පියමග දූවිලි ගසාලන්නට සරි මුස්නයන්
ගුදම් හිස්කරන නැව් බැඳිනට සවි රැහැන්
හිණිමඟක් පොඩි දූ පුතුනට හදන ලණුපටක්
අපුරුයි !
ReplyDeleteබොහෝම ස්තුතියි රසික මල්ලි
Deleteවෙනද වගේම...නියම නිර්මාණය ඩීන් අයිය
ReplyDeleteබොහෝම ස්තුතියි කස්සා මලේ
Deleteඑළ එළ...
ReplyDeleteබොහෝම ස්තුතියි කිව්වා
Deleteනිර්මාණය ගන අදහස් බෙදාගත් හැමට බොහෝමත්ම ස්තුතියි. පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.
ReplyDeleteලස්සන අදහසක්.
ReplyDeleteඔබ දෙන දිරිය බොහෝ අගේ
Delete(අළුත් පෝස්ටුවක් කියවන්න බලං ඉන්නවා)
ස්වභාව දහමෙන් මිනිසුන්ට වටින අදහසක්..!
ReplyDeleteමේ විශ්වය අදහස් වලින් පිරිලා, හොයලා බලලා ලියමු
Deleteඅපි හැමදාමත් නොහිතන දේ හිතන ඔබ!!
ReplyDeleteනිතර දකින දේ වෙනස් පැත්තකින් දැක්කාම හිතෙන දේ නොවැ. බොහෝම ස්තුතියි නංගී.
Deleteඅති විශිෂ්ටයි...
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී.
Deleteවෙබ් අවකාශයේ සොඳුරු දාර්ශණිකයානෙණි,
ReplyDeleteඔබ දකින...විඳින "ජීවිතය" අපූරුයි සහෝදරයා ..ඔබ මොනතරම් සැහැල්ලුද...මේ නිර්මාණ නුඹේ හදවත කැටපතකින් දැක්කාවගේ පැහැදිළිව පෙන්නුම් කරණවා සහෝ...මේ ලෝකෙ හැම මනුස්සයාටම ඔබ වාගේ වෙන්න ඇත්නම්....උපරිමයි සහෝදරයා....
මේ...
සුලා...
ගස් තීරුවක් සෙවන දකින්න ගසින් ගස වවමු.
Deleteමලේ නුඹේ අලුත් වගතුග දැනගන්න කැමැතියි, මගේ ඊ-මේල් ලිපිනය මුල් පිටුවේ දී තියෙනවා.
මේ පැත්තට ඇවිත් සටහනක් තැබීම ගැන බොහෝමත්ම ස්තුතියි.
කෙන්දක් තුලද කන්දක් තරම් කවියක් ඇති බව පෙනෙන්නේ ඩීන් අය්යාටමය
ReplyDeleteකාළයක් තිස්සේ හිතෙ තිබුණ අදහසක් මුල් වුණේ. වැඩ කටයුතු බහුලවූ කාළයක මේ පැත්තට ඒම ගැන සතුටුයි, බොහෝමත්ම ස්තුතියි
Deleteඒකත් එක්කම මට මතක් උනේ කපුගේ මහත්මයා ගයපු ''ලෙලි තලන නුඹෙ අතට රන් මුදුව ගොරහැඩිද දෝනී.. සෙනසුරුට පෙම් බඳින දෝනී'' ගීතය
ReplyDeleteමිනිසත් බවින් පිරුණ ඔබේ නිර්මාණ සැමදා මම සෙනෙහසින් ව්ඳගනිමි.
මේ ගීතය ඇහෙන හැම වතාවේම අපේ පලාතේ සුලබ කටුක දසුන් මතකයට එන්නේ - ලෙලි තලන ඔවුන් තැලෙන.
Deleteඔබේ සටහන දිරියකි.
පුංචි කාචයෙන් ඔබ දකින ලස්සන හරිම සුන්දරයි, සුවිශේෂයි. ඔබේ පිංතූර එකතුව නැවත නැවත වුනත් බලන්න පුලුවන්. ඒ නිසාම "කියවන්න මගේ ඇස" හිතගත් සමීප තැනක්. ජය!
හැමදාම වගේ අපි නොදකින පැත්තක් කවියක් වෙලා ලියවිල...
ReplyDeleteඔබ හරි, වෙනස් විදියට පේන දේ ඇති ලස්සන. බොහෝම ස්තුතියි නංගී.
Delete