නෙක රටා මවන
හැඩ වලා පිරෙන
කතරක සිසිර අහසේ
කළු වියන් එලෙනවා
නුහුරු ජනේරු සීතලක්
පුංචි කුරුලු රෑනක්
උඩු ගුවනේ ඉහළට නැග
අඳුරු වලා අතර සැඟවෙන
රූං ගා කඩා වැටෙන
පිනුම් පානවා සතොසින්
හැංඟී බලා ඉන්න බැරිවද
එඹිකම් කළේ හිරු කිරණ
කළු වලා අතරින් රිංගා
පාට අරන් අඳුරු අහස
කුරුල්ලනේ කූඩුවුණා ද සොවින්
පාට වලාකුළු රඟදෙති
සීත අහසේ දුව පැන
වැහි ලිහිණියනේ ඈතින් ආ
බලා ඉඳිමු තව මන්දාරමක්
ගෙනෙන තුරු පොද වැස්සක්
පිංතූර: කවුළුව තුළින් මා සොබාසිරිය දුටු හැටි (22-01-2012)
very nice-both the poem and photograph!
ReplyDeleteIt was a very beautiful rainy sky, time to time that got decorated by different shades. Thank you.
Deleteපින්තූරෙයි කවියයි දෙකම ලස්සනයි...
ReplyDeleteබොහෝම ස්තුතියි, සොබාදහම දෙන තෑගි.
Deleteඅදයි මේ පැත්තට ආවෙ....ඇත්තටම ලස්සන කවියක්.දිගටම ලියන්න කෝඩුකාරයාගෙනුත් සුභ පැතුම්
ReplyDeleteබොහෝම සන්තෝසයි. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔබේ දිරිගන්වන වදන් වලට බොහෝමත්ම ස්තුතියි.
Deleteමම කවි වලටනම් ටිකක් ටියුබ් ලයිට්..
ReplyDeleteපින්තූරෙනම් උපරිමයි..
සොබාදහම දෙන තෑගි ලස්සනයි නොවැ. බොහෝම ස්තුතියි.
Deleteමුහුද දිහා බලාගෙන ඉන්නවා වගේම මම ආස කරන දෙයක් තමයි සුළං ඇති වෙලාවට අහස දිහා බලාගෙන ඉන්න එක. කොතරම් ලස්සන රූ රටා මවනවද. මන්දාරම් අහසටත් ආසයි. බොහෝ අය වැහිබර අහසට කැමටි උනාට මම නම් අකමැතිම අහස කළුවර වෙන කොට. ඒත් කවියෙන් කියනවා වගේ අපි කවුරුත් බලාගෙන වැස්ස ලැබෙනවනේ. ඒ වගේම මේකත් අපේ ජීවීතයටත් අදාලයි. ඒක ලස්සනට ලියලා තියෙන්වා..
ReplyDeleteඇත්ත; සාගර තලයක නැඟෙන රැලි ලොකු පොඩිවෙලා බිඳෙන අයුරු වගේම අහසේ වලාකුළු පාවෙලා ඇවිත් ඉර වහගන්න විදිය සුළඟේ ගහගෙන යමින් නෙයෙකුත් රටා මවන විදිය විස්තර කරන්න බැරි ලස්සනක්... වැහිබර අහසක ඒ සුන්දරත්වය තවත් වැඩියි. වැස්සක් නැති දේසෙක, හිස්ම හිස් අහසක වලාකුළු රොඳ, කෙඳි වලාකුළු මතුවෙලා අඳුරේ ගිලෙනවා, ඒ අතරින් එඹී බලන හිරු රැසින් පාට ගන්නවා හරිම අලංකාරයි.
Deleteඒත් තවමත් වැස්සක් නැහැ, බලාපොරොත්තුව පොද වැස්සක්වත් දකින්න...
හරියට ජීවිතය වගේ... එහෙම නේද මිත්‍රයා.
නෙක විසිතුරු රටවෙන් නුබ හැඩ කරණ
ReplyDeleteනෙක හැඩ වළාකුළු ඇත සිසිරෙහි සරන
දැක කළු වියන් එම කුළු අහසෙහි එලන
ටික ටික නුහුරු සිසිලක් අප හට බෙදන
පොඩි කුරුළු රෑනක්
නැඟ අහසට වතාවක්
වී තුළ වළාවක්
තුටු වූ යුරු ඉනාවක්
හැංගී හිටියා ඇති වී හිරු -------තෙද
රිංගා ආවා වළාකුලක් ---------- විද
අහසේ අඳුරත් දුරුවී එම ---------සඳ
කුරුලන් පියඹා ගොස් ඇත සොව --මැද
දෙති රඟ නෙක වළා
අහසේ සීත නසලා
දිනක වැසි වැහැලා
වැහි ලිහිණි තුටු කෙරෙයි නුඹලා
ඩීන් අයියගේ තවත් ලස්සන නිර්මාණයක්...
බොහෝම රසවත්, සුන්දර පදපෙලක් මල්ලී. ගොඩාක් රසවින්ඳා. බොහෝමත්ම ස්තුතියි.
Deleteකතරක සිසිර අහසේ
ReplyDeleteකළු වියන් එලෙනවා
ටිකක්වත් වහින්න ද හදන්නෙ? ආසාවට දකින්නවත්..
වහී කිව්වත් තවමත් නැහැ, ඒ සූදානම බලාපොරොත්තුවක් ඇති කරනවා.
Deleteකොහොම නමුත් වලාකුළු පිරෙන අහස ලස්සනයි.
හරිම ලස්සනයි අයියේ,.
ReplyDeleteසිත් අහස ඉදිරිපත් කරන කවි තරු ද ලස්සනයි.
Deleteබොහෝමත්ම ස්තුතියි නංගී.
වැස්සක ඉඟියක් දීලා කාගෙත් හිත් ටික වෙලාවක් සතුටට පත් කළ අහස, ආයෙ ටිකකින් හිරු රැස් පෙන්නලා ඒ සතුට උදුරගෙන. ටිකෙන් ටික වෙනස් වෙන දසුන් පෙළක් හිතේ මැවුණා.
ReplyDeleteවැස්සක බලාපොරොත්තුව ඇතිකරත්, වැස්සේ නම් නැහැ. ඒත් විසාල කවුලුව ලඟට වෙලා ඈත අහසේ රැස්වෙන, විසිරෙන පාට පාට වලාකුළු දකින්න ලැබුන එකත් හිස් අහසට හුරු ඇස්වලට සම්පතක්.
Deleteමන්දාරම් අහසේ වැහි වලාවන් පෙල ගැහෙන කොට තියෙන ලස්සන. කතරකට වැටෙන පළමු වැහිපොද කොපමණ සතුටක් ගේනවාද හැමෝටම. ලස්සන අදහසක් ලස්සනට පද බැඳල. ස්තූතියි ඩීන් මල්ලී.
ReplyDelete//කතරකට වැටෙන පළමු වැහිපොද කොපමණ සතුටක් ගේනවාද හැමෝටම.//
Deleteඒ වැහි පොද දකින්න තවත් කාලයක් ඉන්නවෙයි වගේ...
බොහෝම ස්තුතියි අක්කේ ඔබේ දිරිවදන් වලට.
සැඩ හිරු සතුරු බලමුළු ඇති සතර වටින්
ReplyDeleteවේලි ඉරිතැලුන බිම දැක උපන් සොවින්
ඉඳහිට තැවී අසරණ සුදු වලා පෙලින්
අහසට දුක හිතී හෙට වැසි පොදක් එවන්
වැහි බර අහසට
Deleteමන බැඳි හින්දා
උරන වෙලා දිනකර
උදුරා ගති කම්බිලිය
වළාකුළු පිරිච්ච අහස හරි ලස්සනයි තමා, මෙහෙ තියෙන හිස් අහසෙ වළාකුළක් දැකීමත් සතුටක් නේද? කිව්වත් වගේ බලාපොරොත්තු දීලා විතරක් ගිහින්ද? පහුගිය දොහේ වැස්සෙම නැහැලු නේද?
ReplyDeleteවිටින් විට වැස්සක බලාපොරොත්තු දීලා ගියත්, ඒ වැහි වලාකුළු හිස් අහස සරසපු හැටි නම් බොහෝම ලස්සනයි. රසදිය කඳ ඉනිමග දිගේ ඉහළට නැඟලා වලාකුළු හොරකම් කරනකම් තව ටික දවසක් ඒ ලස්සන දකින්න පුලුවන් වේවි.
Delete