Thursday, January 12, 2012

විහඟුනේ රෑනින් වරෙව්


රංචු හැදී රටාවට
ඈතින් එන කුරුල්ලනි
විඳින්නට ඉරු රැස්...
සීතයි මෙදා
නාවත් තරහා නැතේ
පාතින් පියාඹන්...
සිරිපුර දේසේ බලන්
විහඟුන් වුණත් තොපටත්
නියමුවෙක් ඉන්නා හැටි,
විඩාබර විට දී පසුබැස
රැළ රැකගන්නා හැටි,
රටාවට තටු සලා
පවන ද ජයගන්නා හැටි
පෙන්නා යමන්...
වසන්තයේ ඈත ගියත්
රෑනත් එක්ක ආයෙත් වරෙව්...

සටහන: රටාවට පියාඹන කුරුල්ලන් ගැන වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න පුළුවනි

Image Credit: http://www.sedonaobserver.com/images/formation.jpg

26 comments:

  1. ඇත්තටම මේක හරිම ලස්සන දර්ශනයක්....කුරුල්ලො දිහා නම් කොච්ච්ර බලාගන හිටියත් ඇතිවෙන එකක් නැහැ...

    මිනිස්සු කුරුල්ලො වගේ පියාඹන්න කැමතියි....ඒත් කුරුල්ලො ලඟ තියන සමගියනම් දකින්න නැහැ නේද......කුරුලු නියමුවා ඉස්සරහින් යන්නෙ ඒ සමගිය නිසා කියලයි මට හිතෙන්නෙ..
    මිනිස්සුන්ගෙ තියන පිටිපස්සෙන් ඇවිත් කකුලෙන් අදින, එහෙම නැත්නම් පිටිපස්සෙන් පිහියෙන් අසමගිකම් දුරුවෙලා කව්බෝයි නායකයින් වෙනුවට කුරුලු නියමුවන් අපිටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද ඩීන් අයියෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලස්සන දසුනක්, කුරුල්ලන් වුනත් පරිසරය ජයගන්න කරන උත්සාහය. ඉන් කියාදෙන පාඩම ගොඩාක් වටිනවා.

      බොහෝම ස්තුතියි ලකී සටහනට. අපි හැමෝම එහෙම පතමු.

      Delete
  2. ලස්සන ලස්සන අදහස්,සිතිවිලි ඇතිවෙන්නෙ ලස්සන(හිත ලස්සන) මිනිස්සුන්ටයි!

    ReplyDelete
    Replies
    1. පළමුව ගල්මල් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.

      සොබාදහම දකින්න, විඳින්න විරාමයක් ලැබෙනවා නම් අපි කාටත් ඉන් රුකුලක් ලැබෙනවා.

      Delete
  3. හැම සතෙක් අතරම වැඩක් කිරීමේදී පිළිවෙලක් තියෙනව කියලයි මටනං හිතෙන්නෙ.
    ලස්සනට පද ගලපල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්, විශේෂයෙන්ම මී මැස්සෝ, කුහුඹුවන්, වේයින් වගේ සාමූහිකව ජීවත්වෙන සත්තු අතරත් කුරුල්ලන් වගේම විශේෂ ලක්ෂණ දකින්න පුලුවන්.

      බොහෝමත්ම ස්තුතියි ඔබේ ඇගයීමට.

      Delete
  4. නිදහසේ මෙහෙම අපි හැමෝටම එකතුවෙලා සතුටු වෙන්න දවසක් එනකල් බලා ඉන්නවා ඩීන් මල්ලි. සොදුරු දසුනක අසිරිය විඳින්න පුලුවන් ලෝකෙ කීයෙන් කීදෙනාටද? හැමෝම පිස්සු බල්ලො වගේ මුදල් පස්සෙම යනවා මිසක්. පරිසරයෙ සුන්දරත්වය විඳින්න නිදහස් තැනකට යන්න පුංචි මුදලක් යොදවන්න කවුරුත් ආස නෑ. මෙහෙමවත් කාටත් මේ ගැන මතක් වෙනවා නම් ලොකු දෙයක්. තව දෙයක් කුරුලු ලෝකෙ අපි හිතන තරම්ම සුන්දර නෑ. කීයෙන් කී දෙනාද අන්තිමේ ඉතුරුවෙන්නෙ......... මේ ගැනත් ටිකක් හිතන්න. සත්ව ලොකේ හරිම භයංකාරයි. බොහොම ස්තූතියි! මල්ලි ඔයාට.

    ReplyDelete
    Replies
    1. මේ යාන්ත්‍රික ලෝකයෙන් මොහොතකට මිදිලා සොබා සුන්දරත්වය විඳින්න ඉඩක් ලැබෙනවා නම් ඒක ලොකු භාග්‍යයක් අක්කේ, විශේෂයෙන් අපේ මිතුරු කැල දැක බලාගන්න අවස්ථාවක් උදාවෙන තුරු පෙරුම් පුරනවා.

      අක්කා හරි, කුරුලු ලෝකයේ ද දුක් මුසු තැන් එමටයි. මං හිතන්නේ රාජකාරී කොටසක් පැවරී ඇති සාමූහිකව ජීවත්වෙන සත්වයින් අතර (මී මැසි වගේ) ඒ අවධානම වැඩියි. ඒත් ඔවුන් මනුසත් අපිට දෙන පණිවුඩය නම් බොහෝ අගේය.

      බොහෝම ස්තුතියි අක්කේ කවදත් දෙන දිරියට. විස්තර සහිතව පිලිතුරු ලියාගන්න වෙලාවක් නැතිව ප්‍රමාද වුනා, සමාවෙන්න.

      Delete
  5. මමත් ආසම විනොදාන්ශයක් තමයි.. රටාවට පියාබන කුරුල්ලන්ව නැරබීම... ඒ වගේ වස බයානක පුරුද්දක් තියනවා උන්ව ගනින්ඩ හදන එක.. ඒකට තැනක් නොතැනක් නැහැ... ඉතින් ටිකක් අනතුරුදායකයි.. :-)

    ReplyDelete
    Replies
    1. Bird Watching බොහෝ පරාසයකට විහිඳුන විනෝදාංශයක් නොවැ, ඒ නිසාම වෙන්න ඇති ලෝක සංචාරක කර්මාන්තයේ වැදගත් තැනක් හිමි කරගන්නේ. ගැනීම නම් බයානක වෙන්න පුලුවන්, කුරුලු රංචු ලොකු වුනාම.

      බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

      Delete
  6. "විහඟුන් වුණත් තොපටත්
    නියමුවෙක් ඉන්නා හැටි"

    මේ විදිහේ හරි හමන් එකෙක් නැති උනාම මුලු කුරුලු රෑනම අනාත වෙනවා බන් . . ඇත්ත තමා . . .

    ReplyDelete
    Replies
    1. නියමු තැන ගන්න සතෙක් ඉන්න නිසා හැම සීත සෘතුවකම විහඟුන් කිලෝමීටර දහස් ගානක් පියාසර කරනවා. ඒ කුරුල්ලන් එකමුතුව ජයගෙන පැය විසිහතරක කාළයක් තුල කිලෝමීටර් 2400ක් විතර තරණය කරනවාලු.

      බොහෝම ස්තුතියි යාලු සටහනට.

      Delete
  7. අපේ නියමුවා කවුද, මුවා කවුද කියලා හොයන්ට බෑ.. නේද අයියා.. අයියා පොඩි උදවුවක් කරන්න.. ඔයා මගේ සයිට් එකට දාලා තියෙන ලිංක් එකට මේක දාන්න..

    http://hadapathula.blogspot.com/search/label/%E0%B6%9A%E0%B7%80%E0%B7%92%20%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%20%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92

    එතකොට ඒ ගැන තියෙන ලිපි ටික ඔක්කොම බලන්න පුළුවං.. සමා වෙන්න කරදර කළා නම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් මලේ.

      සටහන දුටු ගමන් අරකී ලින්ක් එක හැදුවා ඔන්න. බොහෝම ස්තුතියි.

      Delete
  8. ලස්සන සිතුවිල්ලක්...
    කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ කොටස ඉටු කරන ඒ ක්‍රියාවලිය නායකත්වය කියන සංකල්පයට වඩා වැදගත් කියල මට හිතෙනවා

    ඇත්තටම කුරුළු රංචු වලට නායකයෙක් නැහැ, ඉන්නේ මග පෙන්වන්නෙක් වගේ කෙනෙක්
    ඒකත් තාවකාලිකව

    ඒ වගේම අනතුරකින් තුවාල ලබන අය ගැන සොයා බැලීමක් වෙන බවක් මම අහල නැහැ මේ වගේ දීර්ඝ පර්යටනයකදී
    ඒකට හේතුව විශාල රංචු වශයෙන් සැතපුම් දහස් ගණනක පියඹා යන මේ ගමන කුරුල්ලන් එකෙකුට දෙන්නෙකුට තනියම යන්න බැහැ
    ඒ නිසා අනතුරකට ලක්වෙන එකෙක් වෙනුවෙන් අනිත් අය පහළට බහින්නේ නැහැ....
    එහෙම ගියොත් ඒ දෙතුන් දෙනාම අනතුරේ වැටෙන නිසා
    (මම මේ කරුණු කිව්වේ අර පරණ පෝස්ට් එකේ කරුණු වලට අදාළව)

    ReplyDelete
    Replies
    1. විහඟුන් ඉලක්කය කරා ලඟාවෙන්න කරන විටින් විට මාරු කරනවා කියන පෙරමුණ ගැනීම, පසුපසින් යන කුරුල්ලා ඉදිරියෙන් යන්නාට අනුබල දීම හා V-රටාව නිසා ලබන අනුබලය/වෙහෙස අඩුකර ගැනීම ආදිය මොනතරම් නම් අගේද - කණ්ඩායම් හැඟීම. නූතන කණ්ඩායම් ගොඩනැගීමේ වැඩමුලුවලදී මෙ කාරණය කතා කරන වාර අනන්තයි.

      කලින් නිර්මාණය කරද්දී විහඟ තරණය ගැන බොහෝ දේ කියවන්න වුනා. එතෙක් මා ද දැන සිටියේ තරණයේ දී තුවාල ලබන හෝ දුබල සතා හලා යන බවයි. කුරුලු රෑන පවුල් කිහිපයකින් සැදුම්ලත් එකක් වෙන්න පුලුවනි, ඒ පවුලක අයෙක් දුබල වූ විට අනික් සාමාජිකයින් ද රෑනෙන් කැඩී අරකී දුබලයාට පිහිටවෙන බවත් පසු ඔවුන් කුඩා කණ්ඩායමක් හැටියට පියාඹා මුල් කණ්ඩායමට එකතුවෙන බවත්, එසේ නෙවෙන අවස්ථා වලදී කුඩා කණ්ඩායමක් හැටියට ගමනේ යෙදෙන බවත් කියවේ.

      Delete
    2. ඒ විස්තර කියවූ ලිපි දෙකක මෙසේ සඳන් වේ:

      Source: Interesting Facts About Canada Geese
      http://voices.yahoo.com/interesting-facts-canada-geese-505073.html

      These geese mate for life and are very devoted to each other. If one is injured the other will stay by its side, even if the flock flies to another destination. It's not known for certain if when a goose loses his mate he picks another mate.

      Delete
    3. Source: Lessons From The Geese
      http://suewidemark.com/lessonsgeese.htm

      It is logical to assume that family members will be flying with each other and that since they are closely knit, if one drops out, the others in the family will follow him/her and stay with the injured goose, re-forming their own formation or joining another formation when the injured goose gets well or dies.

      Delete
    4. බොහෝමත්ම ස්තුතියි ලොකු පුතා ඔබේ විමසුම් සටහනට.

      Delete
  9. වෙනදා වගේම ලස්සන අදහසක් සහෝ.....

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි ඇවිත් සටහනක් එක් කර ඔබටත්, ඒ පැත්තේ ඇවිත් තව කියවන්න පොස්ට් කිහිපයක්ම තියෙනවා.

      Delete
  10. පදපෙල ගැන අදහස් දැක්වූ හැමටම බොහෝම ස්තුතියි. පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.

    ReplyDelete
  11. කුරුළු රෑනක් දකින කොට දැනෙන අසිරිය! මම අදයි පලමු කමෙන්ටුව දමන්නේ. තාම අලුත් නිසා අවකාශය සැරිසරනවා.

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      මේ සතියේ මුලදී චාන්දි අක්කාගේ දැනුවත් කිරිමක් අනුව යමින් සරත් සමයේ විහඟ ගීතය අහන්න ඒ දිහා ගියේ. ඔබේ ලිවීමේ විලාසය හිත ගත්තා, පොස්ට් කිහිපය කියවන්න ආපහු එනවා.

      අලුතින් හඳුනාගත් බ්ලොග් ලයිස්තුවට සරත් සමයේ විහඟ ගීතය එක් කරා. රසවත්, හරවත් පොස්ට් වලින් පෝෂණය කරගෙන ඔබේ බ්ලොග් එක සාර්ථකව ඉදිරියට ගෙනියන්න දිරිය හා ශක්තිය පතනවා සොයුරිය. අපෙන් සුබ පැතුම්!

      Delete
  12. I came again 2 the blog world....thank you 4 all the advises you gave me uncle.If you have much time please visit my blog again.

    ReplyDelete
    Replies
    1. Good to see your comment Duwa. I have read you new post as well; I am facing a difficulty in commenting there. You are a talented child, your writings in both Sinhalese as well English are great. You shall excel in your studies as well, I am sure you can. Wish you all the very best.

      Delete