Friday, December 16, 2011

අපූරු පාට



රතු, කොළ, නිල් මූලික පාට
ත්‍රීමාන ලු සංකලනය පාට
ඉහළට යන්න රතු
පළලට වෙන්න නිල්
ගැඹුරට කොළ පාට
ඉන්නේ කොච්චර නම්
ඉහළින් පළලින් ගැඹුරින් ද
දන්නේ නම් එයයි
පෙන්නන පාට


(ඩිජිටල් ප්‍රින්ටින් සංකල්පයකි)

සටහන:
මෙහි ඉදිරිපත් කර ඇති සංකල්පය කලර් කියුබික් (colour cubic) ලෙස හඳුන්වයි. අපි එය මැජික් කියුබ් එකක් කියමු. මෙය ඩිජිටල් ඉමේජින් (digital imaging) වල භාවිතා වෙන මූලධර්මයකි.

තවදුරටත් පැහැදිලි කරන්න අපි මෙහෙම හිතමු:
  • උසට තට්ටු 6ක්, දිගතට කුටී 6ක්, පළලතට කුටී 6ක් තියෙන තට්ටු ගොඩනැගිල්ලක්
  • ඉන් එක තට්ටුවක කුටී 36ක්, ඒ වගේ තට්ටු හයේම කුටී 216ක් ඇත
  • හැම කුටීයකටම වෙන් වෙන් වූ අංකයක් ඇත්නම්
  • නැගෙනහිර දෙසින් පටන් ගෙන දකුණු දෙසට කොළ පැහයත්,
  • නැගෙනහිර දෙසින් බටහිරට නිල් පැහයත්,
  • නැගෙනහිර දෙසින් පටන් උඩතට වෙන්න රතු පැහයත් යන අන්දමට හැම කුටියක්ම රතු, කොළ, නිල් (RGB) සම්මිෂ්‍රණය වෙමින් හැම කුටි අංකයක් (වීදුරු කුටි කියලා හිතමු) එකිනෙකට හාත්පසින් වෙනස් ආවේනික පාටක් දරයි නම්
  • කුටී 216න් ඕනෑම කුටියක් අත්පත් කර ගතහොත් ඒ කුටිය යම් පාටක් දරයි ද, එය වේ පෙන්නන පාට...

19 comments:

  1. කවියනම් අපුරුයි.. යටින් දාපු පැහැදිලි කිරිමත් නියමයි..

    ReplyDelete
  2. කවිය තේරෙන්නේ පැහැදිලි කිරීම් නිසා.. ලස්සනයි..

    ReplyDelete
  3. ලස්සන අදහසක්...
    මමත් වැඩ කරන්නේ තීන්ත කම්පැනි එකක නිසා විවිධ පාට වර්ග කියන්නේ මගේ රස්සාවේම කොටසක්
    මිට වැඩිය ගොඩක් පාට වර්ග මේ කියන බිල්ඩින් එකට ඇතුලත් කරන්න පුළුවන්
    හරියට හැදුවොත් මේ බිල්ඩින් එක තට්ටු දහස් ගානක් සහ කාමර දහස් ගානක් තියෙන විදිහට හදන්න වෙනවා....
    දැන් තියෙන අලුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ වල කියන 16M Colours කියල ගහල තියෙනවා දැකල තියෙනවද, ඒ කියන්නේ පාට වර්ග මිලියන 16 ක් තියෙනවා කියන එක.
    ඒ තරමට පාට වර්ග අපිට ප්‍රැක්ටිකලි හදන්න උනත් පුළුවන් නොයෙකුත් වර්ණ සංකලන යොදාගෙන

    ReplyDelete
  4. ඔන්න මටනම් කවිය තේරුනේ පැහැදිලි කිරීම කියෙව්වට පස්සේ...:)

    ReplyDelete
  5. ලස්සන කවියයි, නියම පැහැදිලි කිරීමයි.

    ReplyDelete
  6. පැහැදිලි කිරිම මටත් උදව් උනා කවිය තේරුම් ගන්න, ලස්සනයි !!!

    ReplyDelete
  7. මැජික් කියුබය වීදුරු කුටියක් නම් එකේ තුන් පැත්තෙන් එළිය දෙන රතු, කොළ හා නිල් පාටෙහි සැර අනුව එකිනෙක තැන දී මිශ්‍රවෙන එළිය අනුව විහිදන පාට වෙනස්. මූලික පාට මොනවා වුනත් විහිදන පාට... ඒ කෝණයෙන් පදපෙල ගැන බැලුවහොත්?

    ReplyDelete
  8. @Dinesh:
    සන්තෝසයි, බොහෝම ස්තුතියි දිනේෂ්.

    ReplyDelete
  9. @මාතලන්:
    පුංචි දේවල්වල වුනත් ලොකු කතාවක් තියෙනවා නොවැ මාතලන් උන්නැහේ.

    ReplyDelete
  10. @ලොකු පුතා:
    පාට සම්බන්ද රැකියා අංශයක ඉන්න ඔබේ සටහන අගේය.

    VGA (පාට කොම්පියුටර්) මොනිටර් හඳුන්වා දීමත් සමඟ පාට විවිධත්වය 256 සිට මිලියන 16 දක්වා වැඩිවී අද තියෙන තත්වයට ඇවිත් කොම්පියුටර්, ටීවි තිරයක වඩාත් ස්වභාවික, තාත්වික පාට පෙන්වන්න පුලුවන් තරම් තාක්ෂණය ඉදිරියට ඇදුනා.

    බොහෝමත්ම ස්තුතියි ලොකු පුතා.

    ReplyDelete
  11. @සයුරි:
    බොහෝම ස්තුතියි සයුරි, සංකල්පය පැහැදිලි කරන්න සටහන එක් කෙළේ

    ReplyDelete
  12. @Praසන්ன:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  13. @ඔබ නොදු‍ටු ලොවක්.....:
    බොහෝම ස්තුතියි.

    ReplyDelete
  14. @හරී - පිණිපළස:
    වර්ණ සංකල්පය පාටෙහි අවිනිශ්චිත බව වඩාත් පැහැදිලි කරනවා, එයයි මේ පදපෙලට මුල් වුනේ. බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  15. අපූරු පාට වල.. අපූරු සිතිවිල්ලක්..!
    පහලින් සඳහන් කල කරුණු අගෙයි..
    ස්තූතියි ඔබට.. :)

    ReplyDelete
  16. @නන්දු:
    වැඩ රාජකාරි අතර ඇවිත් සටහනක් එක් කල ඔබට බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  17. වර්ණ සංකලනය ගැන මම නොහිතපු පැත්තක් ගැන හිතන්නට ඔබේ සංකල්පනාව හේතු උනා ....ඩීන්,

    ReplyDelete
  18. @Ravi:
    සන්තෝසයි. බොහෝමත්ම ස්තුතියි රවී.

    ReplyDelete