Thursday, September 15, 2011

තෙරපුම


ඇදී එකොන මෙකොන යාකර
සවිබල වේල්ල උසට ඉදිවුණ
රැකුමට රැළිනඟා ගලන ජලකඳ
උරදෙන්නේ සොරොව් දොර

ඉරිතැලුන පහත්බිම ඉඩෝරේ වියැළෙන
නොදැක්කා සේ ඇසිපිය වසාගෙන
අවාරයේ කීරිගා වැලපෙනු හැර
අවනතව අගුළුලනවා මිස

ඉවුරු තලා ඉහිරීයන වස්සානයේ
වාන් දාන බැමි රකිනූ හැර
පහත් බිම පෙළන්නේ කෝමද
අවනතව මුදාලනවා මිස

උරදී තෙරපුම බැටකන
කඩා නොවැටෙන්නට වෙරදෙන
රකින්නට රැකුමන් වලිකන
සොරොව් දොර සීමාවේ කැරකෙන


දසුන සිරිබර වික්ටෝරියා වේල්ල
Image Credit: http://www.damsafety.lk/Information/Dams/

25 comments:

  1. තනි රකින නිම්න මිටියාවත්ය
    සුව දෙවන පරිසරය මනමත්ය
    වාං දමනා සුදු සේල මැද
    මේ විරිය දකින්නේ කවුරුන්ද,,,,,,

    වික්ටෝරියා වේල්ල අසළ පරිසරයෙ තියෙන්නෙ පුදුම ලස්සනක්, කඳු, නිම්න, සානු, මිටියාවත්, වාං දමන කාලෙටත් සුදු පාටින් කිරි සුදු සේල වගේ. එහෙව් ලස්සන තියෙන තැනක මේ ජල කඳ කරා ගන්නට වේල්ලට තියෙන වීරිය පේන්නෙ නම් අයියේ ඔබ වාගේ මිනිසුන්ටම පමණයි !!

    ReplyDelete
  2. වෙනස්ම පැත්තක් දැකල ලියල තියෙන පද පේලිය ලස්සනයි.

    ReplyDelete
  3. ලස්සනයි ලස්සනයි...

    ReplyDelete
  4. හැමදාම වගේ වෙනස් දැක්මක් .

    ....දිරි සිඳී දිනක ඉරිතලා යාද මේ මහ වේලි ...

    ReplyDelete
  5. දෙපැත්තක් බේරගන්නට අවැසි සවිය. පීඩනයට ඔරොත්තු දෙමින්, පහත්බිම්ද රැකගෙන, අවැසි තරමින් ජලය බෙදමින් සිටින වේල්ල. සමහරුන්ගෙ ජීවිතයත් ඒ වගේ.

    ReplyDelete
  6. හැම දාම ජීවිතයෙන් බැටකන මිනිසුන් මේ වගේ. එන අභියෝග හමුවේ නොසැලී ඒවාට උර දෙන දිරිය මිනිසුන් මේ මහා වේල්ල වගේ නේද? ඩීන් මල්ලී. සුන්දර පරිසරය නිසා මේ වික්ටෝරියා වේල්ල තියෙන හරිය හරිම ලස්සනයි. ඒ උනාට මෙය ඉදිකිරීමේදී හෙළපු දහදිය කදුළු හා විනාශ වූ පරිසරය අපි මතක් කරගත යුතුයි. ගම්මාන කීයක් මේ සඳහා යට උනාද? එහෙම වෙලාත් තව පැත්තකින් සංවර්ධනයට උර දෙන බවද මතක් කරනවා. හරිම ලස්සනයි කවි පන්තිය, සොබා සොඳුරු වර්නනාව. ජයම පතනවා! මල්ලී ඔයාට.

    ReplyDelete
  7. @හරී - පිණිපළස:
    පදපෙල සකස් කරගෙන සුදුසු පිංතූරයක් ගැන කල්පනා කරද්දී වික්ටෝරියා වේල්ල ගැන හිතට ආවේ. වැඩේ පැත්තකින් තියලා වික්ටොරියා වේල්ල ගැන පිංතූර ගොඩාක් බලන්න වූයෙමි. ඒ පරිසරය එතරම් සුන්දරයි ඇස්වලට.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  8. වේල්ල කොච්චර වෙර වීරියෙන් රැකගෙන හිටියත්
    වතුර මුදාහරිනවද නැද්ද කියල තීරණය කරන්නේ වෙන කෙනෙක් නේද?
    සමහර වෙලාවට අපි අපේ කියල හිතාගෙන ඉන්න දේවල් ගැනත් එහෙමම තමයි.
    හිතන්න හුගක් දේ ඉතුරු කල කවියක්.........
    ස්තුත්යි ඔබට හැමදාවගේ සොදුරු සිතුවිලි බෙදා හද ගත්තට

    ReplyDelete
  9. රිසි සේ ගලන මහා ජල කඳ
    සඟවන්නට නොදී සයුරට
    දුප්පතුන් හට ඇවැසි විට බෙදන
    නුඹ නොවෙද නූතන සරදියෙල්

    ReplyDelete
  10. @Praසන්ன:
    නොවරදවා ඇවිත් තියා යන මේ සටහන බොහෝ අගේ, බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  11. @indi:
    බොහෝමත්ම ස්තුතියි ඔබට.

    ReplyDelete
  12. @Bindi:
    හයි හත්තිය ඇති වේල්ලක් වුණත් ඉරිතැලුණොත්... කියලා හිතට දැනුණ වෙලාවක ආ අදහසක් නිර්මාණයට මුල් වුණේ. ඔබ එය හරියටම ග්‍රහණය කරගත්තා, අපූරුවට.

    බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  13. @නලිනි චන්දිමා:
    පිරිච්ච පැත්ත කඩාගෙන ඇවිත් පෙළිච්ච පැත්ත තවත් පෙළන්නේ නැතිව රැක ගන්න දඟලන ජීවිත එමටයි... හරියට වැසි වාරයට පිරෙන දිය කන්දරාවෙන් පහත්බිම රැකගන්න වෙරදෙන වේල්ල, ඒ වේල්ල රකින්න ඇති සොරොව්ව වගේ. ඔවුන් දිය වෙනුවට දුක් කන්දරාවක් දරන්නේ...

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  14. අහෝ ඩීන් මහත්තයෝ, දෙමාපියන්ගේ අවමංගලෙටත් නැති ඔය ජීවිතය කුමකටද?

    ReplyDelete
  15. @ Ano, ඔහු දෙමාපියන් ජීවත්ව ඉන්නකම් යුතුකම් කරන්න ඇති, ඒත් ඔබ මේ කරන්නේ ඔබේ දෙමාපියන්ට නිගරුවක්

    ReplyDelete
  16. @Anonymous (1):
    තමන්ගේ තැනකට ආපු අයෙකු ගරුසරු ඇතිව පිළිගැනීමේ ක්‍රමය අනුව ආයුබෝවන් කියා අමතන්නෙමි.

    ඔබ හැඳුනුමක් ඇතිව ඇවිත් විමසුවා නම් ඔබේ පැනයට උත්තර දීම ගැන සලකා බලන්න තිබුණා. අනන්යතාවයක් නැති ඔබට තවත් මොනවා ඇත්ද/නැද්ද යන්න තේරුම් නොගෙන විස්තර කොටලා වැඩක් නැහැ. ඇනෝ හැටියට ආවත් යම් යම් සළකුණු තියා ගිය ඔබ නොදන්නවා ඇති. ඔබට යහපතක්ම පතන්නෙමි.

    ReplyDelete
  17. @Anonymous (2):
    බොහෝමත්ම ස්තුතියි පිලිතුරු ලිවීම ගැන, කාගෙ වුනත් අහිංසක දෙමාපියන් මොනවා කරන්නද? මෙවැනි අයට අනුකම්පා කරන්න ඕනේ.

    ReplyDelete
  18. @ ඇනෝ 1 ) උඹ ඔය වගේ දෙයක් මෙතන ඇහුවා කියලා උබේ දෙමව්පියො දන්නවනම් . උඹෙ දෙමව්පියෝම උඹට කියයි උන්ගෙ මලගමට උඹට එන්න එපා කියලා . ඔක්කොටම කලින් කොන්ද පන තියන මිනිහෙක් වෙලා හිටපන් මැරුනට පස්සෙ නෙවෙ ජීව්ත් වෙලා ඉන්න කාලෙදීයි කල යුතු දේවල් කරන්න ඕන. ජීවිතේ ගැන අකුරක් නොදන්න උඹ වගේ හාල් පාරුවෙක්ට කරන්න පුලුවන් උපරිම දේ තමයි උඹ ඔය කරලා තියෙන්නෙ

    ඩීන් අයියගෙන් නෙවේ කන්නාඩියක් ඉස්සරහට ගිහින් උඹෙන්ම අහගනින් " මේ ජීවිතය කුමකටද " කියලා

    ReplyDelete
  19. Anonymous : තමන්ගෙ සැබෑ නමින් පෙනී සිට අදහසක් ප්‍රකාශ කිරීමට බිය වන ඔය ජීවිතය කුමකටද?

    ReplyDelete
  20. හුටා මට අමතක උනා Anonymous ලට අම්මලා අප්පලා නෑ නේ. ඩීන් අයියා මුං වගේ ඕපපාතික රිලව්ට පුලුවන් උපරිමය තමයි ඔය කරලා තියෙන්නෙ ඔයා කවුද කොහොම කෙනෙක්ද කියන එක. දන්න මිනිහා හොදටම දන්නවා.

    ReplyDelete
  21. ඩීන් අයියා මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා... ඒත් ඇත්තම කියන්න මං තාමත් මගේ තාත්තගේ මිනිය වැළලුව තැනවත් දන්නේ නැහැ. මරණයෙන් මාස ගානකට පස්සේ මට ගෙදරට යන්න සිද්ධ උනා.. ඒත් කනත්ත තියෙන්නේ ගෙදරින් කිලෝ මීටර් තුනක් විතර දුරකින්. එහෙමටම කියලා හොයාගෙන ගිහින් වළලපු තැන බලන්න ඕන කියලත් හිතුනේ නැහැ. මොකද තාත්තා මලා ඒක එච්චරයි. මට ගනුදෙනුව තියෙන්නේ තාත්තගේ පණ ගිය මල කඳ එක්ක නෙවෙයි. කවුරු හරි මට ඒහෙම කියනවනං මං ඌට කියන්නේ උඹට ඕනනං ගිහින් මල මිනි එක්ක නැවතියං කියලා...

    මං හිතන්නේ නැහැ තාත්තා මගෙන් බලාපොරොත්තු උනේ මලාම මිනිය බදාගෙන වැඩ කරන එක කියලා...

    මගේ ජීවිතේ අදටත් ගලාගෙන යන්නේ තාත්ත මට දුන්න දේවල් උඩ..දවසට තුන් හතරපාර මට උන්දැව සිහි වෙනවා.. ඒ යම් යම් දේවල් වලදී මං කලයුත්ත මොකක්ද කියලා කල්පනා කරනකොට.. එහෙම බැළුවම මටනං තවම තාත්තා ජීවත් වෙනවා... මට එයින් එහාට දෙයක් ඕන නැහැ.

    ඒ වගේම මට ඕන තාත්තා මගෙන් දකින්න කැමති උන දේ මතු කරගන්නයි. තාත්තට ඕන උනේ නැහැ මං කොන්ද පණ නැති අවලමෙක් කරන්න.. තව මිනිහෙකුගේ ප්‍රශ්නයක් තේරුම් ගන්න බැරි.. මිනිහෙකුගේ දුකක් කරදරයක් වෙලාවට ගිහින් තමන්ගේ මානසික අසහනය පිට කරගන්න වචන කියන එකෙක් බවට පත් කරවන්න... ඉතිං මං ඒ විදියට හැදෙන්නයි තාමත් බලන්නේ...

    අපිට එන ප්‍රශ්න දන්නේ අපි.. ඒවා පිට ඉඳලා බලන මිනිහෙකුට කවදාවත් තේරුම් ගන්න බැහැ..විශේෂයෙන්ම අවලං මනසක් සහිත උන්ට. එහෙම අවලමෙක් මොනවා හරි කිව්වා කියලා උංට උත්තර බඳින්න යන්න ඕනත් නැහැ. පාරේ යන එනකොට පිස්සෝ කෑ ගැහැවුවට බල්ලෝ බිරුවට අපි යනවයෑ උංට හූ කියන්නවත් උං එක්ක පොර අල්ලන්නවත්.. අනේ උන්ට නටා ගන්න කියහං බං අයියේ...

    උඹ ඉන්න විදිය.. ජීවත් වෙන හැටි අපි හොඳටම දන්නවා. මං හිතන්නේ උඹ ජීවත් වෙන විදිය තමයි තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් හොඳම සැලකීම. අද උඹ වටේ ඉන්න හැම කෙනාම උඹ හරහා තාත්තා දකිනවා.. උඹේ හොදක් කියන හැම කෙනාම තාත්තට හොඳක් කියනවා මෙහෙම වටින එකෙක් හැදුවා කියන එක සිහිපත් කරලා..

    ඒත් ඔය ඇනෝ උන්නැහේගේ තාත්තා ගැන එහෙම හිතන්න කාටද පුළුවන්...

    වැඩිය ඕන නැහැ කතාව මෙච්චරයි.. ඔය ඇනෝගේ දෙමව්පියො ජීවත් වෙනවනං කියන්න කණගාටුයි මෙහෙම දරුවෙක් හැදුව උන්දලා නිකං මල ගිය අය වගේ තමා.. ජීවතුන් අතර නැතිනං ඉතිං අපි මුකුත් කියන්න ඕන නැහැ... වලේ ඉඳගෙන බනිනවා ඇති මෙහෙම ගොබ්බයෙක් හදන්න කලින් අපි මලානං හොදයි කියලා...

    ReplyDelete
  22. @Chandi:
    ඔව් අක්කේ, ඒ බැටකෑම ගැන අති වූ අදහස තමයි නිර්මාණයට මුල් වූයේ. වික්ටෝරියා වේල්ලේ මේ දසුනම තොරාගත්තේ ද ඒ අනුවයි.

    වේල්ලේ ඉදිකිරිම ගැන අතීතය හා බැඳි කතා නම් එමටයි. අක්කා සඳහන් කරා වගේ එතැන දෙපැත්තක් තියෙනවා නේන්නම්.

    බොහෝම ස්තුතියි අක්කේ දීර්ග සටහනට.

    ReplyDelete
  23. @Luckey:
    ලස්සන කවි සංකල්පනාවක්, බොහෝම ස්තුතියි ඔබට.

    ReplyDelete
  24. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා, නලිනි චන්දිමා, මාරයාගේ හෝරාව:
    අර ඇනෝ (1) කෙරෙහි අනුකම්පා කරනවා මිස වෙන කරන්න දෙයක් නැහැ. ඒ සිද්ධි අමතක කර දාමු.

    ReplyDelete
  25. @Chandy VIC:
    ඔබේ කොමන්ටුව ස්පෑම් හැටියට ලකුණුවී තිබී දැක්කේ දැන්, අතපසුවීම ගැන මගේ කණගාටුව.

    ඇත්ත. හිතක් තිබුණත් පමණක් වෙලාවට හිතන්න වෙන්නේ බාහිර හේතූන්ගේ පාලනයට නතුවෙලා...

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීම් සටහනට.

    ReplyDelete