Wednesday, March 31, 2010

නියෝජිතයෙක් ඕනෑකර තිබේ: බුද්ධිය නංවාලන ඉලෙක්ට්‍රොනික උපාංගයක්

නූතණ ඉලෙක්ට්‍රොනික හා දුරස්ථ පාලක (remote control) තාක්ෂණය, නව සැලසුම් ක්‍රම හා කෘතීම බුද්ධි ක්‍රම විදි (artificial intelligence) යොදාගෙන නිපදවා ඇති සියුම් උපාංගයකි. පුළුල් සමීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස සුනම්‍ය සිලිකොන් පටලයක හෙබවූ කුඩා තිත් ආකාර IC (dotted IC embaded in flexibles silicon layer) වලින් සමන්විතයි.

රූපයේ දැක්වෙන අයුරින් මෙ උපාංගය මිනිස් මොළයේ දකුණත පැත්තට බුද්ධිමය උත්තේජනයක් කිරීමට සමත්ය. ජීවී මිනිස් සිරුරක කෘථහස්ත පාලක ඉන්ද්‍රිය වන මොළයේ වමින් සිරුරේ දකුණත්, මොළයේ දකුණින් සිරුරේ වමත් පාලනය වේ.

මොළයේ වම්පස කථාව හා ලිවීම ආදී භාෂාව පිලිබඳව කටයුතු කරයි. දකුණුපස හැඟීම පිලිබඳව කටයුතු කරයි. කථාව හා ලිවීම හුදෙක් හැඟීම පිලිබඳව සංකලනයකි.

මෙම හුරුබුහුටි උපාංගය යොදාගෙන මෙළයේ හැඟීම් පාලනය කිරීමට සුදුසු පැලඳුම් (නොහොත් මෙවලම් -tools) නිපදවීමට පුලුවන. ඉන් ඇති මොළ‍යට හානි පැමිණවීමක් විය නොහැකිය.

එවන් පමණක් මෙවලම් නම්: හෙඩ්ෆෝන්, හෙල්ම්ට්, බ්ලූටූත් ග්‍රාහක උපාංග, ද්විත්ව වයර්ල්ස් ඇන්ටෙනා වලට සමාන ගරු බුහුමන් නම්බුනාම සේ පිරිනැමිය හැකි පලන්දනා හා මෙ උපාංගය අන්තර්ගත කර නිපදවිය හැකි තවත් දෑ.

මින් ගෙනෙන වාසි: දුරස්ථපාලක හැකියාව නිසා පහසුවෙන් බාහිරයට නොපෙනන සේ පාලන, ඒක මතික , ඒක රිද්ම, ඒක තාල, ඒක හඬ තාව පවත්වාගැනීම අතුළු බොහෝ පාලනයන්.

වෙළඳ නාමය (මෝලුත්- MOLUT More Load fromUltimate Technology) හා පේටන්ට් බලපත්‍රය සැකසෙමින් පවතී. ඒ අනුව මෙකී උපාංගය යොදා නිපදවන භාණ්ඩයන්හි Product Seal සේ සඳහන් සලකුණ පැහැදිළිව දැක්විය යුතුවේ.

මෙය පූර්ව දැනුම් දීමකි, වෙලඳ කටයුතු සම්බ්න්දව ක්‍රියාකරන ජාත්‍යන්තර හා කලාපීය ව්‍යූහය ඉදිරියේ දී පලකරනු ඇත. අදහස, නිෂ්පාදන හා සම්බන්ධ නාමයන් ජාත්‍යන්තර හා දේශීය බුද්ධි දේපල සුරැකීම පිලිබඳ නීතීන් යටතේ ආරක්ෂාවේ.

සැ.යු: මෙ උපාංගය හෝ එය යොදා නිමවන මෙවලම් මිනිස් මොළයට ආදේශක නොවන බවත්, ඇති මොළයක කාර්යය කෙරෙහි බලපෑමක් කරත හැකි කෘතීම කොටසක් බවත් සලකන්න.
මෙය කල්පිත රචනයක් බවත්, යොදා ඇති නිෂ්පාදන නාම ආදිය සම්පූර්ණයෙන්ම මනඃකලිප්තයන් බවත් කරුණාවෙන් සලකන්න.

* MOLUT-මෝලුත්: මොර් (more) උත්තේජනය, මොළයට උත්තේජනය

6 comments:

  1. කේන්ති එන එක. දුක සොකය අඩු කරන්න උදවු වේවිද?

    ReplyDelete
  2. ස්නායු උත්තේජනය කිරීමක් කරනව නම් සමහර විට බයානක වෙන්නත් පුලුවන් නෙද්?

    ReplyDelete
  3. @wath:
    මේකත් හොඳ අදහසක්. කේන්ති එනවා වෙනුවට යනවා නම් කොච්චර හොඳද? හැමදේම පැක් වල දාලා ගෙදර යන ගමන් අරන් යන්න තියෙනවා වගේ සතුටත් ගන්න ඇත්නම්...

    ස්නායු වැඩකරන අ‍යට මෙවැන්නක් ඕන වෙන එකක් නැහැ නේ...

    ReplyDelete
  4. මෙය ලියා ඉවරවුනාම මට පුංචි දුකක් හිතුනා:
    නිදන මිනිස් මොළය තට්ටු කර ඇහැරවන්න සිදුවන කාලයක් ආවොත් කියලා...

    අනෙක් කරුණ මෙවැන්නක් ඇවිත් හිම කරත්ත අදින සත්තු වගේ එකෙක් රංචුවක් පාලනය කරන්න පෙලෙඹුනොත් කියලා...

    ReplyDelete
  5. ටිකක් භයානක අදහසක්. අනාගතයෙදි ඔහොමත් වෙයි.

    ReplyDelete
  6. @නලිනි චන්දිමා:
    ඇත්තෙන්ම ඔව්.

    ReplyDelete