Thursday, March 25, 2010

රුදුරු පොළොව, සැහැල්ලු සිත හා බලාපොරොත්තුව

තෙතක් නැතිවා ඉරිතැළුන පොළොවේ
සෙම්බුවක් ගෙන මොලොක් අතිනේ
පැතුම් පිරුණ විසල් සිතිනේ
පියාසලන පුංචි පුතුනේ

ලොකු දුරක් ගෙවා
මෙබිමට එන්න ඇති
බලාපොරොත්තුවෙ නෙතු
දල්වාගෙන තවදුරක්
සැහැල්ලුවෙන් යනවා ඇති
පැතුම් පිරුන පුතේ
රන් දිය පොදක් ලැබෙනු ඇති

සටහන:

මෙ ඡායාරූපය උපුටාගත්තේ ඩුබායි නුවර පලකරන ගල්ෆ් නිවුස් දිනපතා පුවත් පතෙනි.

මාර්තු 22 වන දිනට යෙදෙන ලෝක ජල සම්පත පිලිබඳව දිනයේ (World Water Day) මෙවර තේමාව වූයේ සුවසෙතින් පිරුණ ලොවක් සඳහා පිරිසිදු ජලය (Clean Water for a Healthy World) යන්නයි. එ නිමිත්තෙන් පලවූ ලිපියක වූ ඡායාරූපයයි මෙය.

මෙය අසල්වැසි ඉංදියාවෙ, බෙංගාල ප්‍රාන්තයේ (කල්කටා) බෙර්හම්පුර් ප්‍රදේශයේ නියඟ නිරූපනය කරන ඡායාරූපයකි.


9 comments:

  1. පොළවයි, ලමයයි, කලයයි විතරයි... නමුත් හිතන්න නොසැහෙන දෙවල් ගොඩයි..ලස්සනයි...නියමයි....

    ReplyDelete
  2. මේ දරුවගෙ මුලු ජීවිතයම වියළිලා කියලයි මට හිතෙන්නෙ..
    අපේ ඇස් පාදගන්න ලියාපු අපූරු පද ටිකක් සහෝ...

    ReplyDelete
  3. ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  4. පොළව විතරක් නෙමෙයි...
    ඔවුන්ගෙ ජීවිතත් ඉරිතළා ගිහිල්ලා...
    ඔබේ පද ඒ හැඟීම තීව්‍ර කරනවා..
    අපූරුයි සහෝ...

    ReplyDelete
  5. @රවා
    මෙ ඡායාරූපය දැක්කාම පලමුව ඇතිවූයේ දුකක්, ඒත් ඒ පැන්චා දිහා බලා ඉන්නවිට දැනුනේ: පෙනෙනතෙක් මානයක තෙතමනයක සලකුණක් නැහැ, ඒත් ඇති බලාපොරොත්තුව... මොන තාරම් ලොකු පාඩමක් කියා පානවාද?

    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට.

    ReplyDelete
  6. @දිල්
    ඇත්ත සොයුරිය. අපේ අසල්වැසි ඉන්දියාවේ මෙවන් දශ්ර්‍ණ විරල නැහැ. අපේ රටේ ද වනාන්තර එලිකරන තරමට කොහේ නම් ගිහින් නවතී ද දන්නේ නැහැ.

    ජගත් සංවිධාන දින වෙන් කරගෙන ලෙබල් ගහගෙන කරාට අඩුම තරමෙ පාවිච්චියට සුදුසු ප්‍රමාණවත් වතුර නැති මිලියන 880ක් මොලොව වසන බව කියවේ.

    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට.

    ReplyDelete
  7. @Raven
    බොහෝම ස්තුතියි සොයුර

    ReplyDelete
  8. @sansarasidu
    ඇත්ත, මෙවන් දුෂ්කරතා විඳින කොතෙක් නම් මිනිසුන් ඉන්නවද? අපෙ රටේ ලෙසියෙන් හම්බවෙන හින්දා ජලසම්පත එතරම් ගානක් නෑ.

    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට.

    ReplyDelete
  9. මම අමුතුවෙන් භාවනා කරන්නෙ නැහැ. මෙ වගෙ පිංතුර, සමහර කෙටි කවි දිහැ බලාගෙන විනාඩි විස්සක් විතර ඔලුව එ නිර්මාණය වටෙ හසුරවනවා...

    ReplyDelete