ශ්‍රී ලංකාවේ බාවිතාවෙන භාෂාවන් මොනවා ද කියා විමසුවහොත් නිතතින්ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි යනාදීය ලෙස හිතට ඒවි. අර්වි (Arwi) ලෙස හඳුන්වන තවත් බාෂාවක් අපේ රටේ බාවිතයේ ඇති බව ඔබ දැන සිටියා ද?
ජනවහරේ අරබු-තමුල් (Arabu-Tamil/අරාබි-දෙමළ) හැටියට ප්‍රසිද්ධ අර්වි (Arwi) යනු දෙමුහුන් ලේඛන ක්‍රමයක් සහ උපභාෂාවකි. එය දෙමළ භාෂාව ලිවීමට අරාබි හෝඩියට එකතු කර විශේෂිත අක්ෂරමාලාවක් හෝඩිය ලෙස භාවිතා කරයි, බොහෝ අරාබි වචන සමඟ මිශ්‍ර වී ඇති වචන මාලාවකින් (vocabulary) සමන්විතය. එය සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ යෝනක සහ දෙමළ කතාකරන මුස්ලිම් ප්‍රජාවන් විසින් වෙළඳාම, දෛනික ජීවිතය, ඉස්ලාමීය අධ්‍යාපනය සහ පාරම්පරික වෙදකම යන ක්ෂේත්‍රවල භාවිතා කරන ලදී.
අදටත් මෙරට සම්ප්‍රදායීක මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රකට සංස්කෘතිකාංගයක් වෙන, සූෆිසම් (Sufism) මූලාශ්‍ර වලින් පැවත එන කාව්‍යමය ගුණගායනා, චරිතාපදානයන් යනාදී ගායනය, සජ්ජායනය සඳහා භාවිතා කරන බොහෝමයක් පතපොත අර්වි බසින් රචිත ඒවාය. තවත් දින කිහිපයකින් උදාවෙන නවසඳත් සමඟ එළඹෙන නබි නායකතුමන් උපන් මාසය පුරා එම මියුරු කව්‍යමය ගුණවැයුම් ගම් දනව් වල පමණක් නොව නාගරීක ප්‍රජාව අතර ද රැව්දෙනවා ඇත.
අරාබි සංක්‍රමණික වෙළදාම ක්‍රිස්තු පූර්ව (CE) යුගය දක්වා විහිදේ, මුල්කාලයේ දකුණු ඉන්දීය මුහුදුකරයට සීමාවූ බව කියවේ. ඒ කාලයේ ඉන්දීය වෙළෙන්දෝ අපේ රටේ බඩු භාණ්ඩ එහි රැගෙන ගොස් අරාබි වෙළෙන්දුන්ට සැපයූ බව කියවේ. පසු කාලීනව අරාබි හා පර්සියානු සංක්‍රමණික වෙළෙන්දෝ කෙළින්ම දිවයිනට පැමිණ ගණුදෙණු කරන්නට පටන් ගෙන ඇත. ලංකාවට පැමිණි වෙළෙන්දන් අතර අරාබි වගේම පර්සියානුවන් වූ බවත් ඔවුන් අතර පාරම්පරික වෙදකමේ යෙදුන අය වූ බවත් කියවේ. ඔවුන් ඒ කාලයේ රජවරුන්ගේ පවුල්වල වෙදවරුන් ලෙස ගෞරවයට පාත්‍රව ඇත. ඒ මූලාශ්‍රයන්ගෙන් පටන් ගත් පාරම්පාරික වෙදක්‍රමයකි යූනානි වෙදකම. ඉන් දේශීය වෙදකම පෝෂණයවි ඇත, යූනානි වෙදකම හා වට්ටෝරු ගැන පොත පත ලියවී ඇත්තේ ප්‍රධාන වශයෙන් අර්වි බසිනි. (තොරතුරු Unani Section, Faculty of Indigenous Medicine, UOC වෙබ්පිටුව ඇසුරුනි.)
එනමුත්, අර්වි ලිවීමේ කලාව අතීතයට සීමාවූ ඉතිහාසයක් බවට පත්වි ඇත.
අර්වි බස සුරක්ෂාකිරීම සඳහා දකුණු ඉන්දීය විශ්ව විද්‍යාල ගනනාවක් පෙරට ඇවිත් ඇති අතර ඔවුන්ගේ ප්‍රයත්නයෙන් 2015 වසරේ දී අර්වි යුනිකෝඩ් හඳුන්වා දීම සර්ථකවි ඇත.
මෙම අප්‍රකට භාෂාව ගැන තොරතුරු සෙවීම මා පටන් ගත්තේ වසර 2016 දී පමණය, එනමුත් ඒ කාලයේ ලියලමින් තිබූ අහිතකර සමාජ/දේශපාලන පරිසරය (social/political landscape) නිසා ඒ ගැන ලිවීම අතහැර දමන්නට සිදුවිය. එනමුත්, මේ මෑතක දී ලංකාවේ භාෂාවන් ගැන අධ්‍යයනය කරන සිසු දරුවෙකුගේ අවශ්‍යතාවයට උදව් කරන අතරතුර දී අර්වි ගැන දන්න දේ ලිවීමේ වැදගත් යැයි දැනුනා. මෙය ලියන මාගේ පළමු බස සිංහල වේ, එදිනෙදා භාවිතා කරන කලාපානුරූප මිශ්‍ර දෙමළ හැර මට දෙමළ බස කියවීමේ හෝ ලිවීමේ හැකියාව නැත. කවිකමට ලබැදි මා මිහිරි අර්වි කාව්‍ය ගායනයන් වලට සවන් දෙනවිට එය කියවීමේ හැකියාවන තිබුනා නම් කියලා හිතෙනවා. සූෆිසම් කාව්‍යකරණය වෙනම යුනික් කලාවක්.
Viewpoint: The Focus හි මා ලියූ ලිපියක් අසුරින් සකස් කරන ලිපිය වෙනම පොස්ටුවක් හැටියට පළකරනවා, මෙතැනින් ගිහින් කියවන්න පුළුවනි.
No comments:
Post a Comment