කඩා වැටෙමින්
පාලම බල්ටිමෝ
හෙළි කලේ
කුණු නැවක්,
මොන කුණු රජෙක්,
දෛවයේ සරදමක්
උන්ගේම
පිලිකන්නේ
විස කුණු ගොඩක්
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
ලංකාවෙ Logistic literacy එක හරිම බාලයි. විශේෂයෙන්ම මාධ්‍ය වල. Dangerous cargo හැම Container එකක්ම ඒ අයට අනුව කුණු කන්ටේනරයක්. මේ නැවේ තිබුනෙ මොනවද කියලා මම දන්නෑ. සමහර විට අපද්‍රව්‍ය වෙන්නත පුළුවන්. එහෙම නොවෙන Dangerous cargo වෙන්නත් පුළුවන්.
ReplyDeleteමේක ලියද්දි මතක් වුනේ සෙන්නාව. ඔව් සෙන්නා මෙරටේ ප්‍රොසීඩියර්ස් හරිම ලිහිල්, ලූප් හෝල් වෙනුවට තියෙන්නේ පතදාර ඒවා, ඒවයින් රිංගන්න කූට වෙළෙඳුන්ට ඉඩ හදලා තියෙන්නේ. නැවේ අනතුර ගැන ලීක් වෙද්දි මතකෙට ආවේ මීට කලින් වේස්ට් කාගෝ ගෙන්චපු පාර්ශව්යම තමයි. කොහොම හරි මේ කතාව යටයයි. විදෙස් පුවතක තිබ්බා, හැම දේටම සද්දේ දාන NGOත් මේ කාරණයේ දී නිහඬව ඉඳීවි මොකද ඔවුනට මූල්‍ය ආධාර ලැබෙන ප්‍රධාන මූලයන් US, බටහිර රටවල් නිසා කියලා.
Deleteකාගෝව ගැන විස්තර පෝස්ට් එකේ ඇති //ඇස් වසා යටගියෑකි පුවත// link එකේ, එකේ විස්තර තියෙනවා
Deleteබල්ටිමෝ පාලම කඩා වැටීම හා එහි ගැටුන කාගෝ නැවේ වූ අන්තරාදායක අපද්‍රව්‍ය කොළඹ වරාය කරා ගෙනෙමින් තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතරතුර පුවත ගැන දේශීය ජන මාධ්‍ය ඇල්මැරුණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මන්ද? ප්‍රශ්ණයකි.
ReplyDelete