Saturday, January 6, 2024

හුදෙකලාව | Loneliness is a Lie (ශනිදා දහයට!)

 


තනි යහනේ මා පාළුවේ නම්, මා කවුළුව වෙත පියමනිනවා ඇති, නිතැතින්ම අහස, ඈත රෑ අහස කරා මා නෙතු ඇදේවි, සත්තයි හුදෙකලාව මුසාවක්! මේ විශ්වයේ තනි නොතනියට මෙතරම් පිරී තියෙද්දි...

And if I'm alone in bed, I will go to the window, look up at the sky, and feel certain that loneliness is a lie, because the Universe is there to keep me company. — Paulo Coelho


පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

15 comments:

  1. මුසාවක් වුවද ඒ හුදෙකලාවට මම ආදරෙයි..
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා කලාවක් නෙවැ දුමි.
      බොහෝම ස්තුතියි!

      Delete
  2. ඔව් ඔබ හරි. හරියටම කල්පනා කලොත් විශ්වය අපේ තනි නොතනියට ඕන තරම් සුහදතාවයන් පිරි නමයි. එකම හේතුව එය වටහා ගැනීමට තරම් අප දැනුවත් නොවීමයි කියා මට සිතේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, සිග්නල් පිරිලා තිබුණට රිසීවර්ස් අඩුයි.
      බොහෝම ස්තුතියි!

      Delete
  3. ඉංග්‍රීසී මුල් නිර්මාණයට මෙන්න පිලිතුරක්....

    Stars dance and shimmer, telling a story,
    Of a bond so strong, full of cosmic glory.
    In the silence, I find a celestial embrace,
    The Universe, my friend, in this boundless space.

    - Mayya

    ReplyDelete
  4. අහසෙත් පිරිලා තියෙන්නේ හුදෙකලාවම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමෙයි,
      බොහෝම ස්තුතියි!

      Delete
  5. හුදකලාව කියන්නෙ වෙලාවකට අමෘතයක් වගේ.තරු පිරුණු අහසක් යට තනිවෙන එක සුන්දර අත්දැකීමක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම, කලාකාරයින්ගේ, නිර්මාණකාරයින්ගේ තෝතැන්න.
      බොහෝම ස්තුතියි!

      Delete
  6. //මේ විශ්වයේ තනි නොතනියට මෙතරම් පිරී තියෙද්දි... // ආහ්!. මොනතරම් ලස්සන වැකියක්ද. පලමු ලිවීම හා අනුවාදනය යන දෙකම... මසුරං 💓

    ReplyDelete
  7. හැබැයි සුනිල් එදිරිසිංහ කියන්නෙ වෙනමම කතාවක්...

    "අහස පොළව තැනිතලාව හරිම හිස්තැනක්, ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්, ඇදී එන්න ඒ මොහෙතේ හඬා වැටෙන හඬ මඩලට, ඔබයි මමයි ඉන්න තැන කොහෙද තනිකමක්, නැහනෙ තනිකමක්.."

    ReplyDelete
  8. බොහෝම ස්තුතියි සෙන්නා. ඔව්, වෙනස් කෝණයෙන් හා ටේස්ට් එක අනුව ඒක හරි ඇති. මේ කවියේ දී ටිකක් මුරණ්ඩු ගතියකින් ප්‍රතික්ෂේප වීම බාරගන්නවා.

    අහස පොළොව වට පිටාව හරිම හිස්තැනක් ගීතයේ රචනය ගායිකාව යමුනා මාලිනි විසින්. ඒ ගීතය ගැන ලස්සන කතාවක් මයුරපාද මිතුරෝ බ්ලොගයේ තිබුණා, දැන් එක ලෝඩ් වෙන්නේ නැහැ. ඒ කතාව මතක විදියට යමුනාගේ ස්වාමිපුරුෂයා හා සුනිල් එදිරිසිංහ යන දෙදෙනා මහවැලි සංවර්ධන අධිකාරියේ එකට සේවය කර ඇත. ඔහු සේනක.

    ගීතය ගැන යමුනා පුවත්පතක කර තිබූ සාකච්ඡාවක් අනුව තම පෙම්වතා, සේනක ශිෂ්‍යත්වයක් ලැබී රුසියාවට යන්නේ විවාහ ගිවිසගෙන. ඒ කාලේ ඇයට දැනෙන හුදෙකලාව කියාපාමින් අහස පොළොව වට පිටාව හරිම හිස්තැනක් පදපෙල ඔවුන් අතර හුවමාරු වූ හසුනක ඇය ලියා යැවූවක්. සුනිල් එදිරිසිංහ, සේනකගෙන් ඉල්ලීමක කරලා තියෙනවා ඇය ලවා ගීතයක් ලියා දෙන මෙන්. ඔහුගේ වඩාත් හිත්ගත් අහස පොළොව වට පිටාව හරිම හිස්තැනක් කවිය සුනිල් එදිරිසිංහ අතට දී ඇත්තේ එහෙම.

    යමුනා වරක් කියා තිබුණා "අහස පොළොව වට පිටාව ගීතය අපේ ආදරයේ සංකේතයක්"

    ReplyDelete
  9. ලස්සන සිතිවිල්ලක් කාන්සියෙන් මිදෙන්නට
    වටිනා ඔවදනක් දොම්නසින් ඉන්න අයෙක්ට සැනසෙන්නට

    ReplyDelete