Saturday, August 19, 2023

මුහුදු රළ | A Wave

 


ඔබේ උදව්වක් ඕනෑකරන මිනිසුන්
බොහෝවිට
ඔබෙන් ඉල්ලීමක් කරන්න බැරි තරමට හෙම්බත්ය.
ඔවුනට අතදෙන්න.
දියේ ගිලීම
හැමවිටම
ගිලීමක් හැටියට
නොපෙනෙන්න පුලුවනි.

සටහන:
තමන්, තමන් ගැන අවතක්සේරු කරගන්න, කොන්වෙන, පීඩාවට පත්වෙන හා දිවිතොර කරගැනීම ආදී පීඩාකාරි සමාජ ව්‍යවසන මුල්කරගෙන ලියා ඇති කවියක් හැටියට ගැනෙන, ප්‍රකාශිත වචන වලට වඩා ගැඹුරු අරුතක් ඇති එකකි මෙම පදපෙල.

* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
Iain S. Thomas කවියාගේ A Wave කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

4 comments:

  1. ලස්සනයි. වටිනා අදහසක්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්, බොහෝම ස්තුතියි!
      සටහන අතපසුවීමකින් මඟෑරිලා, දැන් එකතු කලේ.

      Delete
  2. දියේ ගිලීමක් සේ පෙනෙන
    සමහරවිට
    දියේ ගිලීමක් නොවෙන්නත්
    පුලුවන් නොවේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, වෙන්නත් පුලුවන් නෙහ්

      Delete