Thursday, August 10, 2023

කඳුලක සංයුතිය - Tears



ජල අණුවක වෙත් නම්
එච්චර සංඝටක
ජලකර අම්ලකර එක්ව
නොබිඳෙන බන්ධන...
කඳුළු බිඳුවක
කොච්චර?
විශ්ලේෂණය කරන්න සිතුනා.
එනමුදු,
තුටු කඳුලක
සතුට සුවඳ උතුරන,
දුක් කඳුලක
වේදනාව කැකෑරෙන,
සංවේදනය...
තව තව ලංවී
තරවෙන,
සුනු විසුනුව
ඉහිරුණ,
බන්ධන රටාව...
වෙත් ද කඳුලක
සංයුතියේ කොතැනක...  
ඔන්න ඔහේ
වියැළුනාවෙ
අතෑර දැම්මා.

2 comments:

  1. දුකක් හිතට ආවම මේ දුකට වැටෙන කදුලූ
    තුටක් පහල වී එද්දී නැගෙනා තුටු කඳුලූ
    කොතෙක් සොයා බැලුවත් අද වටිනව මේ කඳුලූ
    ඉඩක් අරන් ලිව්වා මම කවියක් ගැන කඳුලූ....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒ කව හරිම අලංකාරයි, බොහෝම ස්තුතියි!

      Delete