Friday, April 22, 2022

අරගල විරුවනි ඉවසන්

 


අඳුර පරදන
තරු කැට දිළෙන්නේ
උනුන්ගේම පුංචි එළියෙන්
දිරියෙන්
මිස නොව
ඔද තෙදැති හිරු රැස් අරගෙන
මෝදුවෙන මුවාවෙන
සඳ මෙන්
කඩා වැටෙන
දවා වනසන උල්කාපාත
නොමවන්
අපේ රට රකින
දූ දරුවනි අරගල විරුවන් 
රන්වන් තරු මෙන්
පුංචි පුංචි එළියෙන්
එක්වන්
ජයගනු සැක නැත
පලවා අඳුර
පතුරා සාමය සෙනෙහස
එකාමෙන්
පෙරටම යමු, යමු
ඉවසන්
පරදා විසගෝර
මෘගයන්...

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts