Friday, December 24, 2021

උදේ පැතුම්!

 


හිරු බැසයන සැන්ඳැවේ
බහු දින ධීවර යාත්‍රාවෙ නැඟ යන
ඔහු වෙනුවෙන් බිරිය පතනවා ඇති
ලොකු මඩියක් දවසෙන් දෙකෙන්...

කැඩී බිඳී ගිය අබලි එකතු කරගෙන
අලුත් බේසමක් දෙන ඔහුට
ඇය පතනවා ඇති වැඩි වැඩියෙන්
කැඩිච්ච බිඳිච්ච හමුවෙන ගෙවල්...

තණ කොළ කපන මැෂිම කරගාගෙන
බයිසිකලය පදින පුතු වෙනුවෙන්
මව පතනවා ඇති ඉඩෝරය නිමාකර
වැහි පොද, විගස වැඩෙන වල් පැල...

වෙද නළාව කරවට දාගෙන
මෝටෝරිය පණ්1අගන්වන දොස්තර පුතුට
පැතුවා ද අම්මේ, පොඩි පෝලිමක් රෝහලේ
නිරෝගී සුවය සැමට සායනය දෙසේ...

මහ රෝහල ඉදිරිපස මල්කරුවෝ පේළියේ
සාම්බ්‍රානි, හඳුන්කූරු දුම් සුවඳ මැද
සුදුවතින් සැරසුණ මුදලාලි බැතියෙන්
යදින්නේ, මොනවද...

4 comments:

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts