Monday, December 13, 2021

යදින්නේ ද නුඹ විරාමයක්

 


ඇදී ඉඳිකටුවේ
වෙලි පාට පාට නූල
පිරේ පිළිවෙළට
රූපය මතුකර රටාව
කියා පාන
දෑතේ දස්කම් විස්කම්
කලාව එම්බ්රෝයිඩර
 
අවනතව
ඩිජිටල් සිත්තමෙ
පාට සංකලනයට
හනි හනිකට දුවන ඉඳිකටුව
පාට පාට නූලෙන්
නෙක රූ රටා මවනවා
එම්බ්රෝයිඩර යන්තරේ
 
නුඹේ නෙතු යුග
ලුහුබඳිනවා
විදුලි වේගයෙන් දුවන
ඉඳිකටු පෙළ
පාට පාට නූල් පන්දු
මවන නෙක රටා
රිද්මයට
 
රටකහවණු කන්ද පාමුල
කුඩාවෙන රුව
නුඹ
විඩාබර සොයුරිය
යදින්නේ
විරාමයක්
තව එක විරාමයක්...

1 comment:

  1. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete