Monday, October 18, 2021

ජීවිතය පාටකූරු පෙට්ටියක් වාගේ

 


ජීවිතයම සිතුවම් එකතුවකි
නුඹ සිත්තරෙකි
කැමැතිම පාට තෝරාගෙන හැඩකරන
කාලයත් සමඟ
වඩාත් කැමැති පාට විග විගස ගෙවෙන
බොහෝ විට
එතරම් ඇල්මක් නැති පාට
නිරතුරුව ඉතිරි කර…

ඇති හැකි විටෙක
අලුත් පාටකූරු පෙට්ටියක් රැගෙන
තව පිටුවක්, කීපයක්
පාට කරනු ඇත
සතොසින…

හිතැඟි පිටුවෙන් පිටුව
වෛවර්ණව පාට කර
නොදැනීම එකතු වෙනවා ඇති
එතරම් ඇල්මක් නොදැක්වූ පාට කූරු,
අතෑරුන පිටු එහෙම
පාට කෙරුමට
තේරීමකින් තොරව...
බොහෝවිට
එය ඔබේම සිතුවම නොවෙද?

10 comments:

  1. පිදුම: අනුන්ගේ ජීවිත සිත්තමට පාට දෙන හැමටම ගෞරවයෙන්

    ReplyDelete
  2. //අනුන්ගේ ජීවිත සිත්තමට පාට දෙන හැමටම ගෞරවයෙන්//

    කවිය වගේම , ලස්සන කියමනක්. බ්ලොග් ලියන අය කරන්නෙත්, එහෙම "ජීවිත සිත්තමට පාට දෙන" එක, කියලා මට හිතෙනවා. ස්තූතියි.👌🙏😊

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ගල්මල් අඩවියට, බොහෝම ස්තුතියි ඒ ඇගයුමට

      Delete
  3. ඒක මරු.. උඩ පළවෙනි කොමෙන්ටුව මරු ❤️

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, පුරුද්දක් හැටියට පිදුම සටහන ද පොස්ට් එකේම පහල සඳහන් කරන නමුත් මෙවර අතපසු වුනා. මේ දවස්වල බ්ලොගර් ලොගින්වීමේ ප්‍රශ්ණයක් මතුවෙනවා, ඒ නිසා කොමන්ට් එකේම එකතු කලේ, නැවතත් ස්තුතියි.

      Delete
  4. මෙ නිර්මාණය ගැන ෆේස්බුක් ගෲප් එකක පලවූ විමසුමක්:
    කවීහු වනාහි නිල නොලත් ලෝක පාලකයෝ වන්නාහ. යැයි ප්‍රකට ඉංග්‍රීසි කවියෙකු වන පී.බී.ෂෙලී පැවසීය. එම අදහස සමීකරණය කරමින් කවියට ප්‍රජාපතියෙකු වූ තවත් අපූරු මිනිසෙක් මට හමු වූයේ සඳ හිරුට ආදරෙයි ආදරනීය කවි පිටුවේදීය. හෙතෙම නමින් මුබාරක් ඩීන් ය.ජීවිතයම සිතුවම් එකතුවක් කල
    ඒ කවිය දැන් අප හැමෝගේම අනගිතම වස්තුවකි.

    ජීවිතයම සිතුවම් එකතුවකි
    නුඹ සිත්තරෙකි
    කැමතිම පාට තෝරාගෙන හැඩකරන.

    කවිය ආරම්භයේදීම බලවත් සංකේත භාවිතාවක් සමග කවියා රූපනය කරන්නේ සිත්තරා සිතුවම් කරන කරදාසිය මහා සමාජය යන්නය.

    කාලයත් සමග
    වඩාත් කැමති පාට
    විග විගස ගෙවෙන
    බොහෝවිට
    එතරම් ඇල්මක් නැතිපාට
    නිරතුරුව ඉතිරි කර

    කවියා පාට පෙට්ටියක් සහ සිතුවමක් ගම්‍යමාන කරයි. පාඨක සිතෙහි සිත්තරෙකුගේ චිත්ත රූපය මැවෙයි.

    ඇති නැති විටෙක
    අලුත් පාටකූරු පෙට්ටියක් රැගෙන
    තව පිටුවක් ,කිහිපයක්
    පාට කරනු ඇත
    සතොසින

    හෙතෙම මුලින්ම චිත්ත රූපයක් මවා සහෘදයාගේ හිස පිරි මදී. ඉන් අනතුරුව හීන් කටුවකින් හිස සූරයි. "තව පිටුවක් කිහිපයක් පාට කරනු ඇත." කවියට උචිත යෙදුම් සමගින්, කළබලයෙන් තොරව කවිය දිගහරිනු ලබන්නේ සහෘද මනසේ
    කුතුහලය ඇතිකරවමිනි.

    හැබෑටම මොකක්ද මේ සිතුවම,කවුද සිත්තරා, ප්‍රේක්ෂාව දාර්ශනික තලයකය.ඔවුන් මුලාවෙන් වැසුනු ලෝකයෙන් ඉවත්ව තත්‍ය ලෝකයක් සොයයි.එහිදී මුලින්ම හමුවන්නේ මහාදාර්ශනික හෙරක්ලීටස් ය.
    යමෙකුට එක ගඟක් දැකිය නොහැකිය දෙවරක් ,,,,ලෙස පවසන්නේ හෙරක් ලීටස්‍ ය. එනම් මිනිස් ජීවිතයේ ශුන්‍ය තාවයයි.ඇති වී නැති වී යන ස්වභාවයයි.
    දකින්නට දෙවරක්,එසේ ජීවත් නොවේ කිසිවෙක් ,,යනුවෙන් වදාලේ තවත් සිත්තරෙකි. ඒ මානව වර්ගයාම මහා කරුණාවෙන් සහ මෛත්‍රියෙන් සිතුවම් කල බුදුරජාණන් වහන්සේය. ඉන් අනතුරුව තවත් සිත්තරුන් පහල වේ. ජේසු තුමන්, නබිනායක තුමන් එසේ පහල වූයේ වරින් වර මේ ලෝකයේ පවතින අඳුරු සිතුවම් දුරලා මිනිස් සන්තානයෙහි වෛවර්ණ ආලෝකය සහිත සිතුවම් සකසා දෙන්නටය.
    නමුත් ලොවෙහි තවමත් ඇති නැති පරතරයක් පවතින බව කවියා තම
    කවිය උපයුක්ත කොට ගම්‍යමාන කරයි.එසේ නොවුනානම් සිත්තරාට
    තවත් පිටු කිහිපයක් රිසි සේ පාට කරන්නට තිබුනි. දැන් සිත්තරා එයට අවස්තාවක් එනතුරු බලා සිටිය යුතුය.

    හිතැඟි පිටුවෙන් පිටුව
    වෛවර්ණව පාට කර
    නොදැනීම එකතුවෙනවා ඇති
    එතරම් ඇල්මක් නොදැක් වු
    පාටකූරු
    අතෑරුනු පිටු එහෙම

    කවියා මිනිස්සන්තානයෙහි ගැඹුරු පත්ලට එබී බලයි. අපේ ජීවිතයත් පාට කූරු වගේදැයි ඔහු සහෘදයා ඉදිරියේ පැණයක් නගයි.සත්තකින්ම අපේ ජීවිත උපතේ සිට මරණය දක්වා ජීවිතය අප ගතකරන්නේ අපේ සිතැඟි පරිදිද,,,? ඇතැමෙකුට ජීවිත කාලය පුරාවටම තමන් කැමති පාට පෙට්ටිය ලැබී නැත.තමන් අකමැති පාටකූරු සමඟ
    මුළු ජීවිත කාලයම ගත කරන්නට සිදු වී ඇත.තවත් අයෙකුට තමන් කැමති පාට පෙට්ටිය ලැබුනත් ඔහු එයින් අළංකාරවත් සිතුවමක් අඳින්නට දන්නේ නැත. සූදුස්සාට සූදුසු දෙය නොලැබීමත්, නුසුදුස්සාට එය ලැබීමත් මෙලොව අසමානතාව ඇති
    කිරීමට හේතු වී ඇති බව කවියා ව්‍යාංගාර්ථව ඉදිරිපත් කරනු ලබයි.

    සියල්ල අවසන කවියා දාර්ශනික සබුද්ධික තලයකට ප්‍රේක්ෂාව ගෙන එනු ලබයි.

    තේරීමකින් තොරව
    බොහෝවිට
    එය ඔබේම
    සිතුවම නොවේද

    මහ සමාජය නොබෙදී තේරීමකින් තොරව සමානාත්ම තාවයෙන් පවතීවා යන්න කවියාගේ අපේක්ෂාව වී තිබේ.සමස්තයක් ලෙස ගත් කල මුබාරක් ඩීන්ගේ කවිය. කවියා සතු ප්‍රතිභාව, බහුශ්‍රැත තාව.අභ්‍යාසය යන කවියෙකු සතුවිය යුතු මනා ගුණාංග සූචනය කල කාව්‍යයකි.
    https://web.facebook.com/groups/211538567087391/permalink/422707682637144/

    ReplyDelete