Monday, August 12, 2019

පාට



මුසුකොට සප්ත වර්ණ
කලතා
සැදෙන සොබා සුදු එළිය අවර්ණයි...
මතුපිට වැටෙනා එසුදු එළිය අරගෙන
‍යටකර
සඟාවා අන් පැහැ සැම
පාට, පාටින් දිලෙන්නේ
මතුකර 
විහිදුවා රිසී පැහැ, පැහැයෙන් පමණයි...

සටහන:
ආලෝක දහරාවකින් ලැබෙන එළියේ පැහැයක් නැහැ. එනිසා ආලෝකය අවර්ණයි කියනවා, එය සුදු ආලෝකය හෙවත් White Light හැටියටත් හඳුන්වනවා. ස්වභාවික හිරු ආලෝක දහරාවක් වුවද විදුලි පන්දමක ආලෝක දහරාවක් වුවද ඒ එළිය අවර්ණයි. එහෙත් අවර්ණ/සුදු ආලෝකය හැදෙන්නේ දේදුන්නක ඇති පාට හතේ ඒකතුවකින් කිව්වොත් පිළිගන්න මැළිවෙන්නත් පුළුවන්.

සරල විද්‍යාව අනුව රතු පාට වදමලක පෙති කියන වස්තුව රතුපාටින් පෙනෙන්නේ ඒ පෙති මතුපිට වැටෙන අවර්ණ/සුදු ආලෝක දහරාවේ අනෙකුත් වර්ණ උරාගෙන (අවශෝෂණය කරගෙන) වස්තුවේ පෘෂ්ඨය විසින් රතු වර්ණය විහිදුවා හරින (පරාවර්තනය කිරීම) නිසාය. එම වස්තුව තැඹිලි ගෙඩියක් නම්, පෘෂ්ටයේ පාට සැදෙන්නේ සුදු ආලෝකයේ අන්තර්ගත රතු, කහ හෝ ඊට අදාළ පැහැයන් වල සම්මිශ්‍රණයක් විහිදුවා හැරීම නිසාය.

ඉතිං, කෙටියෙන් කිව්වොත් කොයි පාටත් දිලෙන්නේ අනික් පාටවල් යටපත් කර විනාශ කරලා තම රිසි පැහැය හෝ පැහැ එකතුවක් විහිදුවා නෙවැ.

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts