Wednesday, June 21, 2017

මුදුන් වහලේ යටලීය



රස්නය මිස
උරුම නැත
ලහිරු කිරන,
කාලයේ වියැකෙන
වැහි සීරාවේ
තෙතමනය මිස
වරම නැත
සුමුදු සඳකැන,
එනමුදු රඳවාගෙන
සැකිල්ල පිළිවෙළට
උරදෙන වහල
සදන සෙවන...
සොඳුරු නිවහනක

3 comments:

  1. ගෙදරක අම්මා ගේ චරිතයත් මේ වගේ කියලා මට හිතෙනවා

    ReplyDelete
  2. කැණිමඩල කියන්නේ ඕකටද? කොහොමත් ඕනැම තැනක බර අදින එකාට දුකම විතරයි, සැපවිදින්නේ බොරු පෙනුමට ඉන්න, සෝබන කාරයො...

    ReplyDelete
  3. දුක හිතෙනවා.අපි අතර ඉන්න සමහරුත් ඔය වගේ.කිසිදාක ඇගයිමක්වත් නෑ

    ReplyDelete