Saturday, April 9, 2016

ගමන වමෙන්



වමෙන් යන මාවතේ
වාහනය පදවන්නේ දකුණින්
ඉඳහිට
වමෙන් පදවන එකක් වෙතොත්
එය ද
අවමංගල රථයක්...

16 comments:

  1. මට හිතුනේ පවතින ක්‍රමයට එරෙහි වන්නේ කනත්තට යන උන් විතරයි කියලා... හෙහ් හෙහ්....

    ඉස්සරනම් තිබුනා නේද පැදවීම වමෙන් කියලා ගහපු වාහන...

    ReplyDelete
    Replies
    1. එක විදියකට සෙන්නාගේ අදහසත් හරිනේද?

      මතක හැටියට වමින් පදවන වාහන ගෙන්වීම නතර කරා කාලෙකට කලින්

      Delete
  2. මෙහේනං තියෙනව සුද්දෙක් පදින ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් වාහනයක් වගෙම නැවක් වගේ හර්ස් එකකුත්.

    ReplyDelete
    Replies
    1. ඔව් තවම පැදවීම වමෙන් වාහන තියෙනවා, අතලොස්සක්

      Delete
  3. හිතන්න හිතන්න එක එක ඒව හිතෙනව...
    දවස් පහක් තිස්සෙම හිතනව කියහන්කො.
    අපූරුයි...

    ReplyDelete
    Replies
    1. //හිතන්න හිතන්න එක එක ඒව හිතෙනව...// :)

      Delete
    2. ඒ සටහන දහස් වටී, මට උවමනා කරා හයිකු ස්ට්යිල් එකට ලියන්න, ඒත් පදපෙල චුට්ටක් ලිහිල් කරා.

      ඉංග්‍රීසියෙන් මෙහෙම ලිව්වා:
      Truth
      Left Traffic
      is
      Driven
      by
      Right
      http://amazingspring.blogspot.com/2016/04/truth.html

      Delete
  4. මිනිස්සුන්ගෙ තියෙන හදිස්සිය සහ අනුන්ට ඉස්සර කිරීමට තියෙන ඕනකම!

    ReplyDelete
    Replies
    1. පදපේලිය කොම්පැක්ට් වැඩි දෝ කියා හිතමින් හිටියේ, මේ සටහන ඒ චකිතය අඩු කරා, සතුටුයි.

      Delete
  5. එක එක වෙලාවට එක එක කතා මැවෙනව අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන බොහෝම සතුටුයි. බොහෝම ස්තුතියි.

      Delete
  6. Aruth godak danenawa. Ape systam eka vama duvavanne danawaadaya kiyana political teruma prabalava denawa. Niyamai.

    ReplyDelete
    Replies
    1. ඔබ බොහෝම සිරුවෙන් පදපෙලේ කිමිදිලා තියෙනවා, බොහෝම සතුටුයි.

      Delete
  7. පදපෙලට පාදක වෙන්නේ පරස්පරය කියන එක. නිකම්ම නෙවෙයි සම්මත එහෙමත් නැතිනම් පිළිගත් පරස්පරය. ඒ සිද්දාන්තය මුල්කරගෙන කරපු විග්‍රහයක්:

    අපේ මාර්ග පද්ධතිය වමෙන්, ඒ වුණාට පදවන්නේ දකුණින්, එය සම්මත නීතිය. වමේ පාරේ වමින්ම පැද යන්නේ පරණ වාහනයක් (අලුතින් ගෙන්වීම නවතා ඇති බැවින්). නැත්නම් හර්ස් එකක්.

    වමෙන් දුවන පාරේ පාගමනින් යන්නේ නම් යායුතු වන්නේ දකුණින් එය මාර්ග නීතිය, ඒ යන්නේ ස්වකීය ශක්තියෙන් ඉදිරියට වුවුද විරුද්ධ දිසාවට. එහෙම නැතිනම් වමින් ගමනේ යෙදෙන දකුණින් දුවවන වාහනයක.

    න්‍යාය හා ප්‍රායෝගික යෙදුම අතර හාත්පසින් වෙනස.

    කෙනෙකු අබිබවා යන තරඟය (ඉහත කොමන්ටුවක නලිනි විසින් විස්තර කර ඇත), ඒකත් සම්මතය.

    සැඟවුන දේශපාලණික අදහස වම මෙහෙයවන්නේ දක්ෂිණාංශික බලය කියන එක.

    (ගල්මුල් ගොඩාක් ඇවිත් තිබුණා, ඒවා පහුගිය සති අන්තයේ දී කුණු කූඩෙට දැක්කුව. කොහොම නමුත් වෙච්ච මහන්සියට ඒ උදවියටත් ස්තුතියි).

    ReplyDelete
    Replies
    1. දේශපාලන අදහසක් නිකමටවත් ආවේ නෑ මටනම්..

      කවුද ඩීන් අයියා හැමදාම ගල් මුල් ගහන උන් ? මේ වගේ බ්ලොග් එකක් එක්ක උන්ට තියන ආරෝව මොකක්ද ?

      Delete
  8. පදපෙල විඳින්න ගොඩ වූ හැමටම බොහෝම ස්තුතියි.
    කොමන්ටුවලට අනේකවර ස්තුතියි. පිළිතුරු ලියන්න පමාවීම ගැන සමාකරනු මැනවි.

    ReplyDelete