Monday, March 25, 2013

රජෙකි අරුමෝසම්



කිරුලෙන්
හිස නොවැසුණ
කල
රජෙකි
නෙක අකුරු හැඩ කර 
අපමණ දෑ
කරතෑකි...
පළඳා කිරුළ
ඇස අඳ කර
කල
අරුමෝසමකි
සාක්කුවේ සොඳින්
වැජඹෙතෑකි...


පියවරින් පියවර යන බ්ලොග් ගමනේ ගල්මල්-Coral අඩවිය තුන්වන වසර සනිටුහන් කරයි. මග මලින් සැරසූ සහෘදයින්ට වගේම ගලින් ශක්තිමත් කර අයට බොහෝ තුති.
  
Amazing Spring හි King when Uncrowned  කියවා බලන්න.  

14 comments:

  1. මගේ උණුසුම් සුභ පැතුම්...!!!

    නමුත් ඔය රජා වැඩියෙන්ම භාවිතා කරණා අය, රජා, බල්ලා මාක් කරලා ඉවරයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි එදා පටන් දෙන දිරියට.

      එකඟයි, ඒ වගේම අඩුවෙන් පාවිච්චි කරන අයට ඊටත් වඩා හරවත් හා වැදගත් යමක් කරන්න තියෙන ඉඩ බොහෝමයි නේද?

      Delete
  2. අවුරුදු තුනට සුබ පැතුම් !

    දැංනං ඉතිං ඔක්කොම සෙල්ලං කී බෝඩ් එකෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි.

      ඔව් කීබෝඩ් එක නම් තමයි, එතැන දී කරත හැකි අකුරු සීමාවෙනවා නේද? පෑන ටූල් එකක් වූ විට ඊටත් වඩා පුළුල් (universal) නොවෙද?

      Delete
  3. මගේ සුභ පැතුම් අය්යා. ගල් සහ මල් අතරින් මෙච්චර දුර ආව ගල් මල් තවත් ඉදිරියටම ගෙන යාමට ආසිරි.
    අපූරුයි සිතුවිල්ල. පෑනක, අකුරක රැඳී ඇති බලය. ඒත් ලියන අය තේරුම් ගන්නවානම් පමණයි නේද?

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි සුබ පැතුමට.

      පෑනේ බලය මතුවෙන්නේත් යටපත්වෙන්නේත් ලියන අත අනුව - අනිවාර්යයෙන්.

      Delete
  4. සුබ පැතුම් ඩීන් අයියා තෙවර්ෂ පූර්ණයට.. !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සෙන්නා

      Delete
  5. මගේ සුබ පැතුම්. කවිකාරකම් ලියැලේවා තව තවත්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඒ පැතුම ශක්තියකි.

      Delete
  6. අවුරුදු තුනට මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිනේශ්. කාලෙකින් ඒ පැත්තේ එන්න බැරිවුනා.

      Delete
  7. දයාබර මල්ලී ඔබට බොහොම සෙනෙහසින් තෙවර්ෂ පූර්ණයට සුබ පතනවා. පෑන කරන හරඹය කෙනෙක්ට හිතා ගන්නවත් බැහැ. සමහරු මෙය හොඳ විදිහට යොදාගන්නවා. තවත් සමහරු අයුතු විදිහට යොදා ගන්නවා. ඉතින් හැම යහපත් දෙයක්මත් ලියැවෙන්නෙත් මේ පෑනෙන්ම තමා. ඔබට සදා ජය පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, පෑනේ බලය ගැන ලස්සන විග්‍රහයක්. බොහෝම ස්තුතියි අක්කේ සුබ පැතුමට.

      Delete