Friday, September 21, 2012

කැලය


එකිනෙක පරදා
ඉහළ නඟින
රූස්ස ගස්...
එසෙවණේ
සරුවට සුරැකෙන
යටිවගාව...
වෙලී
කඳ අතුඉති
ඇදෙන ලතා වැල්...
අත්තටු අඬුපඬු
ඇතිහැකි එවුන්
විඳ පලබර
හලන
පිටපොතු කොළ අතු
බුදින පණුවන්
සරුකරන පස
පොළොව බදාගෙන
කැලය රකින

32 comments:

  1. මිනිස්සුන්ට කැලේ අමතක වෙලා තියන එක තමයි දුක.
    ඩීන් අයියට මම එවපු පණිවිඩේ ලැබෙන්න ඇති කියල හිතනව

    ReplyDelete
    Replies
    1. ජීවිතය මහ පුදුමාකාරයි මල්ලියේ, ඒත් දහදුක් විඳිමින් ඔබ යන ගමන දිරියට යායුතුයි. ඊමේලයට පිලිතුරක් දැම්මා.

      මිහිකත මවගෙන් ලද කැලය ගනන් නොගෙන වනසන නිසා බොහෝ අකරතැබ්බයන්ට ලොව මුහුණපා ඇති බව මාධ්‍ය හරහා අඩුවකින් තොරව අහන්න/කියවන්න ලැබෙනවා නේද?

      Delete
  2. ඩීන් අයියා බොහොම කාලෙකට පස්සෙ !.. බොහොම සතුටුයි නැවත පැමිණීම ගැන. නිවාඩුවත් ගිහින් හිටියද ?

    හැමදාම වගේ මට අදත් පැහැදිලි කිරීමක් අවශ්‍යය වෙයි වගේ.. :-) ඉවෙන් වගේ තේරෙනවා මේ නිකම්ම නිකම් කැලයක් ගැන විතරක් නෙමේ කියලා තියෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. නිර්මාණයේ ගැබ් වූ අදහස් තිස්ස, පොත්ගුල්ලා, නලිනි හා චාන්දි අක්කාගේ කොමන්ටුවලින් විස්තර කර තියෙනවා. ඊට අමතර තවත් අදහසක් පහතින් එක් කරා.

      Delete
  3. "තාත්තා" එහෙම නැත්නම් "අප්පච්චී" කියල කිව්වත් වරදක් නෑ කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. එසෙවණේ දී ලැබෙන සුරැකුවම හිරු මුදුනේ රජයන වෙලාවක හිස් අහසේ ඇදී සෙවණ සදන්න සමත්, හිරු මුවාකරන්න සමත් මහ ඝන වළාවලකටත් වඩා වැඩියි.

      Delete
  4. කැලෑ ගිනිතියන අයට ලක්ෂ දෙකක දඩුවම් කියලා තිබුනා අලි අකුරෙන් පත්තරේ.....

    ReplyDelete
    Replies
    1. සුළු වරදකට එච්චර ලොකු දඩයක්

      Delete
  5. හරිම අපූරු කවියක්. ගැඹුරු යටි අරුතක්.
    මට වැටහුණු විදිහට - සමාජයක පැවැත්මට, ඉහළ පහළ - සුදු කළු හැම චරිතයක්ම අවශ්‍යයි කියන එක ද?

    ඩීන් අයියාගේ නැවත පැමිණීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. තවත් අදහසක් ඔබ ලස්සනට මතු කරා, බොහෝම ස්තුතියි.

      Delete
  6. මදැයි, මට හිතුණෙ එක එක කොම්පැණි ආදිය එකිනෙකා පරයා ඉහළ යාමට දත කද්දි, ඒවගෙ පඩියට සේවය කරන "යටි වගාව" සුරැකිව සිටිනා බව. යටි වගාවෙ පවුලෙ අයනෙ ලතාවන් වගෙ ඔවුන් වෙළාගෙන, ඔවුන් මත යැපෙන්නෙ. පල නෙළා ගන්නෙ ඉතින් ගහකොළ නොවන ඇති හැකි පිටස්තරයින්ම නොවැ. ඒත් ඔවුන් පල නෙළන හින්දම කැලෑව පවතිනවා. :)
    එතකොට පණුවො? ආයතන ඇතුළෙම ඉන්නවනෙ පණුවො.

    ReplyDelete
    Replies
    1. ඒ පණුවො නේද එතකොට ආයතන කා දමන්නෙ.

      Delete
    2. @නලිනි: අදහස අපූරුයි, මේ පොස්ට් එක ගැන ඉදිරිපත් වූ අදහස් කියවද්දි මතකයට ආවේ ඒ දවස්වල නිර්මාණ ගැන විමසුම් ඉදිරිපත් වූ අන්දම ගැන.

      කොම්පැණි ගැන කියද්දි; එය හවුල් ව්‍යාපාරයක් නම් අයිතියේ ආරම්භකයින් නොවන පරපුර පසු කාලයකදී තරඟයේ රූස්ස ගස් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි. එවිට රූස්ස ගස්වලට අනුරූපීව යටිවගාවන් ද සරුවට වැඩෙනවා.

      සොබාවයෙන් හැකියාවෙන් අඩු පණුවෝ නොවෙන්න ගස් යට හැඩි වෙන්න පුලුවන් නොවෙද? (another account to account mass unaccounted).

      පොදු ව්‍යාපාර පාඩු ලබන කියන කොටසට ගේන්න නම් ඇති හැකි පණුවෝ දායක වෙනවා කියන එක භූගෝලීය වෙනසකින් තොරව ලොව පුරා දකින්න පුලුවන් දෙයක්.

      Delete
  7. වෘක්ෂ දේවතාවොත් පිට මගම යති
    මුත්‍ර කරන්නට පමණක් මුලට එති

    කියල තමයි කියන්න වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. කොහෙ ගියත් ඉතින් රත්න ශ්‍රී මතක් වෙනව නේද නුවන් අය්යෙ?

      Delete
    2. අගේ ඇති කියමනක්

      Delete
  8. Replies
    1. බොහෝමත්ම ස්තුතියි

      Delete
  9. අගේ ඇති නිර්මාණයක් අයියා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මල්ලි

      Delete
  10. නිවර්තන වැසි වනාන්තරයක්..!
    රූස්ස ගස්,යටි වගාවන් එහෙම තියෙන්නේ නිවර්තන වැසි වනාන්තරවලනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. කැලය ලියුවේ නිවර්තන වනාන්තරයක් මුල්කරගෙන.

      නිර්මාණයේ ගැබ් වූ අදහස් තිස්ස, පොත්ගුල්ලා, නලිනි හා චාන්දි අක්කාගේ කොමන්ටුවලින් විස්තර කර තියෙනවා. ඊට අමතර තව අදහසක් පහතින් එක් කරා.

      Delete
  11. මේ කියන්නෙ ගෙදරක කොඳු නාරටිය ගැනයි. මහ වනයක් සේම සෙවන දෙන කෙනා ගැනයි. ඒ රූස්ස ගසෙන් පෝෂණය ලැබූවාවූ අපි. හරිම ලස්සනයි ඩීන් මල්ලී. කාලෙකින් ආව එකට හරිම සතුටුයි. සියළු දේම හොඳින් ඉෂ්ඨ වෙන්න පතනවා.

    ReplyDelete
    Replies
    1. අක්කණ්ඩි පදපෙලේ වඩාත් හරබර අදහස මතු කරා.

      මේ පැතුම් සමුදාය ලොකු ශක්තියක්, බොහෝමත්ම ස්තුතියි අක්කේ.

      Delete
  12. Post eka gana adahas dakvuu haa comment kala hamotama bohoma stuti. pasuva pilituru liyannam, pamaava gana samaa karanu manavi.

    ReplyDelete
  13. Replies
    1. ගල්මල් අඩවියට හරසරින් පිළිගන්නවා. බොහෝමත්ම ස්තුතියි ඔබට.

      Delete
  14. නිර්මාණය ගැන අදහස තිස්ස, පොත්ගුල්ලා, නලිනි හා චාන්දි අක්කා එක් කල සටහන් වලින් අපූරුවට මතු කර තියෙනවා, බොහෝමත්ම ස්තුතියි.

    ඊට අමතරව තවත් අදහසක්: බලය නැමැති පොරයේ දී මතුවෙන/දිළෙන අය සෙවනේ සුරැකෙන ඊට පහල ස්ථරයන් ද තම වාසනාව/හැකියාව අනුව ඒ ඒ මට්ටම්වල සැරි සරමින් පල නෙලන්න/බුදින්නන් ද ඒ කිසිම වරමක් නැති කැලයේ පහලම මට්ටම වන පියාපත් හෝ පා ද නැති අසරණ (ගැඩවිලන්, බිම් පණුවන් වැනි) එවුන් ගෙන් සැදුම් ලත් කැලය...

    වැල් මහ ගස් තරම් ශක්තිමත් නැතත් (දෘඩ කඳක් නැති නිසාම) රිසි පරිදි ඕනෑම ගසක වෙලී ඉහළින් ඉහළට යන්න සමත්.

    මොන ස්ථරය පල භුක්ති වින්දත් මහපොළවට වැටෙන කුණු කුන්දරාව කඩා වැටෙන්නේ අරකී අසරණ පණුවන් උඩට, ඒවා දිරවන්න වෙන්නේ ද එවුන්ටම. එහෙත් පෝෂණය වෙන්නේ උස් මිටි ගස්වැල්.

    කැලය තවත් පැත්තකින් බල පිරමිඩයේ කතාවයි.

    ReplyDelete
    Replies
    1. හරිම වටිනා පැහැදිලි කිරීමක් ඩීන් මල්ලී.

      Delete